බයිස්කෝප් වෙබ් අඩවිය ගොඩක් කල් ඉඳන් භාවිතා කරන නිසා මටත් උපසිරැසියක් කරන්න හිතුනා. මේ මගේ පලවෙනි උපසිරැසිය. අඩුපාඩු තියෙන්න පුලුවන් බලලා ඒ ගැන කමෙන්ට් දාන්නකො. බයිස්කෝප් වෙබ් අඩවියෙන් මේ නොමිලේ කරන දේ නම් අගය කල යුතුමයි. බයිස්කෝප් කණ්ඩායමට ඒ වෙනුවෙන් ස්තූති කරන ගමන් ඉදිරියටත් හොඳින් කරගෙන යන්න සුබ පතනවා.
මං තෝරගත්ත චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්.මේක අපි කවුරුත් දන්න බාබී කතාවක්. බාබී චිත්‍රපටි ගොඩක් අය ආසාවෙන් බලන කතා මාලාවක්. Barbie : Spy Squad කියන්නෙත් 2016 දී තිරගත වුන බාබී වටා ගෙතුන ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක පැය එකයි මිනිත්තු පහලොවක් පුරා දිවෙන අපූරු කතාවක්.
බාබී සහ ඇගේ යහලුවන් දෙදෙනා වන ටෙරේසා සහ රෙනේ දක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන්. එයාලගෙ දක්ෂතා දැකලා එයාලව එක්තරා රහස් නියෝජිත ආයතනයකට බඳවාගන්නවා. මේ වෙලාවේ රෙනේගේ නැන්දාගෙ රහස ගැනත් එයාලා දැනගන්නවා. එයාලට මෙහෙයුමක් ලැබෙනවා එයාලා වගේම ජිම්නාස්ටික්වලට දක්ෂ, හොරෙක්ව අල්ලන්න. එයාලා කොයිතරම් දුරට සාර්ථක වෙනවද, එයාලට හොරා අල්ලන්න පුලුවන් වෙයිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්නකො.
Due to copyright issues, we do not provide any torrent links.
Barbie.Spy.Squad.2016.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
276 downloads