ඔන්න එහෙනම් තවත් උපසිරැසයක් අරගෙන ආවා.මේක ඇනිමේෂන් ෆිල්ම් එකක් වගේම මේක ඇවිත් තියෙන්නේ 2015 වර්ෂයේ.හොද පිටපත් ආවේ සති කිහිපයකට උඩදී.ඒත් හරියන උපසිරැසයක් තිබ්බේ නැහැ.ඉතින් නෙට් එකම පීරුවා ඉංග්‍රීසි සබ් එකක් හොයාගන්න.ඒ හොයලත් හම්බවුණේ නැහැ.පරණ සබ් එකක් තමා ලැබුණේ.ඔයාලට මේ සබ් ඒකෙ තියෙන වීඩියෝ පිටපත් හොයාගන්න පුළුවන්නම් ගොඩක් හොදයි. එහෙම නැත්තම් ඔයාලට මේක බ්ලූරේ පිටපත් වලින් එහා මෙහා කරගෙන තාම බලන්න වෙන්නේ.කථාව පැත්තට හැරුණොත්,
අවුරුදු ගණනාවකට කලින් හූපා(එක් තරා පොකිමොන් කෙනෙක්) කෙනෙක් ලෝකයට පැමිණෙනවා.ඔහු මුළු ඩහරා ප්‍රදේශයම විනාශ කරලා දානවා.නමුත් එක් තරා බලගතු මිනිහෙක් හූපාගේ බලයන් කුප්පියකට දාලා සිර කරනවා.ඉන්පසු අවුරුදු ගාණකට පස්සේ මෙම කුප්පිය බරාස් නමැති කෙනෙක් අතට පත්වෙනවා.එතැනදී ඔහුගේ අතින් කුප්පිය විනාශ වී යක්ෂ බලවේගය නැවතත් එළියට පැමිණෙනවා.ඉතින් ඔතනට පොකිමොන් කණ්ඩායම පැමිණෙනවා.ඉතින් මෙයාලට ආයෙත් මේ යක්ෂ බලවේගය කුප්පිය ඇතුළට යවන්න පුළුවන් වෙයිද?නැත්තම් හූපා ලෝකය විනාශ කරයිද?කතාව ඔයාලටම බාරයි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Pokemon.the.movie.hoopa.and.the.clash.of.ages.2015.720p.hdtv.x264-regret_id_2_lang_en
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
56 downloads