කොහොමද යාළු. මගේ දෙවන උපසිරැසිය විදියට මං මේ පාරත් ගෙනාවේ කොරියානු චිත්‍රපටයක්. Miss Granny කියන මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 2014 ජනවාරි 22. IMDb අගය 7.3 ක් ගත්ත මේ චිත්‍රපටය කොමඩි චිත්‍රපටයක්. ප්‍රධාන චරිත වලට පණදෙන්නෙ Shim Eun Kyung නමැති නිළිය හා Na Moon hee නම් නිළිය. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Hwang Dong hyuk.
චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියනවා නම් මේ කතාව ගෙතිලා තියෙන්නේ “මල් සූන් ” කියන අවුරුදු 70ක විතර ආච්චි කෙනෙක් වටා. මල් සූන්ට ඉන්නේ එකම පුතෙක් විතරයි. මල් සූන් ගොඩක් දුක් විඳලා තමයි හ්යුන් චුල් පුතාව ලොකු මහත් කරලා තියෙන්නේ. කොහොමහරි හ්යුන් චුල් විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයකු වෙනවා. දැන් හ්යුන් චුල් විවාහ වෙලා එයාට ලොකු දරුවො දෙන්නෙකුත් ඉන්නවා. මල් සූන් හ්යුන් චුල්ගෙ බිරිඳත් එක්ක මත ගැටුම් ඇති කරගන්නවා. මේ අතර හ්යුන් චුල්ගෙ බිරිඳට හදිසියේම අසනීප වෙනවා. හ්යුන් චුල් හිතන්නෙ බිරිඳගෙ අසනීපයට මුල එයාගෙ අම්මා වන මල් සූන් කියලා. බිරිඳගෙ ජීවිතය බේරගන්න ඕනෙ නිසා හ්යුන් චුල් මල් සූන්ව වැඩිහිටි නිවාසයක නවත්තන්න තීරණය කරනවා.
මේ කරදර අස්සෙ එක පාරටම මල් සූන්ගෙ ජීවිතයේ ලොකු වෙනසක් වෙනවා. ඒ වෙනස මොකක්ද කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
මේ මගේ දෙවැනි උපසිරැසිය නිසා අඩුපාඩු ගොඩක් ඇති. හොඳ නරක ගැන Comment එකක් දාන්න යාළු.
ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Miss.Granny.2014.BluRay.1080p.DTS.x264-CHD
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
161 downloads