ඔයාල හැමෝටම සුබ දවසක් යාලුවනේ.මුලින්ම ගංවතුර නිසා අවතැන් උන අපේම අය වෙනුවෙන් අපි හැමෝම පුලුවන් විදියට උදව් උපකාර කරමු කියන ඉල්ලීම කරනව වගේම ජීවිත අහිමි උන අයට නිවන් සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු කියන ඉල්ලිමත් කරනව. ඉතින් මේ මගේ තුන්වැනි නිර්මාණය.මේක ජර්මනියේ සංචාරයක් ගිය තරුණ ගැහැනු ලමයෙක් වටා ගෙතුනු කතාවක්. මම කතාවෙ සමහර තැන්වල ජර්මන් දෙබස් කිහිපයක් ඇතුලත් උනත් මම බාගනිපු english sub එකේ එවට අදාල dialogs දීල නෑ කියල මැදක් හරියට යනකොට තමයි දැක්කෙ. එක කතාවට හානියක් වෙන එකක් නැතිඋනත් ඒ පිලිඹදව කණගාටු වෙනව.imdb 6.5 ක් වන මේ movie එකේ ඔයාල ගොඩක් දන්න theresa palmer තමයි ප්‍රධාන නිලියට පන පොවන්නේ.
කතාව ගැන කිව්වොත් ක්ලෙයර් කියන්නෙ ඔස්ට්‍රේලියාවෙ ඉදල ජර්මනියෙ සංචාරයක් සදහා යන තරුණියක්.ඇයට එහෙදි අහම්බෙන් ඇන්ඩි කියල තරුණයෙක් හම්බවෙනව. ඉතින් මේ දෙන්න අදුනගෙන ඇන්ඩි දවසක් එයා ඉන්න තැනට ක්ලෙයර්ව එක්කන් යනව.පසුවදා උදේම ඇන්ඩි දොරත් ලොක් කරල වැඩට ගිහින් තිබුනත් ක්ලෙයර්ට යන්න දොරේ යතුර දීල ගිහින් නෑ. ක්ලෙයර් ඒක ඇන්ඩිට අමතක වෙන්න ඇති කියල හිතුවත් ඊට පහුවදාත් ඒ වගේම වැඩක් ක්ලෙයර්ට වෙනව.පස්සෙ තමයි ඇයට තේරුම් යන්නෙ ඇය ඉන්නෙ මර උගුලක කියල.කතාව ඔය විදියට තමා යන්නෙ.
එහෙනම් ආයෙත් එකක් අරන් එනකන් මම නවතිනව.ඔයාල හැමෝටම ජය.
Due to copyright issues, we do not provide any torrent link.
Berlin.Syndrome.2017.1080p.WEB DL.DD5.1.H264 FGT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
743 downloads