Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

12 Monkeys [S03 : E01] with Sinhala Subtitles |සාක්ෂිකරුගේ ආගමනය[සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් කස්ටියට වුණු පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නෙ. ඒ කියන්නෙ 12 Monkeys 3 වැනි කතාමාලාව අරගෙන එන්නයි යන්නෙ.ඉතිං මුලින්ම කියන්න ඕනෙ 12 Monkeys 3 වැනි කතාමාලාව කොටස් 10කින් සමන්විතයි. ඒ වගේම මෙවර එහි පළමු කොටස් 4, 2017 මැයි මාසයේ 19 වෙනිදාත් තවත් කොටස් 3 නක් 2017 මැයි මස 20 වැනිදාත්, ඉතුරු කොටස් 3න 2017 මැයි මස 21 වැනිදාත් ලෙස කොටස් 10 යම එකවර නිකුත් කිරීමට SYFY නාලිකාව කටයුතු කළා. ඒ කියන්නෙ මෙහි කොටස් 10 නිකුත්වෙලා අවසන්. ඉතිං මම මට හැකි උපරිම ඉක්මණින් ඒ සියල්ලටම උපසිරැසි ලබාදීමට කටයුතු කරන්නම්.

ඉතිං දෙවන කතාමාලව ගැන පොඩ්ඩක් මතක් කළොත්, 1957 දී සිදුවන විරුද්ධාභාෂය නිසා 2044 දී ඇතිවන කුණාටුවක් නිසා පහසුකම, යන්ත්‍රය යන සියල්ල විනාශ වෙනව. නමුත් එම විනාශයට පෙර එම විරුද්ධාභාෂය නතර කිරීමට කෝල් සහ කැසී 1957 වෙත යවනවා. ඒ වගේම රැම්සේ, ජෙනීෆර්, හැනා ඇතුළු දියණියන්ගේ පිරිස ටයිටන් සොයා යනවා. ඒ වගේම 1957 ට යන කෝල්ට සහ කැසීට එම විරුද්ධාභාෂය නතර කිරීමට නොහැකි වෙනවා. ඉතිං එම විරුද්ධාභාෂය මගින් ඇතිවන පිපුරුමෙන් කැසීව කෝමා තත්වයට පත්වෙනවා. ඒ වගේම ඇයට සිහිය පැමිණෙන්නේ මාස 6 යකට පසුව. ඉතිං ඒ වනවිට කෝල් ඇයව දමා ගිහින්. ඒ වගේම කෝල් භාවිතා කරන අනිත් නමින් ඇය ඔහු ගැන සොයනවා. ඒ වගේම ඔහු පදිංචි වී සිටින ස්ථානයක ලිපිනයක් ඇයට ලැබෙනවා. කැසී කෝල්ව හොයාගෙන එහි යනවා. ඉතිං ඔවුන් දෙදෙනාට 1958 ම රැදී සිටීමට සිදුවෙනවා. ඒ 2044 යන්ත්‍රය විනාශ වී ඇති ඇති නිසා. ඒ වගේම 2044 දී රැම්සේ, වෛට්ලි, ඩීකන් හා හැනා සාක්ෂිකරුව සොයාගෙන ටයිටන් තුලට යනවා. එලෙසින්ම ඔවුන් සාක්ෂිකරුව සොයාගන්නවා. නමුත් ඔවුන් නොසිතන පරිදි එතෙන්ට සාක්ෂිකරුගේ පිරිස පැමිණ ඔවුන් සියලු දෙනාම මරා දමනවා. ඉතිං කැසී සහ කෝල් 1958 ම ජීවත් වීමට සිතනවා. ඒ වගේම කැසීට කෝල්ගෙන් දරුවෙකු ලැබීමට යනවා. නමුත් කෝල්ට හමුවෙන අයෙක් පවසන දෙයින් ඔහු රතු තේ පානය මගින් නැවතත් අතීතය වෙත යනවා. අතීතය වෙත ගොස් විරුද්ධාභාෂය වීම නතර කරනවා. ඒ වගේම එම විරුද්ධාභාෂය නතර කිරීම නිසා අනාගතයේ සිදුවන විනාශය නතර වී ඔවුන් නැවත 2044ට යනවා. ඉතිං කලින් වුණ හැමදේම එයින් වෙනස් වෙනවා. ඔවුන් එකතුවී ටයිටන් වෙතට පහර දෙනවා. නමුත් එහි සාක්ෂිකරු සිටින්නේ නැහැ. ඒ වගේම ටයිටන් යනු ඔවුන්ගේ කාල යන්ත්‍රය බව ජෝන්ස් සොයාගන්නවා. ඒ වගේම එය ක්‍රියාකිරීමට පටන් ගන්නා බැවින් හැමදෙනාම එයින් ඉවතට පැමිනීමට කටයුතු කරනවා. නමුත් ඩීකන් සාක්ෂිකරුගේ පිරිසෙන් ඝාතනයට ලක්වෙනවා. ඒ වගේම ජෙනීෆර් 1917 ප්‍රංශ – ජර්මන් යුද්ධය වෙතට කාල තරණය වෙනවා. නමුත් කැසීට ටයිටන් වලින් පිටවීමට හැකිවන්නේ නැහැ. සාක්ෂිකරුගේ පිරිස පැමිණ ඇයව අල්ලා ගන්නවා. ඒ වගේම දැන ගැනීමට ලැබෙනවා සාක්ෂිකරු යනු වෙනකිසිවෙකුත් නොවේ කැසීගේ සහ කෝල්ගේ දරුවා බව.

ඉතිං ඒ විදිහට තමයි දෙවන කතාමාලාව අවසන් වුනේ. ඒ වගේම තුන්වන කතාමාලාව ආරම්භ වෙන්නේ එතැන් සිට. එහෙනම් තුන්වන කතාමාලාව සමග එකතුවෙන්න කියල ඉල්ලා සිටිනවා. ඉතිං ඉතුරු කොටස් නමයටත් හැකි ඉක්මණින් උපසිරැසි ලබාදෙන්නම්. ඒ වගේම මෙහි 4 වැනි කතාමාලාවකුත් නිකුත්වන බව දැනට සදහන් වෙනවා. ඒ ගේම එය දැනට ආරංචිවෙන පරිදි 2018 තමයි විකාශය වෙන්නේ. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.

සුබ දවසක්……..!!!!!!!!

 

12 Monkeys on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

12.Monkeys.S03E01.HDTV.x264-SVA[eztv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>