Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Gotham [S03 : E21- E22] with Sinhala Subtitles |හැමවෙලේම බලාපොරොත්තුවක් කියලා දෙයක් තියනවා… . [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Gotham S3-2

මා පුතීලා දුවලා ටිකක් පමා උනා, අවසන් කොටසට කොටස් දෙකක්ම එකට ආපු නිසා ලයින් ගාන වෙනදාට වඩා වැඩියි. මුලින්ම කලින් කොටස් තුන කරලා දුන්න ලියෝට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඒවගේම අයිසොම්බිය මේ දවස් ටිකේ ඇදගෙන යන භාශිත්ටත් ගොඩාක් පිං. වැඩි කතා නැතුව එහෙනම් ගෝතම් වල අවසන් කොටස දිහාවට හැරෙමු.
කාගෙත් අවධානය මේ වෙලාවේ යොමුවෙලා තියෙන්නේ ගෝතම් වලට පැතිරුනු ටෙච් වෛරසය ගැන. ඇල්ෆ්රඩ් බෘස්ව බේරගන්න වෙලාවට ආවත් බෘස්ගේ තේ තිබුන ඩෙටනේටර් එක අර සීයා කාරයා පැනලා එබුවානේ. දැන් කොරන්න දෙයක් නෑ. නගරය පුරාම වෛරස් එක පැතිරිලා. කොරන්න දෙයක් නෑ කිව්වාට නැත්තෙමත් නෑ. ස්ට්‍රේන්ජ් ඒකට ප්‍රති වෛරසයක් හදලා තියෙනවා. ඒක තමයි එකම බලාපොරොත්තුව. වෛරයේ ගිනිදැල් අතරේ පෙන්ගුයින් සහ නිග්මාගේ විරසකවීම ආයෙත් වතාවක් අවසානයක් දකින්න කලින් ෆිෂ් එතනට කඩන්පාත්වෙලා පෙන්ගුයින්ව අරගෙන ගියානේ. එතකොට ලීගේ වැඩ නිසා ගෝඩ්න්ට වෛරස් එක එන්නත් කරගන්න සිද්ධවුනා. ඔහොම තමයි ඉතින් කලින් සතියේ සිද්ධවුන දේවල්.
අවසාන කොටසේ නම් ගොඩාක් දේවල් සිද්ධවෙනවා. ෆිෂ්ට ආයෙත් ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධවෙනවා. එතකොට බෘස්ගේ මොලය සෝදලා තියෙන්නේ. එයා හිරෙන් පැනලා යනවා අධිකරණයේ නායකයා අර හොයාගෙන යන්න කියපු සර්පයාගේ හිස හොයාගෙන. එතන ඉන්නේ කවුරුත් නෙමෙයි රාස් අල් ගුල්. එතනදී බෘස් පස්සෙන් ගියපු ඇල්ෆ්රඩ්ට අවාසනාවන්ත ඉරණමකට මූණදෙන්න සිද්ධවෙනවා. එතනින් ගියාම කොකාට වාරයක් කලින් ආවා වගේ මේපාර ඔන්න තිත්තයාටත් වාරයක් එනවා. කොහොමින් කොහොමහරි පෙන්ගුයින් නිග්මාට අන්තිමේ වැඩේ දෙනවා. ගෝතම් බලාගන්න කෙනෙක් අවශ්‍යම කාලයක් උදාවෙලා තියෙන්නේ. ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි කතාව අන්තිමේදී, මිනිස්සුන්ගේ කරදරයකදී උදව් වෙන ඔයාලා ඉදිරියේදී බලාපොරොත්තු වෙන කෙනාගේ මුල් පියවර. එහෙනම් ඉතින් මේ විදියට ගෝතම් කතාමාලාවේ අවසානය සනිටුහන් කරනවා. හතරවෙනි කතා මාලාවෙන් අපි නැවත හමුවෙමු එහෙනම්. ඔයාලාගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපා. හැමෝටම ජය!!!

 

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>