කොහොමද යාලුවනේ…ඔන්න මම ආයෙමත් ආවා. ඒ අලුතෙන්ම විකාශය වෙන කතාවක් අරගෙන. ඒකත් ඉතිහාස කතාවක්. සොහොයුරන් දෙදෙනෙකු අතරට මැදිවෙන වංශවත් දියණියක් ගැනයි මේ කතාව. ඉතින් එහෙනම් අපි බලන්න පටන් ගමු නේද……..
1 කොටස
යොන්ග් සන් ගුන් රජතුමා තමන්ගේ පියාගෙන් පස්සේ බලයට පැමිණුනත් ඔහු තමන්ගේ කිරුළ ගැන බියෙන් තමයි පසුවෙන්නේ. ඊට හේතුව වෙන්නේ පියා මිය යාමට පෙර කරන ප්‍රකාශයයි. තමන්ගේ අර්ධ සොහොයුරා වන යොක් තරුණ වියට පැමිණි පසු කිරුළ ඔහුට බාර දිය යුතු බවට පිය රජතුමා ඔහුට පවසනවා. යොන්ග් තමන්ගේ බාල සොහොයුරාට කොතරම් සෙනෙහසක් දැක්වුවත් තමන් නීතිමය නොවන දරුවෙක් නිසා බාල සොහොයුරාට පියාගෙන් ලැබෙන දැඩි සෙනෙහස හමුවේ ඔහු තමන්ගේ බාල සොහොයුරාට වෛර කරනවා. කාලය ගෙවී යද්දී යොන්ග් සන්ග් රජුගේ රාජ්‍ය කාලයේදි රට තුල විශාල නියඟයක් ඇති වෙනවා. ඊට පිලියමක් ලෙස තමන්ගේ බාල සොහොයුරා විවාපත් කලයුතු බවයි නිලධාරීන්ගේ අදහස වෙන්නේ. එයින් තමන්ගේ කිරුළට තර්ජනයක් ඇතිවෙන බව දන්නා රජතුමා ඒ විවාහය සඳහා තමන්ගේ විශ්වාසවන්තම සේවකයාගේ දියණියව තෝරාගන්නවා. රාජ්‍ය ලේකම් තුමාගේ දියණිය තමයි ඒ. ඒත් ඇයව පවුලෙන් ඈත් කර පිටිසර ගම්මානයක හොර රහසේ ඇතිදැඩි කරන අතර උසස් පවුල් වලින් ලැබෙන සියලුම විවාහයන් ප්‍රතික්ෂේප කරන බවටයි ආරංචි පැතිරෙන්නේ. කෙසේ හෝ අහම්බයෙන් ඇයට මේ දෙසොහොයුරන්ම හමුවීමට අවස්ථාවක් ලැබෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
4 downloads