Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Sweet November (2001) with Sinhala Subtitles |ආදරනීය නොවැම්බරය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ආයුබෝවන් යාලුවො ඔක්කොටම..මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය.මීට කලින් baiscopelk අඩවියේ මේ චිත්‍රපටියට තිබුනෙ තිබුනෙ ලිපියක් විතරයි.. ඉතින් මට හිතුන මේ ලස්සන ආදර කතාවට සිංහල උපසිරැසියක් එක් කරන්න. මේ චිත්‍රපටිය මම Notebook(2004) පස්සෙ නරඹපු ලස්සනම ආදර කථාවක් තියෙන චිත්‍රපටිය. ඉතින් ඒ චිත්‍රපටියට සිංහල උපසිරැසියක් නොතිබූ අඩුපාඩුව මම අද සපුරනව..

මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කරන්නෙ 2001/07/13..IMDB මීටරය 6.7 කට කරකවන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනව. ඔබ මම කවුරුත් දන්න නළු නිළි දෙපලක් වන Keanu Reeves(නෙල්සන්) හා Charlize Theron(සාරා) මේ චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය සපයනව.

හරි කතාවට යමුකො..නෙල්සන් කියන්නෙ තමාගේ රැකියාවටම කැපවුන තරුණයෙක්. එම නිසා ඔහුට ජීවිතයේ බොහෝ දේවල් අහිමි වෙනව. එතකොට සාරා කියන්නෙ නෙල්සන්ට වඩා හාත්පසින් වෙනස් චරිතයක්.. ඇය ජීවිතය දිහා ඉතා සැහැල්ලුවෙන් බලන්නෙ. මෙයාල දෙන්න දවසක් විභාග ශාලාවකදි හමුවෙනව. එහිදී නෙල්සන් කරන වැරැද්දක් නිසා සාරාව ඒකට මාට්ටු වෙනව. දවස් 30කට විභාගයත් ඇයට තහනම් වෙනව. පස්සෙ නෙල්සන්ට දුක හිතිල සාරාට මුදලක් දෙන්නෙ හදද්දි සාරා ඒක ප්‍රතිකේෂ්ප කරනව. ඒ වෙනුවට ඇය වෙනත් දෙයක් ඉල්ලනව.. සාරා මොකක්ද මේ ඉල්ලන දේ, ඒකට නෙල්සන්ගෙ ප්‍රතිචාරය කොහොම වෙයිද. සාරාගෙ මේ හැසිරීමට හේතුව මොකක්ද.. මේ ඔක්කොම දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනව.

මුල ඉදල අවසන් වෙනකන් පොඩ්ඩක්වත් කම්මැලි නැතුව බලන්න පුලුවන් මේ ආදර කථාව ඔයලත් එහෙනම් විඳගන්න.16+ අය බලනව නම් හොදයි ඉතින්. තව එකක් ඔයාගෙ වටින කාලෙන් තප්පර 20-30 ක් වැය කරල කමෙන්ට් එකක් කොටාගෙන යන්න. ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ,

              ” ඔයාගෙ ලඟ ඉන්න අයට ඔයාට පුලුවන් උපරිමයෙන් ආදරය කරන්න..
                                           මොකද අපේ ජීවිතේ සදාකාලික ජීවිතයක් නොවන නිසා…”

කලින් පළකර තිබු ලිපිය

කවුරුහරි ඇහුවොත් ලෝකයේ ලස්සනම ප්‍රේම චිත්‍රපටි මොනවද කියලා, අමතක නොකර කියන්න ඕනෙ කතාවක් තමයි මේක. Keanu Reeves හා Charlize Theron ප්‍රධාන චරිත වලට පණ පොවන මේ චිත්‍රපටියේ එන මේ සිංදුව සෑහෙන්න ජනප්‍රිය වුනා. කතාව කෙටියෙන් මෙහෙමයි.

තමන් ගැන අධිමානයෙන් සිතන, යාන්ත්‍රික ජීවිතයක් ගතකරන කෙනෙක් තමයි Nelson කියන්නේ. රියැදුරු බලපත්‍රය අවලංගු වෙලා, නැවතත් ඔහුට රියැදුරු විභාගයට පෙනී සිටින්න වෙනවා. අපේ කතානායිකාවත් විභාගෙ ලියන්න ඔතනටම එනවා. දෙන්නා පොඩි කොප්පක් දාන්න ගිහින් Sarah ට විභාග ශාලාවෙන් එළියට යන්න වෙනවා. Sarah අමුතු කෙල්ලෙක්. වරදට සමාව ලෙස Nelson හොඳට බ්ලැක් මේල් කරනව. Nelsonගෙ හැසිරීම ගැන දැන ගන්න Sarah එක මාසයක් තමන් සමඟ ජීවත් වෙන්න එන්න කියනවා. මේ අමුතු හැසිරීම නිසා Sarah ව මග හරිනවා. එහෙත්…

වැඩපොලේ සිදුවන සිද්ධියක් නිසා Nelsonව රැකියාවෙන් පහ කරනවා. සියළුම දේ අහිමි වන Nelsonට ඉතුරු වෙන්නේ Sarahගේ ආරාධනය පමණයි. මින් පස්සේ කතාව අමුතු පැත්තකට හැරෙනවා. කතාව නම් ලස්සනේ බැරුවා. ප්‍රේමය කියන හැඟීම කොච්චර අනපේක්ෂිත විදියට ඇති වෙනවද කියන එක අපිට මේ කතාව බැලුවම හිතාගන්න පුලුවන්. A Walk To Remember බලපු අය නම් හිතයි, ඒ කතාව හැදුවේ, මේ කතාව බලලද කියල.

Sweet November (2001) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Sweet November 2001 720p HDTV x264-GABE.Eng
Sweet November.DVDRip.en

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>