ටිකක් පරණ සලරුවක් උනාට බයික් වලින් වැඩ දාන එකක් නිසාත්, කලින් බලලා තියෙන අයට අනිවාර්යෙන් මේක දැක්කම බලන්න හිතෙන නිසාත් ඔන්න Torque (2004) ට සිංහල දැම්මා. මේ චිත්‍රපටයේ වීඩියෝ වලින් විවිධ ගීත වලට සමහර අය විෂුවල් කරලත් තිබ්බා මට මතකයි. ඒකෙන්ම හිතාගන්න පුලුවන් ඒ දවස්වල මේ චිත්‍රපටය අපේ අය කොච්චර ආසාවෙන් බලපු එකක්ද කියලා. ඒ වගේම අද තියෙන චිත්‍රපට එක්ක බලද්දී තාක්ෂණය අඩුවක් නැතිවම භාවිතා කරලා තියෙනවා මේකට. කේරි ෆෝඩ් (Martin Henderson) කියන්නේ සුපිරි බයිසිකල් ධාවකයෙක්. ඔහුට බලාගන්න දෙන බයික් දෙකක තිබිලා මත්ද්‍රව්‍ය (Crystal Meth) වගයක් හමුවෙනවා. ඉතින් ඔහු ඒවා අයිතිකාරයාට නොදී ඉන්නකොට ඔහු ෆෝඩ් පස්සෙන් පන්නනවා ඒවා හොයාගෙන. ඒ වගේම පොලිසියේ කෙනෙකුත් සම්බන්ධ වුනාම වැඩේ තවත් අමාරු වෙනවා. අර මත්ද්‍රව්‍ය අයිතිකාරයා කරන මිනීමැරුමක් යන්නෙත් ෆෝඩ් ගේ අතින් වුන මිනීමැරුමක් විදිහට. ඒකෙන් බෙල්ල මුලටම එරිලා ඉද්දී කේරි ෆෝඩ් කොහොම බේරෙයිද? වැඩි විස්තර කියන්න යන්නේ නෑ.
IMDB දර්ශකයට වැරදිලාද කොහෙද එච්චර අගයක් නැත්තේ. මේ සුපිරි චිත්‍රපටය මට මතකයි ඉස්සර රූපවාහානී නාලිකාවලත් පෙන්නුවා. අර ධාවනය වෙන කෝච්චියක් ඉස්සරහින් බයික් එක පන්නන්නේ. සුපිරි බයික් වැඩ ටිකක් තියෙන්නේ. නමුත් ඉතින් නොබලපු අයත් ඇතිනේ. ඒ අයටයි ආයෙත් බලන්න ආසාවෙන් ඉන්න අයටයි හැමෝටම ආරාධනා කරනවා රසවිඳින්න කියලා
Due to copyright issues, we do not provide any torrent links.
Torque.2004.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
427 downloads