Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Yaman (2017) with Sinhala Subtitles |සමහරක් දේවල් ඔයා දැනගන්නත් හොද නෑ [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න නොහිතපු වෙලාවක කරදර ගොඩක් එක්ක කරපු උපසිරැසියක් තමයි මේ ගේන්න ලෑස්ති වෙන්නෙ. ඉතින් මේ උපසිරැසිය අපේ සහෝදරයෙක් තමයි බාරගෙන තිබුනේ, හැබැයි එයාගෙ අතින් පොඩි පොඩි අඩුපාඩු වගයක් සිද්ද වෙච්ච නිසා උපසිරැසිය මට බාර වුනා. ඇත්තම කියනවනම් බලෙන් දුන්නා.  ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ අඩවියේ දරුණුම පුද්ගලයා වන ලෝගන් අයියා. එයා දෙයක් කිව්වොත් කිව්වම තමා, උපසිරැසිය දෙන්න පරක්කු වුනා කියලා මාත් එක්ක තිබුනු රාජත්රන්තික සම්බන්දතා නවත්තනවා කිව්ව.  හි.. හි.. ඉතින් මාත් උපසිරැසිය ඉක්මන්ට දෙන්න ඕනි කියල පුලුවන් ඉක්මනින් කළා, හැබැයි නොහිතපු වෙලාවක උපසිරැසියේ අන්තිම ලයින් 300ක් වගේ තියෙද් දී මගේ ලැප් එක කැඩුනා. ඒ වෙලාවේ මට පොළොව පලාගෙන යන්න හිතුනා. කොහොම හරි ලැප් එකත් හදාගෙන ආයෙ මුල ඉදල මට උපසිරැසිය කරන්න සිද්ද වුනා. හරි එහෙනම් අපි කතාව පැත්තට යමු.

ඉතින් මේ “යෙමන්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Jeeva Shankar. ඒ වගේම කතාවත් ලියල තියෙන්නෙ එයාම තමයි. රංගනයෙන් දායක වෙන්නේ ගිය අවුරුද්දේ ගොඩක් ජනප්‍රිය වුණු Pichaikkaran චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන Vijay Antony. ඒ වගේම ප්‍රධාන නිළිය Mia George. මෙයා මලයාලම් චිත්‍රපට ගොඩක රංගනයෙන් දායක වෙලා තියෙනවා. මන් දන්න විදියට මේ “යෙමන්” චිත්‍රපටය Mia George පළමුවන දමිල චිත්‍රපටය වෙන්න ඕනි.

කතාව මේකයි, අරවුඩි නම්බි කියන්නේ තමිල් අරසන්ගෙ තාත්තා [අපේ හීරෝ.] ඉතින් කතාව පටන් ගන්නකොටම අරවුඩිනම්බිව තන්ගපාණ්ඩි මරල දානවා. [ඉතින් ඒකට හේතුව කතාව බලනකොට ඔයාලට තේරෙයි.] ඉතින් ඒ දුකට අපේ තමිල්ගේ අම්මත් වහ බීල මැරෙනව. අපේ තමිල් ජීවත් වෙන්නේ එයාගෙ සීයත් එක්ක. ඉතින් කාලය ගෙවෙද්දී තමිල්ගේ සීයට පිළිකාවක් හැදෙනවා. ඩොක්ටර් කියන විදියට ඒකට ඉක්මනින් සැත්කමක් කළේ නැත්නම් සීයගේ ජීවිතය නැති වෙන්න පුලුවන් කියල කියනවා. හැබැයි සීයගේ සැත්කමට විශාල මුදලක් වැයවෙනවා. ඉතින් එච්චර සල්ලියක් නැති නිසා තමිල් හැමෝගෙන්ම සල්ලි පොලියට ඉල්ලුවත් කවුරුත් එයාට සල්ලි දෙන්නෙ නෑ. ඉතින් දවසක් මෙයාට නොසිතූ විදියට යාළුවෙක්ව මුණ ගැහෙනවා, ඒ නැති වෙච්ච පර්ස් එකක් මාර්ගයෙන්. ඉතින් මෙයාල කතා කර කර ඉන්නකොට යාළුවට ඇමතුමක් එනවා. ඒ ඇමතුමට කන් දීගෙන හිටපු තමිල් එයාගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක් ද කියල. ඒ වෙලාවේ එයා කියනවා සතියකින් රට යන්න ඉන්න කොල්ලෙකුගෙ අතින් රිය අනතුරක් සිද්ද වෙලා තියෙනවා ඉතින් ඒක මම කළා කියල කවුරු හරිභාර වුනොත් එයාට ලක්ෂ පහක මුදලක් දෙනව කියල. වෙලාවේ හැටියට තමිල් ඒ වැඩේට කැමති වෙලා හිරේට යනවා. ඉතින් මෙතනින් පස්සෙ එයාගෙ මුළු ජීවිතයම වෙනස් වෙනවා. හිරේට යන තමිල්ට මොකද්ද සිද්ද වෙන්නෙ? එයාගෙ ජීවිතේට මේක කොහොමද බලපාන්නේ? ඉතින් හැමෝටම ආරාධනා කරනවා බලන්න මේ සුපිරි චිත්‍රපටය!

ඒ වගේම මේ වෙලාවේ මට ස්තූතී කරන්න කෙනෙක් ඉන්නවා,  ඒ මගේ ගුරුතුමන් වන දුල්ෂාන් විමුක්තිව. එයා නැත්නම් ලැප් එක ඉක්මනින් හදාගන්න වෙන්නේ නෑ :p එහෙනම් තවත් මේ වගේ ලස්සන චිත්‍රපටයකින් ඉක්මනින් හමු වෙමු! සහ පමාවට සමාව.

Yaman (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilRockers.cx – Yeman (2016) Tamil HDRip x264 400MB.mkv

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>