ඔන්න වාර්තාගත පරක්කු වීමක් සමග ලුසිෆර් කතාමාලාවේ අවසාන කොටස ගෙනාව. දැන් නම් එපා වෙලත් ඇති මං හිතන්නේ, මේක එනකල් සයිට් එක රීව්‍රෙශ් කරලා රස්තියාදු වෙලා ගිය බයිස්කෝප් රසිකයන්ගෙන් සමාව ඉල්ලන්න ඕනි. එතකොට පණිවිඩ වලට දිගට හරට උත්තර බැන්ඳත්, උත්තර දෙන්න බැරිඋන අයගෙනුත් සමාව ඉල්ලන්න ඕනි අවසාන වශයෙන්. මං කරපු උපසිරැසි ගැනීම් වලින් මං හිතන්නේ හතරෙන් දෙකක් යන්න ඇත්තේ මේ කතාමාලාවට. කොච්චර වැඩපිට වැඩ වැටුනත් ලුසිෆර් කතාවට ඇති ආසාව නිසාම ඒ වැඩ අස්සෙම කරන්න ඕනි උනා. පළමු කතාමාලාවත් පරක්කු උනා දෙවෙනි කතාමාලාවත් පරක්කු උනා. කොච්චර පරක්කු උනත් මේක එනකල් මග බලන් හිටපු අයත් නැතුවාම නෙවෙයි. පරක්කු උනාම කමෙන්ට් දාලා බැනලා ගිය අයත් ආය දැම්මට පස්සේ ස්තූතියි කියන අයත් දැක්කම, පොඩි කළකිරීමකුත් ඇතිවෙනවා. මේකෙන් පොඩි හරි ආත්මතෘප්තිමයක් එන නිසයි මේ සබ් කිරිල්ල අල්ලන් ඉන්නේ, නැතුව ලාභ ප්‍රයෝජන එහෙම බලාගෙන නෙවෙයි. ඒ කොහොම උනත් ආය සමාව ඉල්ලන්න ඕනි අවසන් කතාව ඔයාලට දෙන්න පරක්කු උන එකට.
අද කතාවේ වෙන්නේ කඩුව ක්‍රියාත්මක වෙනඑක. කොහොමහරි දැන් ලුසිෆර් ගේ අම්මට ඕනි වෙලා තියෙන්නේ කඩුව අරගෙන ගිහින් තාත්තව මරලා දාන්න. ඒත් ඒ කඩුවේ අන්තිම කෑල්ල තියෙන්නේ ඇමෙනඩිල් ගේ කරේ. ඇමෙනඩිල්ට පොඩි මාන්නෙකුත් ඇවිල්ලා තියෙන්නේ මොකද ඒ කොටස සාමාන්‍යයෙන් දෙන්නේ තාත්තගේ ප්‍රියතම පුතාටලුනේ. දැන් හිතාගෙන ඉන්නේ එයා තමයි තාත්තගේ ප්‍රියතම පුතන්ඩියා කියලා. කලින් කතාවේ ඒකිව්වේ 17වන කතාවේ චෙට් ඇවිල්ලා ලුසිෆර් ගේ අම්මට පිහියෙන් අනිනවා දැක්කනේ එතකොට අම්මගේ ඇඟෙන් ආලෝකයක් පිටවෙලා චෙට්ගේ මූණ කරවෙනවත් දකින්න ඇති. දැන් ඒ මරණ පරීක්ෂණය භාරව ඉන්නේ අපේ පරීක්ෂකතුමිය. ඒ ගැන විපරමින් තමයි ඉන්නේ. ලුසිෆර්ගේ අම්මා හිතන් හිටියට කඩුව අරන් තාත්තව විනාශ කරන්න ලුසිෆර් එක්ක, ලුසිෆර් සැළසුම් කරන්නේ එහෙම නෙවෙයි. වෙන දෙයක් ඒක දන්නවා ඇති. අම්මව හිරකලා දාන එක. එතකොට අම්මයි තාත්තයි මරාගනීවීනේ. මේසුත් ඉන්නේ දැඩිකලකිරීමෙකින් මොකද එයාට මේ සැළසුම් ගැන ලුසිෆර් කියලා නැහැනේ. වලියකුත් ගියා දකින්න ඇති. ඔය ජරමර අස්සේ ලින්ඩටත් අද හොඳ සංග්‍රයක් හම්බෙනවා. කාගෙන්ද කියලා බලාගන්න අද් කතාව බලන්න.
මේ කතාව කොටස් විසිඑක දක්වා දීර්ඝ කරලා තිබ්බ එක දහඅටෙන් ඉවර කරලා. ඒත් ඒ ඉතුරු කොටස් තුන්වෙනි කතාසමයට එක්කරන්නයි අධ්‍යක්ෂවරු සහ ෆොක්ස් නාලිකාව තීරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ සීසන් තුනේ මැදක් වෙනකල් රූගත කරලා ඉවරයි කියන එක. තාම නිකුත් වන දවසක් කියලා නැහැ, බොහෝදුරට ඔක්තෝබර් වගේ ඒවී. එදාට ලුසිෆර් කතාමාලාවේ තුන්වෙනි සීසන් එකට උපසිරැසි ගේන්න අලුත් මුහුණක් ඒවී. මං ඉතින් කොහොමහරි ඇද ඇද මේක ගෙනාවනේ. අඩුපාඩුත් තියෙන්න ඇති. ඒවත් ඉවසගෙන මෙච්වර කාලයක් ලුසී එක්ක රැඳීසිටිය හැමෝටම ස්තූතියි. සීසන් එක හා දෙක බැලුව ඔයාලට අදහසක් දක්වන්න ඕනි නම් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් බාගෙන යන්න. ඩවුන්ලෝඩස් තියෙනවා නම් එච්චරයි. එහෙනම් මං ගියා.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer – 02×18 – The Good, the Bad, and the Crispy.AVS-SVA.English.HI.C.orig.Addic7ed.com
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
43 downloads
<<Previous Episode All Episodes Next Episode>>