” කන්තෝරුව, කන්තෝරුව මම වැඩ කරන..
එතන තමයි මා හට ඇති විනෝද උයන…”
ගොඩක් අයට නම් තමන් වැඩ කරන තැන අර කිව්වා වගේ විනෝද උයනක් නම් නෙමේ. උදේට වැඩට යන්නේ මස් කඩේට දක්කන් යන හරකෙක් ගානට මූණ හදාගෙන. හැබැයි බෙල්කෝ සමාගමේ වැඩ කරන අපිට නම් ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කිව්වත් වගේ විනෝද උයනක්ම තමා. කවුරුත් වැඩට එන්නේ ආසාවෙන්. බෙල්කෝ එකේ වැඩට එනවා කියන්නේ එයාගේ ඉදිරි ජීවිතේම සුබයි කියනවා වගේ තමා. ඉලක්කම් හයක මාසේ පඩිය, තමන්ටම කියලා පාවිච්චි කරන්න හම්බෙන වාහනේ, ඒ විතරක්ද තමන්ටම කියලා හොඳ අංග සම්පුර්ණ ගෙයක්. ෆෝන් එකක්, සමාගම ගානේ ක්‍රෙඩිට් කාඩ් එකක් ඔය වගේ ගොඩක් ගොඩක් දේවල්… හිතාගන්නත් බෑනේ?
තවත් අලුත් දවසක්. පුරුදු විදිහට බෙල්කෝ සමාගමේ වැඩ කරන කට්ටිය හිනා පිරිච්ච මූණු ටික අරන් කාර්යාලයට ආවා….හැබැයි එයාලා දැනගෙන උන්නා නම් මේ ගෙවෙන්නේ එයාලගේ ජීවිතේ අන්තිම පැය කිහිපය කියලා?????
BlumHouse නිෂ්පාදන සමාගම දන්නවනේ. Insidious, The Conjuring, Annabelle, Jessabelle, Purge, Sinister, Paranormal Activitiy, Get Out, Split කියන පට්ට පතුරු Horror චිත්‍රපටි අරන් ආවේ මෙයාලා තමා. අද මේ දෙන්න යන්නේ එයාලගේ අලුත්ම නිමැවුම. එහෙනම් මීට එහා කියන්න දෙයක් නෑනේ, ට්‍රේලරේ බලන්න. බෙල්කෝ සමාගමේ හිරවෙලා ජීවිතේ බේරගන්න පොඩි උත්සහයක් දෙන්න. චිත්‍රපටිය අවසාන වෙන විදිහට හිතෙනවා තවත් කොටසක් එයි කියලා. බලමුකෝ නේද? එහෙනම් විඳින්න, බයවෙන්න, කෑගහන්න. අපි ගියාවේ!

Due to copyright issues, we do not provide any torrent links.
The.Belko.Experiment.2016.720p.BluRay.H264.AAC-RARBG
66 downloads