Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

12 Monkeys [S03 : E03] with Sinhala Subtitles |සතුරාගේ සතුරා.[සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වන කතාමාලාවේ 03 වන කොටස. ඉතිං පසුගිය කතාවේදී කෝල් සහ ජෝන්ස් 1922 වෙත යනවා. ඒ ජෙනීෆර් ව සොයාගෙන. ඒ වගේම 1922 ජෙනීෆර් රගපාමින් සිටිනවා. ඒ ප්‍රසිද්ධියක් ලබාගෙන ඒ මගින් අනාගතයට ඇය සිටින කාලය ගැන දැන්වීමට. ඒ වගේම ජෙනීෆර් පවසන එළි දරව් කිරීමේ අසරුවන් සතර දෙනාද 1922 වෙත පැමිණෙනවා. ඒ වගේම ඔවුන්ගෙන් කෙනෙක් රංග ශාලාව වෙත පැමිණ ජෙනීෆර්ව ඝාතනය කිරීමට උත්සහ කරනවා. නමුත් එවලෙහිම එහි පැමිණෙන කෝල් සහ ජෝන් වෙඩි තබා ඔහුව ඝාතනය කරනවා. ඒ වගේම ඔහුත් අනාගතයෙන් පැමිණෙන කෝල් ඇද සිටින ආකාරයේ කාල තරණය කරන යන්ත්‍රයක් ඇදගෙන සිටිනවා. නමුත් වෙඩි තැබීම නිසා එය විනාශ වෙනවා. ඒ වගේම ජෙනීෆර් පවසනව වදුරන් 4 දෙනෙක් විරුද්ධාභාෂ පෙට්ටියකුත් රැගෙන එම කාලය වෙත පැමිණ ඇති බව. ඒ වගේම කෝල් සහ ජෝන්ස් ඉතුරු තිදෙනා සහ විරුද්ධාභාෂ පෙට්ටිය සොයාගෙන යනවා. ඒ වගේම ඔවුන් වදුරන් ගෙන් දෙදෙනෙකු ඝාතනය කිරීමට සමත් වෙනවා. නමුත් ඉතිරි වෙන අනිත් කෙනා කෙසේ හෝ ඔවුන් ගෙන් බේරී අතීතය වෙත යනවා. ඒ ගොස් අතීතයේ ඇයටම මේ ගැන පවසලා ඔවුන්ගේ කාල රේඛාව වෙනස් කරනවා. ඉතිං ඒ මගින් කෝල් ගේ සහ ජෝන්ස් ගේත් කාල රේඛාව වෙනස් වෙනවා. ඉතිං ඒ වගේම දැක ගැනීමට ලැබෙනවා එම පෙට්ටිය තුළ සිටියේ වෙන කවුරුවත් නොව වදුරන් සාක්ෂිකරු යැයි පවසන කෝල් ගේ සහ කැසීගේ දරුවා බව. ඒ වගේම පසුගිය සතියේදී රැම්සේ ඔහුගේ පුතා සිටින තැනට පැමිණෙනවා. නමුත් සාක්ෂිකරුගේ පිරිසගේ පහර දීමක් නිසා ඔහුව ඝාතනය වෙනවා. ඒ වගේම අවසානයේදී රැම්සේ ඔලිවියාව අල්ලාගෙන නැවත පහසුකම වෙත පැමිණෙනවා.

ඉතිං මේ කොටසේ විකාශය වන්නේ ජෝන්ස් ඇතුළු පිරිස ඔලිවියාගෙන් සාක්ෂිකරු කොහෙදැයි දැනගැනීමට දරන උත්සහය ගැන. ඒ වගේම අපි මැරුන කියල හිතාගෙන සිටින තවත් අයෙක් තවමත් ජීවත්ව සිටිනවා. එහෙනම් මේ කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා. ඊළග කොටසින් හමුවෙමු.

සුබ දවසක්……..!!!!!!!

12 Monkeys on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

12.Monkeys.S03E03.HDTV.x264-SVA[eztv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>