ලෙගෝ කිවම ලංකාවේ අයට නම් ගොඩක් නුපුරුදු වචනයක් වෙන්නැති. හැබැයි පිටරට අයට නම් ලෙගෝ කියන්නේ බාල මහලු හැමෝම කැමති බ්‍රික් ජාතියක්. ඒ කියන්නේ අර අපි පොඩි කාලයේ කෑලි කෑලි අමුනලා සෙල්ලම් ගෙවල් හදන්නේ. ඒ වගේ මේ ලෙගෝ බ්‍රික් වලිනුත් ගොඩක් දේවල් හදන්න පුලුවන්. ඒ වගේම කාලෙන් කාලෙට එක එක තීම් වලින් මේ ලෙගෝ බ්‍රික් එනවා. ලංකාවට නම් එන්නෙම නැද්ද මන්දා. කොහොම හරි ලෙගෝ බ්‍රික් කියන්නේ ගොඩක් ජනප්‍රිය දෙයක් වුනා.
ඉතින් මේ ලෙගෝ කියන බ්‍රික් පාදක කරගෙන 1970 වල පවා පොඩි පොඩි විඩියෝ කෑලි හැදිලා තිබුනා. හැබැයි 2003දි තමයි එයාලගේ මුල්ම නිල විඩියෝ එක වුන Bionicle: Mask of Light නිෂ්පාදනය කලේ. ඊට පස්සේ කාලෙන් කාලෙට එක එක ප්‍රසිද්ධ කතා පදනම් කරගෙන ලෙගෝ වීඩියෝ එයාලා හැදුවා. Lego DC Comics Super Heroes: Justice League vs. Bizarro League, Lego Scooby-Doo! Haunted Hollywood, Lego DC Comics Super Heroes: Justice League: Gotham City Breakout වගේ කතා තමයි එයාලා නිර්මාණය කලේ. ඉතින් ඊට පස්සේ ලෙගෝ ඉතිහාසයේ අලුත් පෙරලියක් ඇති කරමින් වොනර් ඇනිමේෂන් සමාගම එක්ක එකතු වෙලා ලෙගෝ කම්පැනිය 2014 දී ලෙගෝ ෆිල්ම් එකක් නිකුත් කලා. ඒකෙ නම වුනෙත් The Lego Movie කියලමයි. ඉතින් ඒ ෆිල්ම් එකේ සාර්ථකත්වය නිසා මෙයාලා ආයෙමත් ලෙගෝ ෆිල්ම් එකක් හදන්න තිරණය කරලා තිබුනා. ඔයාලා දන්නවනේ ඉතින් ඇනිමේෂන් ෆිල්ම් එකක් හදන්න තියෙන අමාරුව. ඉතින් ඒ නිසා පළවෙනි ෆිල්ම් එකෙන් අවුරුදු 3කට පස්සේ තමයි අද මම මේ ඔයාලට අරගෙන ආවා The Lego Batman Movie නිකුත් වුනේ. ඔන්න ඉතින් කෙටියෙන් මම ඔයාලට ලෙගෝ ෆිල්ම් වල ඉතිහාසය ගෙනාවා. ඒ වගේම කියන්න ඕනි ලෙගෝ කියලා ගොඩක් ප්‍රසිද්ධ ගේම් එකකුත් තියෙනවා. ලෙගො බ්‍රික් ලෝකයේ වගේම ඒකෙත් ගොඩක් චරිත තියෙනවා වගේම ගොඩක් දේවල් හදලා තියෙනවා. ඒ ගැන මෙහෙම කියන්න බෑ, ඒ ගැන දැනගන්න නම් ගේම් එක සෙල්ලම් කරලම බලන්න වෙනවා.
මම කරපු ටිවි සිරියස් ඉවර වුන නිසා අහම්බෙන් වුනත් මට මේ ෆිල්ම් එකක් කරන්න ලැබුනා. ඒ ඉතින් අපේ හසා අයියා නිසා තමයි. සබ් එක ගොඩ කාලයකට කලින් කරලා ඉවර වුනත් ලිපියක් ලියලා මේල් කරන්න බැරිවුන නිසා සයිට් එකේ සබ් එක පලවෙන්න ගොඩක් කල් ගියා. ඇත්තම කතාව වැඩත් එක්ක මේ සබ් එක යවන්න තියෙනවා කියලා අමතක වෙලාම ගියා. කමක් නෑ පරක්කු වෙලා හරි ඔන්න මම ඔයාලට සබ් එක අරගෙන ආවා. ෆිල්ම් එක ගැන ටිකක් කිවොතින් ෆිල්ම් එකේ නමේ විදියටම මේ කතාව පාදක වෙලා තියෙන්නේ බැට්මෑන් කතාවත් එක්කයි. බැට්මෑන්ගේ ප්‍රධාන හතුරා ජෝකර්නේ. ඉතින් ජෝකර් බැට්මෑන් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. එයා බැට්මැන්ගෙන් ප්‍රශංසාව ගන්න තමයි මේ හැම නරක වැඩක්ම කරන්නේ. හැබැයි ඉතින් බැට්මෑන්ට නම් ජෝකර් ගැන ගානක්වත් නැති විදියට තමයි ඉන්නේ. ඒක ඉතින් ජෝකර්ට අල්ලන්නේ නෑ. ඒ නිසා එයා අපරාධ කරන එක නවත්වනවා. එතකොට ජෝකර් මොකද කරන්නේ? ඒකෙන් බැට්මෑන්ට මොනවා වෙයිද? ජෝකර් මේ මොකාටද එන්න හදන්නේ කියලා අපි මේ කතාවෙන්ම බලමු. කියන්නම ඕනි මේ කතාව සාම්ප්‍රදායික බැට්මෑන් කතාවකට වඩා ගොඩක් වෙනස් වගේම ගොඩක් ජෝක් වලින් පිරුණු කතාවක්. ඉතින් ඒවා කොයි තරම් හොදයිද කියලා ඔයාලම බලලා තිරණය කරන්න… . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/Bluray පිටපත් සඳහා අදාළ වේ.
582 downloads