සුභ දවසක් සියළුම දෙනාට…!!!
ෆිලුම පැත්තට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඉස්සරට සාපේක්ෂව දැන් මලයාලම් ෆිල්ම් බලන ගණන ගොඩක් ඉහල ගිහින් තියනවා. ඒ දවස් වල මලයාලම් ෆිලුමකට සබක් කලාම ඩව්න්ලෝඩ් ගාන 1000ට ගියෙත් හරි අමාරුවෙන්. දැන් මලයාලම් ෆිල්ම් වලට ඊට වඩා ඉහල ඩව්න්ලෝඩ් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා මා කලින් උපසිරැසි යෙදු Ennu Ninte Moideen(2015), Life of Josutty (2015), Pathemari (2015) වගේ ෆිල්ම් බලපු නැති අය ඉන්නවා නම් ඒවාත් බලන්න කියලා ඉල්ලා සිටිනවා. ෆිලුම ගැන කියන්න කලින්ම මේ දේ මතක් කරන්න හිතුනා.
Annayum Rasoolum(2013 ). මේක මලයාලම් චිත්‍රපටයක්. IMDB අගය 7.3/10ක් වෙනවා. Fahadh Faasil සහ Andrea Jeremiah තමයි ප්‍රධාන චරිත දෙක නිරූපණය කරන්නේ. මේක 2103 වසරේ ඉහලම ආදායම් වාර්තා කල මලයාලම් ෆිලුම් වලින් එකක්. මම කලින් උපසිරැසි ලබා දුන් Maheshinte Prathikaaram(2016), Iyobinte Pusthakam(2014) ෆිල්ම් බලලා තියනවා නම් Fahadh Faasil ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. Mohanlal,Mammootty, Prithviraj Sukumaran වගේ මලයාලම් සිනමාවේ දැවැන්තයන් ගොඩටම දාන්න පුළුවන් තවත් කෙනෙක් විදියට Fahadh Faasil අවිවාදයෙන් සඳහන් කරන්න පුළුවන්.
රසූල් කියන්නේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. මෙයා මුස්ලිම්. ඇනී කියන්නේ ඇඳුම් කඩේක වැඩ කරන ක්‍රිස්තියානි කෙනෙක්. රසුල්ට ඇනී ගැන ආදරයක් ඇති වෙනවා. ගොඩක් කල් ඇනීගේ ආදරේ ඉල්ලගන යන රසුල්ට ඇනීගේ ආදරේ දිනා ගන්න පුළුවන් වෙනවා. ඒත් ඇනීගේ ගෙදරින් මේ සම්බන්දයට විරුද්ද වෙනවා. ඒ නිසා මේ දෙන්න පැනලා යන්න සිද්ද වෙනවා. එතනින් පස්සේ මේ දෙන්නාට ගොඩක් ප්‍රශ්නවලට මුණ දෙන්න වෙනවා. මේ දෙන්නට තමන් බලාපොරොත්තු වෙන ඒ ජීවිතේ ගත කරන්න පුළුවන් වෙයිද? ඇනීට මොනවා වෙයිද ? රසූල්ගේ ඉරණම කොයි වගේ වෙයිද? කියලා ඔයාලා ෆිලුම බලලම හොයා ගන්න. මේක ගොඩක් ලස්සන ආදර කතාවක්. කතාව වැඩිය කිව්වොත් ඒක බලන කෙනාට කරන අසාධාරණයක්. ඒ නිසා පොඩ්ඩක් තමයි කිව්වේ. මලයාලම් බලන කෙනා මේක කොහොමත් බලනවා කියලා දන්නවා.අනිත් අයටත් ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා.
මීළඟට අරන් එන්න හිතාගන ඉන්නේ Nivin Paulyගේ සුපිරිම ෆිලුමක්. එතෙක් ඔබට ජය වේවා….!
Due to copyright issues, we do not provide any torrent links.
Annayum Rasoolum (2012) 1CD DVDRip x264 ESubs
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
149 downloads