Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Originals [S04 : E13] with Sinhala Subtitles |සැමවිටම හා සදහටම’හී අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Originals S3P2

හෝප්ගේ ඇගට ආවේශ වෙච්චි හොලොව් එයාව හුගක් දුරටම අල්ලගෙන තිබුණේ. නමුත් කිසිම කෙනෙක්ට දැනුනේ නෑ එයාට එහෙම දෙයක් වෙලයි කියලා. ඒත් වින්සන්ට් අර පොත පාවිච්චි කරලා හොලොව් නොහොත් ඉනාඩුගේ අම්මට ලගාවෙලා එයා කලින් හොලොව්ව විනාශ කරන්න පාවිච්චි කරපු මන්තරේ දැනෙගන ඒක පාවිච්චි කරලා එයාව විනාශ කරන්නයි වින්සන්ට්ගේ සැලසුම වෙලා තිබුණේ. ඒත් ඒ වෙද්දී හොලොව්ගේ අනුගාමිකයෝ එතනට ඇවිත් වින්සන්ට්ට පහර දීලා පොත අරන් යනවා. එතකොට තමයි දැනගන්නේ හොලොව් තාමත් ඉන්නවා කියලා. මොකද හෙයිලි එදා විනාශ කලේ එයාගේ ශරීරය විතරයි. මතකනේ හෙයිලි හා ෆ්‍රේයා එදා එයා ඉන්න කාමරේට එද්දී ඒකි මොනාද මගුලක් බිබී හිට්යා. අන්න ඒකෙන් තමයි අර ශරීරය මාරු කරන වැඩේ සිද්දවුණේ. මේ අතරේ මාසෙල් කොහොමහරි කරලා සොෆීයාවත් ඇහැරවගත්තා. එතකොට එයත් කියනවා හොලොව් තාමත් ඉන්නවා කියලා. රෙබෙකයි, හෙයිලියි විතරක් ඉන්නකොට ක්ලවුස් පස්සේ මැසේජ් එකක් එවනවා හොලොව් තාමත් ඉන්නවා කියලා. ඒත් ඒ වෙද්දී හොලොව් රෙබේකාට පහර දීලා ඉවරයි. පස්සේ ෆ්‍රේයා එයාව සිහි නැති කරලා හෝප්ගේ ආත්මය පෙන්ඩන්ට් එකට යවන්න හදනවා. ඒත් කරන්න වුනෙත් නෑ මොකද ඒ වෙද්දී හොලොව් පිස්සුවෙන් වගේ හැමෝටම පහර දෙන්න අරන් ඉවරයි.

මේ අතරේ ක්ලවුස් හා එලයිජා ගියා හොලොව්ගේ අනුගාමිකයෝ මරලා අර පොත අරගන්න. එතකොට තමයි මේ දෙන්නට දැනගන්න ලැබෙන්නෙත් දැන් අලුත් හොලොව් තමයි මේ ලෝකේ ඉන්න බලගතුම මායාකාරියව අරක්ගෙන කියලා. මේ අතරේ අර පොතත් නැති එකේ වින්සන්ට්ට සිද්දවුණා මැරෙන්න. මැරිලා ඉනාඩුගේ අම්මා ලගට ගිහින් අර මන්තරේ අරගන්න. බාධක හුගක් මැද්දේ ගිහින් එයා එයාට ඕන කරන දේ අරගත්තා. පස්සේ ගියා හොලොව්ව කොටු කරගන්න. ඒ වෙද්දී ඉතින් එයා හැමෝටම පහර දිලා ඉවරයි. හොලොව්ගෙන් හෝප්ව ඈත් කරලා තියන්න ක්ලවුස් ගියා හෝප් තනිවෙලා ඉන්න ලෝකෙට. කෙටියෙන් කිව්වොත් ඉතින් සැලසුම් ඔක්කොම වගේ අසාර්ථක වීමක් තමයි කලින් කොටසේදී දකින්න ලැබුනේ. හැමෝටම හෝප්ව නැති උනා. හෝප් තමයි සදාතනික හොලොව් බවට පත්වුණේ. එයා එයාගේ අනුගාමිකයෝ මෙහෙයවන්නයි ලෑස්තිය. ඒත් මේ අතරේ වින්සන්ට් කිව්වා හෝප්ව හොලොව්ගෙන් බේරගන්න විදිහක් තියෙනවා හැබැයි මේක තමයි “සැමවිටම හා සදහටම” හී අවසානය වෙන්නේ කියලා. ඒ කියන්නේ ඉතින් සුපුරුදු පරිදි අවසානය හොද එකක් වෙන්නේ නෑ කියන එකනේ.

අද අවසාන කොටසින් බලාගන්න පුළුවන් වේවි මොකක්ද ඒ වින්සන්ට්ගේ උපක්‍රමය කියලා. ඉගියක් දෙන්නම්. කලින් වතාවේ මතකනේ හොලොව්ව විනාශ කරලා කට්ටිය එයාගේ ඇටකටු ආරක්ෂා කරපු විදිහ. කොහොම නමුත් මං හිතපු විදිහටම මෙහ් කතාව කලින් වැම්පයර් ඩයරීස් එකට සම්බන්ධ කලා වගේම අවසානය සම්බන්ධ කරන්නෙත් මිස්ටික් ෆෝල්ස් වලට. කොහොමත් පොඩි රූමර් එකක් තිබුණා ඔරිජිනල්ස් වලට වැම්පයර් ඩයරිස්වල කැරොලයින් එකතු වෙනවා කියලා. ඒත් ඉතින් වුණේ නම් නෑ මේ සමයේ. ඒත් ඔරිජිනල්ස් වල අවසානය වෙච්චි විදිහට නම් ඊලග එකේදී නම් අනිවාර්යෙන්ම කැරොලයින් සම්බන්ධ වීමක් වෙයි. කෙටියෙන්ම කියනවනම් මං දැකපු දුක හිතෙනම අවාසනය තිබුන කතා සමය හැටියට මේ හතරවන කතාසමය හදුන්වන්න පුළුවන්. කැමති නම් පහල තියෙන හෑල්ල කියවලා යන්න. නැත්තම් ආපු වැඩේ විතරක් කරන් යන්න.

මං මේ ගැන සුපර්නැචුරල් අන්තිම කොටසිනුත් කිව්වා. ඒත් ඒක නොබලන යාලුවෝ ඇතියි කියලා හිතලයි කියන්නේ. පුරා කතාසමයන් දෙකක් පුරාවටම මං ඔරිජිනල්ස් කතාමාලාව අරගෙන ආවා. කොටින්ම මේ කතාමාලාවවත් ගේන්න නම් නෙවෙයි හිටියේ. ඒත් ඉතින් “හැම චාරිකාවම අවසානයක් තියෙනවා. මං හිතන්නේ මේක තමයි මගේ චාරිකාවේ අවාසනය.” ඒ කිව්වේ ආයේ මගේ උපසිරැසි කරන ජීවිතේ අන්තිම හරිය. ආයේ නම් උපසිරැසි කරන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ ආස උනත්. චිත්‍රපට නම් කිහිපයක් ලැබෙන්න තියේ. ඒ ටිකෙන්ම මෙහෙමම ඉවරයක් වෙලා යාවි. දුකයි ඉතින් මොනවා කරන්නද. හුගක් අපහසුම කාලයක් තමයි මේ ලගා වෙලා තියෙන්නේ. සමහරු කියයි පුද්ගලික කතන්දර අදාලම නෑ. එහෙම ඒවා නම්වෙ පහුගිය ටිකේ අපේ කට්ටියට අහන්න ලැබුණා. ඒ ගැන කතා නොකර ඉන්නම්න්න. කාරී නැහැ සුපර්නැචුරල් නම් මේ වෙද්දී සුපිරි චරිතයකට දීලා තියෙන්නේ. මේකත් එයාටම හො වෙනින් හොද කෙනෙක්ට දෙන්නම්. එහෙනම් ඉතින් අසා සිටි සියළු දෙනාට ස්තුතියි මං ගියා.

එහෙනම් ඔන්න පවුලේ කතාවක අවාසනය මේ විදිහට සනිටුහන් කරනවා. ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා! ජය!

ගැලපෙන පිටපත්

The.Originals.S04E13.HDTV.x264-KILLERS
The.Originals.S04E13.720p.HDTV.x264-KILLERS
The.Originals.S04E13.XviD-AFG
The.Originals.S04E13.480p.x264-mSD
The.Originals.S04E13.720p.HEVC.x265-MeGusta
The Originals S04E13 720p HDTV HEVC x265-RMTeam
The.Originals.S04E13.720p.HDTV.2CH.x265.HEVC-PSA

 The Originals (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>