කොහොමද යාලුවනේ,මගේ නම මලිත් මේක මගේ පළවෙනි සබ් එක. අඩුපාඩු නම් ඇති,ඔන්න ඒකට දැන්ම සමාව ඉල්ලුවා . මේ Film එක නම් ටිකක් විතර පරණ එකක් 2009 එකක් එත් සුපිරි එකක්, Film එක ගැන නම් වැඩිය කියන්නෑ මොකද මේ Film එක ගැන කලින් බයිස්කෝප් එකේ ලිපියක් පලවෙලා තියෙන නිසා. හැබැයි මේකේ ඉන්න චූටි නංගී ගැන නම් කියන්නම ඕන. එයා නිසාම Film එක බලන්න ආස හිතෙනවා. හේතුව බලලම දැනගන්නකො..
මමත් ඔයාලා වගේම සබ් බාගෙන ෆිල්ම් බලන කෙනෙක් තමයි. ඉතින් මටත් හිතුණා සබ් එකක් කරන්න.සබ් එක කරද්දී තමයි දුම දැම්මේ . අලුත් අලුත් වචන හම්බෙනවා ඒවයේ තේරුම හොයන්න මහාචාර්ය කෙනෙක් ගෙන්න ඕන. මාර ගේමක් දුන්නේ සබ් එක කරන්න, එතකොට තමා මට තේරුනේ සබ් කරන යාලුවෝ කන කට්ට. කොහොම කොහොමහරි සබ් එක කරා. ඉතිං මන් හිතුවා තවත් සබ් එකක් කරමු කියලා. හැබැයි ඒක ඔයාලට බාරයි. ඔයාලා සබ් ඕන ෆිල්ම් යට Comment එකක් දාන්න මන් පුළුවන් විදිහට කරලා ඔයාලාට දෙන්නම්.
මේ ෆිල්ම් එක අපි වගේ ලොකුවට ඉන්න පුංචි අපි වෙනුවෙන්මයි.
එහෙනම් බාගෙනම බලන්නකෝ….
කලින් පළකර තිබු ලිපිය
අද මම කට්ටියටම දෙන්නේ පවුලේ සැමට රස විඳින්න පුළුවන් අළුත්ම කතාවක්. පොඩි නංගිලා මල්ලිලා ඉන්න බයිස්කෝප් සිංහලෙන් පාඨකයෝ හැමෝම මේක අනිවා බාගන්න. නැත්නම් විසුමක් නැතිවේවි පොඩි කට්ටියගෙන්.
මේ චිත්‍රපටියේ හොඳට දන්න කියන නිළියකට ඉන්නේ, Ashley Tisdale. HIgh School Musical කතා මාලාවේ මෙයා හිටියා මතක ඇතිනේ. කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි.
Pearsons පවුලේ ළමයි ටිකට සිද්ධ වෙනවා, උඩ තට්ටුවෙන් පැමිණි, දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නැති පිටසක්වල ජීවින් සෙට් එකක සටන් කරන්න. කොට වුනාට මේගොල්ලොන්ගේ බලාපොරොත්තුව ලෝකෙ තම අණසකට ගන්න. දෙමව්පියෝ ළමයින්ගේ මොන වැඩේටත් බාධා වෙන එක මෙතනත් වෙනවා. ලෝකෙ බේරගන්න වෙන්නේ අම්මටයි තාත්තටයි හොරෙන්.. මේ කතාවට පොඩි නංගිලා මල්ලිලා හුඟාක් කැමති වේවි. මුළු සුමානෙම තමන්ටම කියල චිත්‍රපටි බෑව එකේ, අද පොඩි එවුන් ගැන හිතලා මේක බාන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Aliens in the Attic (2009) [720p]
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
317 downloads