කොහොමද හැමෝටම, මේක මගේ දෙවෙනි සබ් නිර්මාණය, මං කොහොමත් ත්‍රාසජනක ඒවට තමා කමති, ඉතින් මේපාරත් ගෙනාව සුපිරිම සලරුවක්. මේක The mid night meat train හෙවත් “මැදියම් රෑ මරණයේ දුම්රිය! ” ලෙස මම නම් කරනවා. IMBD 6.1 අගයක් දරන මෙම සලරුවට බ්‍රැඩ්ලි කූපර් රංගනයෙන් දායක වෙනව. මේකෙ කතාව ත්‍රාසය මැදි වුන ආදර කතාවක් කියන්නත් පුලුවන් හැබැයි මොනා වුනත් කුඩා දරුවන්ට නොසුදුසු දසුන් කීපයක් මේකෙ අන්තර්ගත වෙනව. අධි සන්වේදී අයටනම් බලන්න එපා කියල තමයි කියන්නෙ මම නම්. කෝකටත් trailer එක බලල ඉන්න බයයි වගේ නම්. පුරා දින තුනක් පුරා හදපු මේ උපසිරැසිය අයත් සලරුව ගැන මං ටිකක් කියන්නම්.
ලියෝන් කියන්නෙ හොඳ ආදරවන්තයෙක් වගේම හොඳ ඡායාරූප ශිල්පීයෙක්. එයා ලොකු තරගයකට යන්න විශේෂ ඡායාරූප වගයක් ගන්න මදියම් රෑ සැරිසරද්දි තමයි මේ අත්දකීමට මුහුන දෙන්නෙ. කිසි සේත්ම නොසිතූ ආකාරයේ කරදර වලට මූන පාන ලියෝන් ට අන්තිමේ මොනාද වෙන්නෙ? කොහොමද මේ ගටලුවෙන් එයා මිදෙන්නෙ? එයාගෙ ආදරනීය පෙම්වතියව කොහොමද එයා රැකගන්නෙ ? මේව මගෙත් ඔලුවෙ තිබුන ප්‍රශ්න තමයි. උත්තරේ ගන්න නම් මේක බලන්නම වෙනව. මොකද මේකෙ තේමාව අපිට නොගැලපුනත් ගොඩාක් වටිනා තේමාවක් මේකෙ තියනව. ඉතින් මං ආරාධනා කරනව මම හදපු උපසිරැසි එක්ක මේ සලරුව බලන්න කියල. මං කියන්නෙනම් 1080p වගේ හොඳ කොපියක් ගන්න කියලයි. මාත් සබ්ස් හැදුවෙ 1080p කොපියකට. මොකක් ගත්තත් KM PLAYER එක භාවිතා කරොත් ඔයාට සබ්ස් වල වෙලාවල් සීරු මාරු කරගන්නත් පුලුවන්. එහෙනම් මං ගියා. බලල කියන්නකො කොහොමද කියල.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Midnight.Meat.Train.2008.Directors.Cut.1080p.BluRay.H264.AAC-RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
272 downloads