Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

White Fang (1991) with Sinhala Subtitles |වයිට් ෆෑන්ග් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ආයුබෝවන් යාලුවනේ මම මගේ පළවෙනි උපසිරැසිය අරගෙනයි ආවේ.මේ කතාව වයිට් ෆෑන්ග් කියන වෘකබල්ලෙක් වටා ගෙතෙන්නෙ.මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා වැරදි ඇති ඒවාට ප්‍රථමයෙන්ම සමාව ඉල්ලමින් උපසිරැසිය පිලිබඳ ඔබේ අදහස දක්වන්න කියා ඉල්ලා සිටිනවා.

United States හිදී 1991 වසරේ ජනවාරි 18 දින තිරගත වුණු වයිට් ෆෑන්ග් චිත්‍රපටය IMDb අඩවියේ 6.7 කට රේට් වෙලා තියෙනවා. Jack London ගේ කතාවක් පාදක කරගෙන Randal Kleiser ගේ අධ්‍යක්ෂණයෙන් හා Markay Powell ගේ නිෂ්පාදනයෙන් නිෂ්පාදිත මෙම චිත්‍රපටය ඉංග්‍රීසි බසින් මිනිත්තු 107 ක් පුරා දිවෙයි.1991 වර්ෂයේදී 4වන වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටිය වන මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 34.8 ක Box Office වාර්තාවක් තබා තිබෙනවා.එමෙන්ම Rotten Tomatoes හී 63% ක අගයක් ලබා තිබෙනවා.

ජැක් කොන්රෝයි නම් තරුණයෙක් සැන් ෆ්‍රැන්සිස්කෝ සිට ඇලස්කාවට‍ තමන්ගේ පියාගේ ඉල්ලමේ රත්තරන් සෙවීමට එන කතාවක් ඇසුරෙන් මෙම චිත්‍රපටය දිව යනවා.එහිදී ඔහුට හමුවන තමන්ගේ පියාගේ මිතුරන් වූ ඇලෙක්ස් සහ ස්කන්කර් සමඟ ඔවුන්ගේ නැතිවූ මිතුරෙකු වූ ඩච්ව මිහිදන් කිරීමට යන චාරිකාවේදී අත්විඳින්නට වන ත්‍රාසජනක අත්දැකිම් ඔස්සේ චිත්‍රපටයේ මුල් භාගය දිව යනවා.ඉන් පසු වරින් වර ජැක්ට මුණගැසෙන වයිට් ෆෑන්ග් සමඟ අවසානයේදී ඇතිවන මිතුදම චිත්‍රපටයේ හරය වනවා.ජැක්ට රත්තරන් සොයාගැනීමට හැකිවෙයිද ජැක් හා වයිට් ෆෑන්ග්ගේ මිතුදමේ අවසාන ඉරණම කෙසේ වේවිද.මේ සියල්ල ගැන දැක බලාගැනීමට හැමෝටම ආරාධනා කර සිටිනවා.

එහෙනම් ඊළඟ උපසිරසෙන් හමුවෙමු… ජය වේවා!!

White Fang (1991) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

White.Fang.1991.720p.WEB-DL.HDCLUB

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා ගැලපේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශ්ක විකුම්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>