Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

My Annoying Brother (2016) AKA Hyeong with Sinhala Subtitles |මගේ කරදරකාර අයියා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

මගේ තුන්වන උපසිරැසිය විදියට මේ පාරත් මං අරන් ආවේ කොරියානු චිත්‍රපටයක්. මේකත් ගොඩක් ලස්සන චිත්‍රපටයක්. ජූඩෝ ක්‍රීඩාව ගැන වැඩියෙන් කියැවෙන මේ චිත්‍රපටයේ අයියෙකුගෙයි, මල්ලියේකුගෙයි සහෝදර බැඳීමක් ගැන හරිම ලස්සනට කියවෙනවා.

ගෝ දෝ යොන්ග් දක්ෂ ජූඩෝ ක්‍රීඩකයෙක්. දවසක් ජූඩෝ තරගයක් අතරතුරදී සිදුවන අනතුරක් හේතුවෙන් එයාගෙ ඇස් පෙනීම නැතිවෙලා යනවා. අම්මා, තාත්තා නැති දෝ යොන්ග් ඊට පස්සෙ දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. මෙයාගෙ දුක සැප හොයලා බලන්නෙ ජූඩෝ කෝච් විතරයි. එයා හරිම ලස්සන කෝච් කෙල්ලක්.

දෝ යොන්ග් කියන්නෙ දෝ යොන්ග්ගෙ තාත්තාගේ දෙවන විවාහයෙන් පස්සෙ ලැබෙන පුතා. පළමු විවාහයෙන් ලැබෙන පුතා වන ගෝ ඩූ සික් ඉන්නේ හිරගෙදර. මේ ඩූ සික් මාර කපටියෙක්. ඒ කපටිකම නිසාම දෝ යොන්ග් ගැන කියලා මෙයා හිරගෙදරින් නිදහස් වෙලා එනවා. දෝ යොන්ග් හා ඩූ සික් කොහොමත් සහයෝගයෙන් ඉන්න දෙන්නෙක් නෙවෙයි. මේ දෙන්නා එකතු වෙලා හරි හරි වැඩ කරනවා. ඒ වගේම කතාව අවසානයේදී මේ දෙන්නගේ ජීවිත වලට ලොකු ලොකු වෙනස්කම් වෙනවා.

සහෝදර බැඳීම ගැන ලොකු දෙයක් කියවෙන චිත්‍රපටයක් වන මෙය කොරියාවේ තිරගත වෙලා තියෙන්නේ 2016 නොවැම්බර් 23. තිරගත වෙලා දවස් හතරක් ඇතුළතදී මිලියන එකකට වඩා පිරිසක් මේ චිත්‍රපටය නරඹලා තියනවා. මෙහි IMDb අගය 7.4ක්. කරදරකාර අයියා විදියට රඟපාන්නෙ Jo Jung- suk. ජූඩෝ ක්‍රීඩක දෝ යොන්ග් විදියට රඟපාන්නෙ Do Kyung- soo. ඒ වගේම ලස්සන කෝච්

විදියට රඟපාන්නෙ කොරියාවේ විතරක් නෙවෙයි ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය Park Shin- hye. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kwon Soo- kyung. මෙහි අන්ධ චරිතය රඟපාන Do Kyung- sooට එම චරිතය සඳහා සම්මාන කිහිපයක්ම ලැබිලා තියනවා. ඇමරිකානු ඩොලර් මිලියන 20.6ක ආදායමක් උපයපු මේ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ආයෙත් ලස්සන කොරියානු චිත්‍රපටයකින් හමුවෙමු.

ජයවේවා!!!!!!!

My Annoying Brother (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

My.Annoying.Brother.2016.HDRip.720p.H264.AAC-STY

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>