මරතෝඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මොට්ටු තෝඩි ඉරුවංගල් එලියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
මම විනෝද්. දවසක් මම, කොලේජ් එකේ මගේ හොඳම යාළුවෙක් වුන මුස්තාෆාගේ කසාදෙට එයාගේ ගෙදරට ගියා. එදා තමයි මට අයිෂාව දකින්න ලැබුනු පලවෙනි දවස. එදා අපි මුණ ගැහුනේ හරි පුදුම විදියට. එදා මම නිසා එයාට ලොකු කරදරේකට මුණ දෙන්නත් වුනා. ඊට පස්සේ මම එයාව බලන්න ගියා. ගොඩක් ගෑණු ළමයි ගැන හිතේ කැමැත්ත තිබුණා උනත් ජීවිතේ පලවෙනි වතාවට එදා මම කෙල්ලෙක්ට වශී වුනා. වේල් එක දාගන ඉන්න අයිෂාගේ මුණ දැක්කාම, ඒ මුණ ඇරෙන්න මට මේ ලෝකේ කිසිම දෙයක් ගැන මතක නෑ. මම මගේ ජීවිතේ දැකපු ලස්සනම ගෑණු ළමයා තමයි අයිෂා. ඊට පස්සේ මම අයිෂාට ලංවෙන්න පුළුවන් හැම තැනකටම ගියා. එයාව ලබාගන්න ගොඩක් දේවල් කළා. කතාව තව ගොඩාක් තියනවා. මේ මුස්ලිම් කෙල්ලෙක්ට ආදරේ කරපු හින්දු කොල්ලෙක්ගේ කතාවක්.
Thattathin Marayathu(2012). 2012 වසරේ විශිෂ්ටතම මලයාලම් ප්‍රේම කාව්‍යය අරගන තමයි අද මම ආවේ. ගොඩක් අය Nivin Pauly ගේ චිත්‍රපටියකට උපසිරැසි කරන්න කියල ඉල්ලලා තිබුණා. ගොඩක් මලයාලම් චිත්‍රපටිවලට උපසිරැසි කරලා තිබුනත් Nivin Pauly ගේ එකක් කරන්න බැරිවුනා. ඒකට තමයි මේ චිත්‍රපටය තෝරාගත්තේ. Nivin Pauly ගේ සිනමා දිවියේ හැරුම් ලක්ෂ්‍යය මෙතන කියලයි මට නම් හිතෙන්නේ. මම මලයාලම් චිත්‍රපටි බලන්න පටන් ගත්තෙත් මේ චිත්‍රපටිය බැලුවට පස්සේ තමයි. ඒ නිසා මේ චිත්‍රපටිය මට නම් ගොඩක් විශේෂයි. එදා බලනකොට හිතට ආපු හැඟීම අදත් ඒ විදියමයි.
2658ක ප්‍රේක්‍ෂක මනාපයකින් IMDB අගය 7.4/10ක් ලබාගැනීමට මේ චිත්‍රපටියට හැකිවෙලා තියනවා. Nivin Pauly ට අමතරව Isha Talwar සහ Aju Varghese මේ සඳහා ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියනවා. මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Musical-Romantic Drama කාණ්ඩයට. ඉන්දියානු රුපියල් කෝටි 3ක මුදලක් වැයකරලා නිෂ්පාදනය කල මෙම සලරුවට ආදායම ලෙස ඉන්දියානු රුපියල් කෝටි 18.9 ක් උපයා ගැනීමට හැකිවෙලා තිබෙනවා. ඒ එම වසරේ මලයාලම් චිත්‍රපටයක් ඉපයූ දෙවන විශාලතම ආදායම. චිත්‍රපටයේ කතාව සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vineeth Sreenivasan විසින්. සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shaan Rahman විසින්. හොඳම ගීත රචනය, හොඳම සංගීත අධ්‍යක්ෂණය ඇතුළු තවත් සම්මාන රැසක් දිනා ගැනීමටත් මේ චිත්‍රපටියට හැකිවෙලා තියනවා. පසුව මෙම චිත්‍රපටිය දමිළ සහ තෙලුඟු යන භාෂා දෙකටම ප්‍රතිනිර්මාණය වෙලා තියනවා. මේකේ ගීතත් ඉතාම ලස්සනයි. ඒ වගේම ගී පද රචනයත් ඉතාම විශිෂ්ටයි. ඒ නිසා ගීත ටිකටත් මට පුළුවන් උපරිම සාධාරණය ඉෂ්ට කළා. චිත්‍රපටිය බලන්න කියලා සියළුම දෙනාට ආරාධනා කරනවා.
අපි අතරත් ඇති මුස්ලිම් ගෑණු ළමයෙක්ට ආදරේ කරපු සිංහල කොල්ලෝ. ඒ ගොඩක් අයට එයාලාගේ ආදරේ ගොඩක් දුරට අහිමි වෙන්න ඇති. ඒ ආදරේ ජය ගත්ත කට්ටියත් ඇති බොහොම සුළු පිරිසක්. ඒත් ඒ ආදරේ හරිම සුන්දරයි. විශේෂයි. කැඩුණු සිංහලෙන් “මම ඔයාට ආදරෙයි” කියල ඇහෙනකොට හිතට දැනුන හැගීම විනෝද්ගේ හැඟීමම වෙන්නැති කියල තමයි මට නම් හිතෙන්නේ. අරගනම බලන්න ඔයාලා ඒ අතීතයට අරන් යාවිද කියල මේ ෆිලුම. ඉතිං මේ විශිෂ්ට මලයාලම් රොමැන්ටික් චිත්‍රපටිය බලන්න කියල සියළුම දෙනාට ආරාධනා කරනවා.
ජයවේවා..!!!
Due to copyright issues, we do not provide any torrent links.
Thattathin Marayathu – 2012 – MalayalaM – Blu-RayRip – E Subs – AC3 – MKV – 5.1 – x264 – RockStar
Thattathin Marayathu {2012 Malayalam DvDRiP 720P Upscale x264.E.Sub-700MB – Rockers}
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
299 downloads