Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Zero (2016) with Sinhala Subtitles |‍‍නව ලොවක ආරම්භය. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

කොහොමද කට්ටියට? ඔන්න ටික දවසකට පස්සේ තවත් දෙමළ ෆිලුමක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා. මේක ඉතින් අපේ ඩොක් අයියා මට බලෙන් පටවපු එකක්. ඒත් මගේ හිතෙක් පොඩි ආශාවක් තිබ්බා මේක කරන්න. නමුත් මීට වඩා ලොකු බරක් තාම මගේ මත තියෙන හින්දා තමා මම මේක ගන්න මැළි උනේ. හරි එහෙනම් ෆිලුම ගැන කියන්නම්කෝ. 

මේක 2016 වසරේ නිකුත් වූ “ෆැන්ටසී-හොරර්” කියන ඝනයට අයත් එකක්. කොහොමත් මං මේ ටිකක ඉදන් දෙමළ හොරර් ඒවා කරන්න ආශාවක් තිබ්බා. ඒ වගේම කලාත් එක්ක. ඒකට හේතූව දන්නෝ දනිති. මේක ඇත්තටම සුවිශේෂි තිර පිටපතක් තිබ්බ ෆිලුමක්. ඒ කිව්වේ හොලිවුඩ් කතාවක් වගේ තමා තියෙන්නේ. ඇත්තටම මේක හොලිවුඩ් වල හදලා තිබ්බා නම් මීට වඩා කතා වෙන්න තිබ්බ, ජනප්‍රිය වෙන්න තිබ්බ ෆිලුමක් තමා මේ. වැඩේ උනේ, දෙමළ සිනමාවට මේක දාලා, ප්‍රේක්ෂකයා නොහිතපු අන්දමේ බරක් ෆිලුම පටන් ගත්තු වෙලේ ඉදන් ප්‍රේක්ෂකයාට ලබා දෙමින්, අන්තිම වෙනකම් ඇවිත්, මැදදී, ඒක නිකන්ම විහිළුවක් වෙන තත්වයක් වෙනවා. නමුත් ආයේ අවසානයේදී නැවතත් ඒ මුලදී දීපූ ගැම්ම ප්‍රේක්ෂකයාට දීලා, ෆිලුම බර කරමින් තමා ඉවර වෙන්නේ. මේක ට උනේ, එක ෆිලුමක් තුළ මේ ඔක්කෝම රිංගවන්න ගිය එක තමා. මෙවා හරි ගස්සලා තිබ්බා නම් ෆිලුම සුපිරි හොලිවුඩ් මට්ටමට එන්න තිබ්බා. ඒ උනත් කතාව නම් මරේ මරූ. වෙනස් සිනමා රස වින්දනයක් ලබන්න කැමති අය අනිවා බලන්න කියලා ඉල්ලනවා. අපූරූ වෙනස් තේමාවකින් යුත් කතාවක්.

කතාව පොඩ්ඩක් කියන්නම්. කතාව පටන් ගන්නේම, ලෝකය කෙසේ ආරම්භ උයේද යන්න පැහැදිළි කිරීමක් කරමින්. ඒක නම් ඉතින් කතෝලික ආගමේ හැටියට තමා කියලා තියෙන්නේ ෆිලුමේ. පස්සේ ෆිලුමට අවතීර්ණ වෙනවා. ලෝයර් කෙනෙක්ගේ පුතෙකු වන බාලා, අනාත කෙල්ලෙක් තාත්තාට හොරෙන් කසාද බැදගන්නවා. පස්සේ නව නිවසකට ඒ ජෝඩුව පදිංචියට යනවා. අලුත බැදපු ජෝඩුව ෂොපින් යනවා දවසක්. ඒ ගිය වෙලේ ඒ කෙල්ල වන ප්‍රියා කඩේකින් රෝස පැහැති ලිප්ස්ටික් එකක් හොරකම් කරනවා. ඒත් එතන වෙන සිද්දි ටිකකුත් වෙනවා. තව දවසක, එයාලගේ අල්ලපූ ගෙදර නැන්දා ඇති කරපු රෝස පැහැති මාළුවාව ප්‍රියා තමාගේ හෑන්ඩ් බෑග් එකේ දාගෙන ඉන්න එක ඒ නැන්දා දකිනවා. මෙහෙම ප්‍රියාට රෝස පැහැය කෙරෙහී දැඩි ආශාවක් ඇති වෙනවා. ඒ වගේම ඇයට අමුතු සබ්ධ ඇහෙන්න ගන්නවා. හීනෙන් ඇවිදින්න ගන්නවා. හීනෙන් අමුතු ලෝක වලට යනවා. මෙහෙම ප්‍රියා යන ලෝකය ඇත්තටම හීනයක්ද? ඇත්තක්ද? ඇයි ඇය රෝස පැහැති පැහැයට ආශාව දක්වන්නේ? ඇත්තටම ප්‍රියාට මොකක්ද වෙන්නේ? ඇයගේ අතීත පසුභිම මොකක්ද? තවත් නොකී දේවල් ගොඩාක් තියෙනවා. ප්‍රියාටත් එහා ගිය දේවල් කතාව තුළ තියෙනවා. ඒදා දැනගන්න ෆිලුම බලන්න වෙනවා. ඔය අමුතු සිනමා අත්දැකීම් අරගන්න ඕනේ අය අනිවා බැලිය යුතු සිනමා නිර්මාණයක් කියා මා මෙය නිර්දේෂ කරනවා.

එහෙනම් මම ගියෝ. තවත් ලස්සන ෆිලුමකින් හමුවෙමූ.

ජයෙන් ජයම වේවා!

 

Zero (2016) on IMDb

 

 

421 MB  කොපිය මෙතනින් බාගන්න

CDA6501E52EE96339B0A940D96831DA58ABC17E7

700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

9B618C797CDB18B4F8484B38215A84A7D4EC3B86
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>