Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Monkey King the Legend Begins (2016) with Sinhala Subtitle|වානර රජු නැවතත් ! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ටික කාලෙකට පස්සේ නැවතත් අලුත් චිත්‍රපටයක උපසිරසියකින් බයිස්කෝප් අඩවිය පැත්තට ගොඩවැදුනා. මේක භාර දුන්නේ අපේ විමා අයියා තමයි. මේ පාර අරගෙන ආවේ හොංකොං-චීන චිත්‍රපටයක්.කෙලින්ම චිතරපටය ගැන කියන්නම්.

ඇමරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ පසුගිය පෙබරවාරි 05 වෙනිදා. 2014 වසරේ ඉහළ බොක්ස් ඔෆිස් ආදායම් ලැබූ The Moneky King නමින් නිකුත් වුණ චිත්‍රපටයේ දිගුවක් ලෙසයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. Action, Adventure, Fantasy  යන කාණ්ඩවලට අයත් වෙනවා. මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ Wu Cheng’en විසින් රචිත Journey to the West  නම් නවකතාවයි. රංගනයෙන් දායක වෙන්නේ Aaron Kwok, Feng Shaofeng, Him Law යනාදී රංගන ශිල්පින්. ලබා ඇති IMDb අගය 6.1ක්. ආදායම් ඉපයීමෙන් සාර්ථකයි. නිෂ්පාදන වියදම ලෙස ඇමරිකන් ඩොලර් මිලියන 60-60.5 ත් අතර මුදලක් වැයවී තිබෙනවා. ලබා ඇති බොක්ස් ඔෆිස් ආදායම ඇ.ඩො.මි. 193.7ක් ලෙසයි දැක්වෙන්නේ. චිත්‍රපටයේ කතාවත් කෙටියෙන් කියන්නම්.

සං වූකොන්ග් හෙවත් වානර රජු දෙව්ලොව සිදුකරපු අතිවිශාල සංහාරයෙන් පසු වසර 500ක් ගත වෙනවා. මේ වානර රජු ටිකක් හනුමාන් දෙවියෝ වගේම බලවත් කෙනෙක්. දයාවේ දෙවඟන බුදුන් වහන්සේගේ දේශනාව පරිදි බෞද්ධ ධර්ම ග්‍රන්ථ ගිගුරුම් ආශ්‍රමයට ගොස් ලබා ගැනීමට පෙරුම් පුරමින් සිටි ස්වැන්සන්ග් නමැති භික්ෂූන් වහන්සේව ඒ සඳහා පිටත් කොට යවනවා. ගිගුරුම් ආශ්‍රමයට යන මේ ගමන සැතපුම් 36 000ක්. මේ ගමනේ ඇතිවන සියලු අභියෝග ජයගන්න භික්ෂූන් වහන්සේට අපහසු නිසා දෙවඟන වානර රජුට නියම කරනවා උන්වහන්සේව බටහිර පිහිටි ගිගුරුම් ආශ්‍රමයට ළඟා වනතුරු ආරක්ෂා කරන ලෙස. මේ යන ගමනේදී බාජි සහ ශා වුජින්ග් නමැති තවත් සගයෝ දෙන්නෙක් මුණ ගැසෙනවා. මේ පිරිස මුහුණ දෙන අභියෝග ගැන තමයි කතාවෙන් කියවෙන්නේ. Fantasy ගතිය උපරිමයි. ඒ නිසා සමහර අය කැමති නැතිවෙයි. සියලුදෙනාටම ආරාධනා කරනවා නරඹන්න කියලා. තවත් උපසිරසියක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

දිගටම රැඳෙන්න බයිස්කොප් සිංහලෙන් සමග !

The Monkey King the Legend Begins (2016) on IMDb

 

 

760 MB (BRip.720p) කොපිය මෙතනින් බාගන්න

1F350D1DBC585473281C576F8F698CFEC6F97112
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>