ටික කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් ඔයාල හමුවෙන්න ආවෙ 2016 වර්ෂයේ තිරගතවුණු සලරුවක් අරගෙනයි. ඉතින් මේ වතාවෙ තෝරගත්තෙ Action | Comedy | Fantasy | Horror කියන ගණයන්ට වැටෙන ඇමෙරිකානු සිනමා නිර්මාණයක්. මේ සිනමාපටය මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2016 අගොස්තු විසිහත්වෙනිදා ජර්මනියේදී. ඇමෙරිකාවේ තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 මාර්තු තුන්වෙනිදා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Mike Mendez අධ්‍යක්ෂකවරයා විසින්. තිරපිටපත් නිර්මාණය Dan Berk සහ Robert Olsen විසින්. අපි කවුරුත් දන්න Universal Soldier, Universal Soldier: Regeneration, The Expendables, The Expendables 2, Universal Soldier: Day of Reckoning වැනි සිනමා නිර්මාණ වලට තම රංගන දායකත්වය ලබා දීපු Dolph Lundgren තමා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. Kristina Klebe, Elissa Dowling, Michael Aaron Milligan, Billy Slaughter වැනි නළු නිළියනුත් රංගනයෙන් දායක වෙලා තියනවා.
චිත්‍රපටයේ රූගතකිරීම සිදුකරල තියෙන්නෙ ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රදේශයේදී. Archstone Pictures සහ Burning Sky Films කියන සමාගම් දෙක තමයි මේ සිනමාපටයේ නිෂ්පාදන කටයුත්තට දායකත්වය ලබාදීල තියයෙන්නෙ. ඉතින් මිනිත්තු 83ක් පුරාවට ගලායන කතාවකින් යුත් මේ සිනමාපටය IMDb දර්ශකයේ 5.2/10ක් වගෙම තක්කාලි දර්ශකයේ 100%ක් ලබාගෙන තියනවා.
ඉතින් කතාව ගැන කියනව නම් හැම දෙයක්ම පටන්ගන්නෙ තමන්ගෙ සුරතල් බල්ලා ”ටයිටස්” එක්ක මුව දඩයමේ යන ”ග්‍රේබ්‍රියෙල්” කියන චිකරි ක්‍රීක් නගරයේ පුද්ගලයෙක් මුහුණ දෙන සිදුවීමකින්. ග්‍රේබ්‍රියෙල් මුව දඩයමේ ගිහින් මුවෙකුට වෙඩිතියලා එයාගෙ බල්ල ටයිටස් ව මුවාගෙ පස්සෙන් යවනවා. ඒත් ටයිටස් ආපහු එන්න පරක්කු නිසා ග්‍රේබ්‍රියෙල් ටයිටස් හොයන්න ගියාම එයා දකිනවා ටයිටස්ට පොඩි ඇන්ටික් රත්තරන් මංජුසාවක් වගේ එකක් හම්බවෙලා තියනවා.මේ මංජුසාවෙ පියන ඇරිල තමා තියෙන්න.ඉතින් ග්‍රේබ්‍රියෙලුත් මේක දැකලා වාසියක් වෙන්න ඇති කියල සතුටු වෙනවා. ඒත් එයාගෙ සුරතලා ටයිටස් නම් ටිකක් වෙනස් වෙලා කියල ග්‍රේබ්‍රියෙල්ට තේරෙනවා. ග්‍රේබ්‍රියෙල් හිතුව හරි, එක පාරටම ටයිටස් ග්‍රේබ්‍රියෙල්ගේ ඇඟට කඩාපැනල එයාව මරන්න උත්සහ කරනවා. ඉතින් ග්‍රේබ්‍රියෙල්ට වෙන තේරීමක් නැති නිසා එයා ආදරෙන් හැදුව සුරතලාට වෙඩිතියල මරන්න සිද්ද වෙනවා. ටයිටස් ව මැරුවට පස්සෙ එතනින් නැඟිටලා යන්නෙ කලින් හිටපු ග්‍රේබ්‍රියෙල් නම් නෙවෙයි. ලේ පිපාසයෙන් වියරු වැටුණු අමනුශ්‍යයෙක්!! බලලම ඉන්නකෝ…
”හැම අමනුෂ්‍යයෙක්ම එකිනෙකාට වෙනස්,
ඒත් උන් හැමෝටම උන්ගෙම කියල
රූපය වෙනස් කරගන්න ක්‍රමයක් තියනවා.”
–ජෙබඩායි වූඩ්ලි–
~~MAY WE MEET AGAIN~~
~~අපි නැවත හමුවේවි~~
Due to copyright issues, we do not provide any torrent link.
Dont.Kill.It.2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
130 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.