Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Shooter [S02 : E01] with Sinhala Subtitles |දඩයම් සමය ඇරඹෙයි [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Shooter-(TV-2016-)-2

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඔයාලා මග බලාගෙන හිටිය ශුටර් කතාමාලාවේ දෙවැනි දිග හැරුම. පසුගිය දහඅටවනදා තමා ඉතින් මේක ආවේනම්. හැබැයි ඉතින් දැන් මට ඉස්සර වගේ උපසිරසිකරණය වෙනුවෙන් යොදන්න කාලසීමාවක් නැති නිසා තමා මෙහෙම පමාව. හොදයි අපි බලමුකෝ ස්වැගර්ගේ මෙවර වික්‍රමය මොනවගේ වෙයිද කියලා.

පළමු සමයේ යුක්රේන ජනපති ඝාතන ප්‍රයත්නයට සැකකරුවෙක් වෙන බොබ් ලී ස්වැගර් FBI නියෝජිත නාදින් මෙම්ෆිස් සමග එක්ව දෙස් විදෙස් සියලු සතුරන් පරාජය කරමින් සිය නිර්දෝෂීභාවය තහවුරු කරගැනීමට සමත් වුනානේ. ඉතින් ඊටපස්සේ ස්වැගර් තම පවුලත් සමග ඉතාම සාමකාමී දිවි පෙවෙතක් තමයි ගත කරගෙන යන්නේ. හැබැයි ඒක වැඩි කල් එහෙමම තියෙන්නේ නෑ.

ස්වැගර් තම මිත්‍රයකුගේ පදක්කම් ප්‍රදානෝත්සවයකට ජර්මනිය බලා ගොස් සිටියදී එයට ප්‍රහාරයක් එල්ල වෙනවා. පොලිසිය ඇතුලු සැම පවසන්නේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි. නමුත් ස්වැගර්ගේ සැකසංකා යොමු වෙන්නේ තම මිතුරාව ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් ඝාතනය කළ බවටයි. මිනිහා ඒ ගැන හොයන්න ගන්නවා.

මතක ඇතිනේ කැප්ටන් ජොන්සන් හාදයා.. ආන්න මිනිහව මරන්නත් කවුදෝ කට්ටියක් පස්සෙන් පන්නනවා. ඇත්තම කිව්වොත් මෙවර ඉලක්කය වෙන මැරීන් භටයන් සෑමදෙනම පාහේ කැප්ටන් ජොන්සන් සහ ස්වැගර් සමග එකට සේවය කළ පුද්ගලයන්.

එහෙමනම් මෙවර ස්වැගර් පසුපස එන අනතුර කුමක්ද? ඇයි ඔහු හා ඔහුගේ මිත්‍රයන් ඝාතනය වන්නේ? කවුද මේ දේවල් කරවන්නේ කියා දැනගැන්මට දිගටම ශුටර් සමගින් රැදෙන්න කියා ආරාධනා කරනවා.

ලබන සතියේ පටන් වෙනත් උපසිරසිකරුවෙක් ඔබ වෙත ශුටර් රැගෙන ඒම සිදුකරාවි. මට වගේම ඔහුටත් සහයෝගය දක්වන්න කියා ඉල්ලා සිටිනවා.. එසේනම් මා සමුගන්නවා. ඔබට ජය…

 

Supergirl on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV  පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>