Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Free Fire (2016) with Sinhala Subtitles |ඔහේ වෙඩිතියමු! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

මේ වසරේ නිකුත්වුන Comedy,Action ගණයට අයිතිවෙන සුපිරි ෆිලුමක් එක්ක තමයි මේ වතාවේ ගොඩවදින්නේ. හොද පිටපතක් ඇවිත් නම් දැන් ටික දවසක් වෙනවා.:-) . අප්‍රේල් මස 21වෙනිදා නිකුත්වුන ෆිල්ම් එක imdb 6.6ක හොද අගයක් අරගෙන තියෙනවා. Cillian Murphy,Armie Hammer,Sharlto Copley වගේම ඇකඩමි සම්මානලාභී නිලි Brie Larson ඇතුළු සෙට් එකක් තමා රංගනයෙන් දායක වෙන්නේ. කතාව මෙහෙමයි.

කල්ලි දෙකක් අතර ගණුදෙනුවක කතාවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තුවක්කු මිලදීගැනීමේ ගණුදෙනුවක්. අත ඇරලා දාපු ගොඩනැගිල්ලක තමයි ගණුදෙනුව සිද්ධවෙන්නේ. හැබැයි ඔන්න වැඩේ ආරම්භයේදීම පොඩි ආරවුලක් ඇතිවෙනවා. මොකද තුවක්කු ගන්න කට්ටිය ඉල්ලපු තුවක්කු වර්ගය නෙමෙයි අනිත් අය අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොමින් හරි ඒ ප්‍රශ්නේ විසදගත්තා කියමුකෝ. ඊටපස්සේ තමයි සිද්ධිය :-). මේ කල්ලි දෙකේ ඉන්න දෙන්නෙක් අතරේ කලින් දවසේ ප්‍රශ්නයක් ඇතිවෙලා වලියක් එහෙම ගිහින් තියෙනවා. ඉතින් මෙතනදී දෙන්නා දැකලා කලින් තරහව පිරිමහගන්න හදනවා. මේ නිසා ඇතිවෙන ජරමරේ අන්තිමේදී නවතින්නේ කල්ලි දෙක දෙකට බෙදිලා වෙඩි හුවමාරු කරගන්න පටන්ගෙනයි. වැඩේ කියන්නේ මුලදී කාටවත් කෙලින් වෙඩිල්ලක් තියාගන්න බෑ. ඒ විතරක්යැ, තමන්ගේම කල්ලියේ අයටත් වැරදිලා වෙඩි තියනවා කියහන්කෝ. ඉතින් මේ වගේ කොමඩියත් එක්කම යන වෙඩි හුවමාරුවක් තමා ෆිල්ම් එකේ වැඩි හරියකම තියෙන්නේ. ඒ නිසා ඔන්න කිසිම කම්මැලිකමක් නැතිව හිනාවෙවී බැලුව හැකි. අනික ධාවන කාලයත් විනාඩි 90ක් නිසා වෙලාව යනවා දැනෙන එකක් නෑ. එහෙනම් හැමෝටම චිත්‍රපටියත් එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරමින් දැනට නවතිනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු!

හැමෝටම ජයවේවා!!

Free Fire (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Free.Fire.2016.720p.BluRay.x264

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>