Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Flightplan (2005) with Sinhala Subtitles |මරණයට අත වැනූ ගුවන් ගමන [සිංහල උපසිරසි සමඟ]

$
0
0

මෙම චිත්‍රපටිය 2005 තිරගතවුන Thriller/Drama ගණයට අයත් එකක්. මෙය IMDB 6.2 ක අගයක් ලබාගෙන තිබෙනවා.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Robert Schwentke. ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ Jodie Foster විසින්. ඔයාල Panic Room කියන චිත්‍රපටිය බැලුවනම් මෙයා ගැන නොදැන ඉන්න විදියක් නැහැ. චිත්‍රපටියක් නරඹන්න කලින් ඒකෙ කතාව යන්නේ කොහොමද කියල අදහසක් ගන්න හැමෝම කැමතියිනේ. ඒ නිසා මම ඒ ගැනත් පොඩ්ඩක් කියන්නම්.

ගුවන් යානා ඉංජිනේරුවරියක වන කයිල් ප්‍රැට් (JodieFoster) ඇයගේ උපන් නගරය වන ජර්මනියේ සිට නිව්යෝර්ක් බලා පිටත් වෙන්නේ ඇයගේ මියගිය සැමියාගේ දේහය වල දැමීමේ අදහසින්. සැමියාගේ දේහය රැගත් මිනී පෙට්ටිය සමඟ ඇය ගොඩවන්නේ නවතම තාක්ෂනය භාවිතයෙන් නිපදවන ලද එල්ජින් 474 නමැති ගුවන් යානයටයි. ඇය සමඟ ඇයගේ කුඩා දියණියද මෙම ගමනට සහභාගී වෙනවා.පැය 3 ක් පමණ ගතවන මෙම දිගු ගමන අතරතුරදී ඇය නින්දට වැටෙනවා. පසුව ඇහැරී බලන ඇයට තම කුඩා දියණිය තමා අසල නැති බව පෙනී යනවා. ගුවන් යානයේ කාර්ය මණ්ඩලයෙන් ඇය විමසීමක් කලත් ඔවුන් පවසන්නේ එවැනි දරුවෙකු පිළිබඳව තොරතුරු කිසිවක් ඔවුන් සතු නොවන බවයි. එමෙන්ම ගුවන් යානයේ කිසි අයෙක් මෙම දරුවා දැක නැති බවත් ගුවන් මඟීන් පවසනවා. ඉතින් ඒ දරුවාට මොකද වුනේ? ඒ දරුවා හොල්මනක්ද ? කයිල් ප්‍රැට් බොරු මවා පෑමක් කරනවද? එහෙම නැත්නම් වෙන මොකක්හරි අනතුරක් දරුවාට වුනාද ?

ඒක මේ චිත්‍රපටිය නරඹලා දැනගන්න.

2Flightplan (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Flightplan.720p.BluRay x264-AVCHD

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>