ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ තවත් සිනමා පටයක සිංහල උප සිරැසියක් ඔබ වෙත ගෙන ඒමට හැකිවීම ගැන මා සතුටු වෙනවා. 1959 වසරේ තිරගතවූ North By Northwest නම් සිනමා පටයයි ඔබ වෙත ගෙන ආවේ. අර්නස්ට් ලෙහ්මන් ගේ තිර රචනයක් වන මෙම සිනමා පටයට කැරී ග්‍රාන්ට්- රොජර් තෝර්න්හිල් ඊවා මාරි සෙන්ට්- ඊව් කෙන්ඩල් ජේම්ස් මේසන්- පිලිප් වෑන්ඩෑම් ලෙසත් චරිත නිරූපණය කරනු ලබනවා. චිත්රපටයේ ආදායම ඩොලර් 3 101,000 ක් හා IDMB අගය 8.4 බව අන්තර්ජාලය වාර්ථා කරනවා.
වෙළඳ ප්‍රචාරණ ආයතනයක් පවත්වාගෙන යන රොජර් තෝර්න්හිල් නම් පුද්ගලයා ජෝර්ජ් කැප්ලන් නම් පුද්ගලයකු ලෙස වරදවා වටහාගෙන රහස් ඔත්තු කරුවන් පිරිසකගේ ග්‍රහණයට අසුවේ. පිලිප් වෑන්ඩෑම් නම් ඔත්තුකරුවා හා ඔහුගේ හෙංචයියා වන ලියනාර්ඩ්, කැප්ලන් ලෙස සිතා සිටින රොජර්ව මරා දැමීමට උත්සහ දරයි.
මෙසේ ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී යාමට දරණ උත්සහයේදී ඔහුව මිනීමැරුමකට අසු කිරීමට ලියනාර්ඩ් ගේ ගෝලයකු සමත් වේ. කෙසේ හෝ එතනින් පැනයන රොජර් චිකාගෝ බලා දිවෙන දුම්රියට ගොඩවේ. එහිදී ඔහුට ඊව් කෙන්ඩල් නම් සූරූපී යුවතිය මුණගැසේ. දෙදෙනා හඳුනාගැනීමෙන් පසුව මෙම තරුණිය නියම ජොර්ජ් කැප්ලන් හමුවීමට ක්‍රමයක් සදා දෙනු ලබයි.
කැප්ලන් හමුවීමට කතිකා කරගත් ස්ථානයට යන ජෝර්ජ් මුහුණ දෙන්නේ තවත් අනපේක්ෂිත සිදුවීමකටයි. ඒ එම පාලු අඩවියේදී ඔහුව මරා දැමීමට වෑම්ඩෑම්ගේ සගයන් උත්සහ කිරීමයි. මහත් පරිශ්‍රමයක් දරා එතනින් බේරී යන රොජර්, ඊව් තමාව පාවා දුන් බව තේරුම්ගෙන ඇය පසුපස හඹා යයි. එහිදී නැවත වරක් ඔහුව මරා දැමීමට උත්සහ දරන අතර එහිදී රොජර් ඔහු විසින්ම පොලිසියට අත් අඩංගුවට ගැනීමට ඉඩ හරී. එහිදී ඔහු ඊව් ගැන මෙන්ම පිලිප් ගැනද කවුරුත් නොසිතනා තොරතුරු රැසක් අනාවරණය කරගනු ලබයි. තම නිදහස වෙනුවෙන් රොජර් තෝර්න්හිල් ගේ ඊලඟ ක්‍රියාමාර්ගය කුමක් වේද? තීරණය ඔබට බාරයි.
තවත් සලරුවකින් ලඟදීම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
North By Northwest [1959] 720p BRRip x264 – KickASS (MicroStar RG)
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
11 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.