දෘවා..පසුගිය වකවානුවේ බයිස්කෝප් වාසීන්ගෙන් පුදුමාකාර ඩිමාන්ඩ් එකක් තිබුණු උපසිරසියක්. ඉතින් ඒ භාරදූර කාර්යය ඔයාලා වෙනුවෙන්ම බාරගත්තා. හසන්ත සහෝට ස්තුතියි යෝජනා කිරීම ගැන. නමුත් තෙළිඟු කළඳක්වත් දැනගෙන නෙවෙයි මේ උපසිරසිය කළේ. ඉංග්‍රීසි උපසිරසියක්වත් තිබුණා නම් මීට කලින් දෙන්න තිබුණා. සඳුන් අයියාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේකට ඩිරෙක්ට් ලිංක් එකක් හදලා දීලා තව බුරුම භාෂාවෙන් කරපු උපසිරසියකුත් ලබා දුන්නට. කබාලිට පස්සේ මගේ උපසිරසි ඉතිහාසේ වැඩිම කට්ටක් කාපු උපසිරසිය මේක. කමන්නෑ පණහානේ. මේකට මම කොහොමද උපසිරසිය කලේ කියලා ඉදිරියේදි කියන්නම්. දැන් කතාව.
තනිකම..තනිකමට හුරුවුණොත් ඒක පට්ටයිලු. ඒ විදියට තනියම තමන්ගේ ලෝක දෙකක හිරවෙලා හිටපු දෙදෙනෙක්ගේ ඝට්ටනයක් තමයි මේ කතාව. දෘවා සහ සිද්ධාර්ත් අභිමන්යූ (ටිකක් අහලා පුරුදුයි වගේ නේද ) දෙන්නාගේ අරමුණු දෙකක්..නමුත් පරස්පරයි..ඒත් සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධය තමයි මුදල්. මුදල් වැඩිපුර තියන තැන අපරාධ වැඩියි. දෘවා කියන්නේ අපරාධම හඹාගෙන යන පොලිස් නිළධාරියෙක්. සිද්ධාර්ත් කියන්නේ මුදල් සොයන්න අපරාධ කරන වයිට් කොලර් ගණයේ අපරාධකරුවෙක්. ඉතින් මේ දෙන්නගෙම දිශානතිය එක නිසා අනිවාර්යෙන්ම මේ දෙන්නා හමු වෙනවා. ඒ හමුවීම කොයි විදියට ඉවර වුණාද කියලා කතාව බැලුවාම දැනගන්න පුළුවන්.
චිත්‍රපටයේ කතාව ගැන කතා කරන්න දෙයක් නෑ මොකද මේක දමිළ සිනමාවේ හුඟාක්ම ජනප්‍රිය වුණු චිත්‍රපටයක රී-මේක් එකක්. ඒ චිත්‍රපටය අනුසාරයෙන් තමයි මම උපසිරසි පවා දැමුවේ. නැතුව තෙළිඟු දැනගෙන එහෙම නෙවෙයි. අතරින් පතර හිස් තැන් කීපයක් තියෙනවා ඒකට සමාවක් දෙන්න. ඒ දමිළ චිත්‍රපටිය මොකද්ද කියලා මම කියන්නෙ නෑ ඔයාලම හොයාගන්න. රී-මේක් එක සුපිරියටම කරලා තියනවා කියලා IMDB රේටින් එක 8.4 ක් තියෙන එකෙන් තහවුරු කරගන්න පුළුවන්. මොකද මේකේ රඟපාන නළුවා දැනට තෙළිඟු සිනමාවේ සුපිරිම තරුවක් වන රාම් චරන්, ඒ වගේම පට්ටම පට්ටම නළුවෙක් වන අරවින්ද් සාමි සිද්ධාර්ත්ගේ චරිතය කරනවා. එයාම තමයි දමිළ ෆිලුමෙත් ඒ චරිතේ කළේ. ඉතින් උපසිරසිය ඇරන් බලන්න කියලා ආරාධනා කරනවා.
අවුරුදු ගාණක් වෙනවා බයිස්කෝප් එකට උපසිරසි කරන්න ඇවිත්. මුලින්ම කලේ බලු කතාවක්, පස්සේ දිගටම දමිළ චිත්‍රපටි කරන්න පෙළඹුණා. ඒකෙනුත් මම වැඩියෙන්ම සතුටු වුණේ සේදුපතිගේ චිත්‍රපටි කරලා. ඒවාට ඔබෙන් ලැබුණු ප්‍රතිචාර ඉතාම ඉහළයි. ඒ ගැන හුඟක් සතුටුයි. ඒ අවස්ථාව මට ලබා දුන්නේ බයිස්කෝප් එක තමයි. ඒ ගැන බයිස්කෝප් කණ්ඩායමට මම ස්තුතිවන්ත වෙනවා. මේ මගේ පණස් වෙනි උපසිරසියත් එක්ක බොහෝ දුරට මගේ උපසිරසි කෙරුවාව නවතියි, එහෙම නැත්නම් සීමා වෙයි කියලා කියන්න පුළුවන්..බයිස්කෝප් ලෝකයෙන් බාහිර ජීවිතයේ විවිධාකාර කඩයිම් වලට අඩිය තියාගෙන ඉන්න කාලයක්. හැබැයි නිවාඩුවක් ලැබුණ ගමන් ආයෙමත් කැරකිලා බයිස්කෝප් එක හොයාගෙන එනවා ඒක සත්තයි. මේ තාක් කල් මා සමඟ සිටි ඔබ සැමටම මගේ ස්තුතිය.. ඔබ සැමට ජයවේවා !
Due to copyright issues, we do not provide any torrent links.
Dhruva (2016)[Telugu HDRip – XviD – MP3 – 700MB]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
3445 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.