මාගේ තෙවන උපසිරැසි නිර්මාණය ලෙස මෙම අති විශිෂ්ට චිත්‍රපටය ඔබ හමුවට ගෙන ඒමට ලැබීම මාගේ භාග්‍යයක් කොට සළකමි. ඒ සදහා අවස්ථාව සලසා දුන් අසංක ප්‍රදීප් රණතුංග සොහොයුරාට මාගෙ ස්තූතිය…
IMDB 7.6 ක් වැනි ඉතා ඉහළ අගයක් ලබා ගැනීමට සමත්වන මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මානයක් ඇතුලු සම්මාන 22 කට නිර්දේශ වන අතර එයින් සම්මාන 6ක් දිනා ගැනීමට සමත් වෙනවා. මෙම චිත්‍රපටය Marc Foster ගේ අධ්‍යක්ෂණයකි. Khaled Hosseini විසින් රචිත ” The Kite Runner” නම් කෘතිය ඇසුරින් නිපදවා ඇති මෙහි තිර රචකයා වශයෙන් කටයුතු කරන්නෙ Game of Thrones කථා මාලාවෙ තිර රචකයෙකු, අධ්‍යයක්ෂවරයෙකු වන David Benioff ය.
අමීර් සහ හසාන් යන මිතුරන් දෙදෙනා වටායි මෙම කථාව ගෙතී ඇත්තේ. අමීර්ගෙ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගාවලියෙන් ජය ලැබීමයි. ඒ සඳහා ඔහුට සහයෝගය දීමට හසාන් ඉදිරිපත් වෙනවා. හසාන් ගැන තම පියාගේ ඇති පැහැදීම පිළිබඳව ඊර්ෂ්‍යාවෙන් සිටින අමීර් තම හොඳම මිතුරාට ද්‍රෝහී වෙනව. එයින් පසු අමීර්ට නොසිතූ කරදර රාශියකට මුහුණ පෑමටද සිදුවෙනවා.
1979 දී ඇෆ්ගනිස්තානයට එල්ලවන රුසියාණු ආක්‍රමණයත්, එයින් ඇෆ්ගන් ජාතිකයන් පලායන ආකාරයත්, තලෙයිබාන් සංවිදානය බිහිවීමත් පිළිබඳව මනාව විදහා දැක්වීමට මෙම චිත්‍රපටය සමත්වී තිබෙනවා.
මෙම විශිෂ්ඨ චිත්‍රපටය නැරඹීමට ඔබටත් ආරාධනා කරනවා. අවසාන වශයෙන් චිලී ජාතික ලේඛිකා ඉසබෙල් අයියන්දේ විසින් මෙම කෘතිය පිළිබඳව දැක්වූ අදහසක් ඔබ හමුවේ තබමින් මා සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවන තුරු ඔබට ජය!
” මතකයෙන් ඉවත් කළ නොහැකි අපූර්ව කතාවකි. එය කොතරම් ප්‍රභලද කියතොත් ඊට බොහෝ කලකට පසුවත් මා කියවූ සියල්ල ඇල් මැරුණු කතන්දර මෙන් පෙනිණි”
– චිලී ජාතික ලේඛිකා ඉසබෙල් අයියන්දේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
54 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.