Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Kite Runner (2007) with Sinhala Subtitles |සරුංගල් ලුහුබදින්නා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

මාගේ තෙවන උපසිරැසි නිර්මාණය ලෙස මෙම අති විශිෂ්ට චිත්‍රපටය ඔබ හමුවට ගෙන ඒමට ලැබීම මාගේ භාග්‍යයක් කොට සළකමි. ඒ සදහා අවස්ථාව සලසා දුන් අසංක ප්‍රදීප් රණතුංග සොහොයුරාට මාගෙ ස්තූතිය…

IMDB 7.6 ක් වැනි ඉතා ඉහළ අගයක් ලබා ගැනීමට සමත්වන මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මානයක් ඇතුලු සම්මාන 22 කට නිර්දේශ වන අතර එයින් සම්මාන 6ක් දිනා ගැනීමට සමත් වෙනවා. මෙම චිත්‍රපටය Marc Foster ගේ අධ්‍යක්ෂණයකි. Khaled Hosseini විසින් රචිත ” The Kite Runner” නම් කෘතිය ඇසුරින් නිපදවා ඇති මෙහි තිර රචකයා වශයෙන් කටයුතු කරන්නෙ Game of Thrones කථා මාලාවෙ තිර රචකයෙකු, අධ්‍යයක්ෂවරයෙකු වන David Benioff ය.

අමීර් සහ හසාන් යන මිතුරන් දෙදෙනා වටායි මෙම කථාව ගෙතී ඇත්තේ. අමීර්ගෙ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගාවලියෙන් ජය ලැබීමයි. ඒ සඳහා ඔහුට සහයෝගය දීමට හසාන් ඉදිරිපත් වෙනවා. හසාන් ගැන තම පියාගේ ඇති පැහැදීම පිළිබඳව ඊර්ෂ්‍යාවෙන් සිටින අමීර් තම හොඳම මිතුරාට ද්‍රෝහී වෙනව. එයින් පසු අමීර්ට නොසිතූ කරදර රාශියකට මුහුණ පෑමටද සිදුවෙනවා.

1979 දී ඇෆ්ගනිස්තානයට එල්ලවන රුසියාණු ආක්‍රමණයත්, එයින් ඇෆ්ගන් ජාතිකයන් පලායන ආකාරයත්, තලෙයිබාන් සංවිදානය බිහිවීමත් පිළිබඳව මනාව විදහා දැක්වීමට මෙම චිත්‍රපටය සමත්වී තිබෙනවා.

මෙම විශිෂ්ඨ චිත්‍රපටය නැරඹීමට ඔබටත් ආරාධනා කරනවා. අවසාන වශයෙන් චිලී ජාතික ලේඛිකා ඉසබෙල් අයියන්දේ විසින් මෙම කෘතිය පිළිබඳව දැක්වූ අදහසක් ඔබ හමුවේ තබමින් මා සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවන තුරු ඔබට ජය!

” මතකයෙන් ඉවත් කළ නොහැකි අපූර්ව කතාවකි. එය කොතරම් ප්‍රභලද කියතොත් ඊට බොහෝ කලකට පසුවත් මා කියවූ සියල්ල ඇල් මැරුණු කතන්දර මෙන් පෙනිණි”

– චිලී ජාතික ලේඛිකා ඉසබෙල් අයියන්දේ.

 

රොයිලි සහෝදරයා කලින් පලකරන ලද ලිපිය

ඇෆ්ගනිස්ථානය….. හ්ම්ම් මම දන්නවා. ඔයාලගෙ හිතට දහසක් දේවල් එනවා ඇති. තලේබාන් පාලනය, ඇමෙරිකානු ආක්‍රමණය, බෝම්බ, ව්‍යසනය, මිහිපිට අපාය වගේ දේවල් ඒකෙන් කොටසක් වෙන්න ඇති. ඒත් දන්නවද ඔය සේරටම කලින් 70 ගණන් වල ඇෆ්ගනිස්ථානය කියන්නෙ බොහොම ලස්සන රටක්. සාමකාමී රටක්. කියන්න අමතක වුනානේ මගේ නම අමීර්. උන්නෙ කාබුල් කියන සුන්දර නුවර. මගේ හොඳම යාලුවා වුනේ අපේ ගෙදර වැඩ කරපු අලී ගේ පුතා හසාන්. අපි සෙල්ලම් කළා, පොත් කියෙව්වා. ඒ අතර අපේ සංස්කෘතියටම බැඳිලා තිබ්බ පුංචි අපේම සෙල්ලමක් වෙච්ච සරුංගල් ඇරීම අපි ආසාවෙන්ම කෙරුවා. එත් සරුංගල් අරිනවා කියන්නෙ ඔයගොල්ලො කරනවට වඩා වෙනස් දෙයක්. ඒක තරඟයක්. අපි අපේ සරුංගලයේ නූලෙන් අනික් සරුංගලයේ නූල කපලා බිම දාන්න ඕනා. අවසානයේ ඉතිරිවෙන සරුංගල් අයිතිකාරයට ළමයි වගේම වැඩිහිටියන් අතර හිමිවෙන්නෙ සුලුපටු ස්ථානයක් නෙවෙයි.

ඒත් ඔය අතර අපි දෙන්නා විරසක වුනා. ඒ එක්කම වගේ 1979 දී රුසියාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළා. අපි පණ බේරගන්න රටෙන් පැනලා ගියා. ඒත් හසාන් අපිත් එක්ක ආවේ නෑ. පකිස්ථානයට පැනලා ගිහින් නොනැවතුනු අපි තලේබාන් පාලනය නිසාම ඇමෙරිකාවට සේන්දු වුණා. මම පොඩි කාලෙ ඉඳන්ම ආසාවෙන් කරපු කතා ලිවීම නිසා මම දක්ෂ නවකතා ලේඛකයෙක් වුනා.

ඒත් කුඩා කාලයේ මගේ වල් පල් ලිවීම ඉහලින්ම ප්‍රශංසා කළ කෙනා අද මට පාකිස්ථානයේ ඉඳලා කෝල් කළා. අපේ පවුලේ රහසක් එළි කරන්න තියෙන නිසා මට පාකිස්ථානයට එන්නලු. මේ මොකක්ද මේ රහස. ඔයගොල්ලන්ට දැනගන්න ඕනද? බාලම බලමු.

( IMDB – 7.8/10, ඔස්කාර් සම්මානයක් ඇතුළු සම්මාන 13 කට නිර්දේශ වී ඇති අතර සම්මාන 03 ක් දිනා ඇත. )

The Kite Runner (2007) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>