Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Bone Collector (1999) with Sinhala Subtitles |අස්ථි එකතු කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Bone Collector (1999)The Bone Collector කියන්නෙ 1999 වසරේ නිකුත් වුණු සුපිරිම ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධව ගොඩනඟා ඇති කතාවක් අන්තර්ගත වෙනවා. Jeffery Deaver විසින් මේ නමින්ම රචනා කල ප්‍රබන්ධ කතා ග්‍රන්ථය පාදක කරගෙනයි මෙය නිපදවා තිබෙන්නෙ. Deaver ගෙ රහස් පරීක්ෂක ලින්කන් රයිම් පොත් මාලාවේ ආරම්භක කෘතිය The Bone Collector  වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Phillip Noyce විසින්. The Bone Collector චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb) ලබාගෙන ඇති අගය 6.7/10ක් වෙනවා. ඇමෙරිකන් ඩොලර් මිලියන ක වියදමෙන් නිර්මාණය වුණු මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 151.5 ක ආදායමක් ලබාගෙන තිබෙනවා.

ලින්කන් රයිම් කියන්නෙ අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක්. එක්තරා මළසිරුරක් ගැන හොයන්න උමං මාර්ගයකට ගිය වෙලාවක ඔහු දරුණු අනතුරකට මුහුණපෑමෙන් අංශභාග තත්වයට පත්වෙනවා. ගුවන්තොටුපළෙන් ගෙදර යාමට එක්තරා කුලීරියකට නැඟ, අතුරුදන්වූ ව්‍යාපාරික යුවලක් ගැන පරීක්ෂණ ඇරඹීමට පොලිසිය ලින්කන් රයිම් ගේ උපදෙස් අපේක්ෂා කරනවා.  මේ අතර ඇමිලියා ඩොනහි නම් මුර සංචාරක පොලිස් නිලධාරිණිය දුම්රිය මාර්ගයක් අසළ අර්ධ වශයෙන් වලදමා තිබූ මළසිරුරක් සොයාගනු ලබනවා. මේ මළසිරුර අසළ තබා ගිය සාක්ෂි වලින් මිනීමරුවා ඉදිරියේදී කරන්නට යන මිනීමැරුම ගැන ඉඟියක් ලබාදෙනවා. රහස් පරීක්ෂක ලින්කන් රයිම් සහ ඩොනහි දෙදෙනාට එම ඉඟි වටහාගෙන ඔහු කරන මිනීමැරුම් වලක්වා ගැනීමට හැකිවේවිද? මේ මිනීමරුවා ඝාතනයට ලක්වූ පුද්ගයාගේ සිරුරෙන් අස්ථිය නිරාවරණය වන අන්දමින් මස් කුට්ටියක් ක්‍රමානුකුලව ඉවත් කරගෙන තිබෙනවා. මේ අනුව රයිම්ස් නිගමනය කරන්නෙ මිනීමරුවා ශල්‍යවෛද්‍ය දැනුමක් සහිත පුද්ගලයෙක් වියහැකි බවයි. ඒ කවුරුන්ද යන වග සොයාගැනීමට රයිම්ස්ට හැකි වේද?

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා:

Denzel Washinton – රහස් පරීක්ෂක ලින්කන් රයිම්
Angelina Jolie – ඇමිලියා ඩොනහි
Queen Latifah – තෙල්මා
Michael Rooker – කපිතාන් හොවාඩ් චේනි
Mike McGlone – රහස් පරීක්ෂක කෙනී සොලමන්
Luis Guzman – එඩී ඔර්ටිස්
John Benjamin  – වෛද්‍ය බැරී ලේමන්
Ed O’neill – රහස් පරීක්ෂක පෝලි සෙලිටෝ
Leland Orser – රිචඩ් තොම්සන් 

මේක මගේ දොළොස්වන උපසිරසි නිර්මාණයයි. The Bone Collector මුල ඉඳන්ම කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි නියම ත්‍රාසජනක චිත්‍රපටයක්. ඔයාලත් බාගෙන බලන්නකො. අමතක නොකර Comment එකක් දාලම යන්න!!තවත් උපසිරසියකින් ඉක්මනින්ම මුණගැසෙමු! ඔබට ජය!!

ඔබට ජය!!

From Hell (2001) on IMDb

 

 

750 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න

2AB33288EF609BE4C267E958AB66020E14753903

1.6 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

91D0C67096C076A0884B7E255F1E9FB28584BD6A
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>