![The Last Witch Hunter (2015)]()
කොතනින් පටන් ගන්නද කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. එහෙනම් කොහොමත් එකයි කියලා මුල ඉඳන්ම පටන් ගමුකො. දන්නවා ඇතිනේ මම කවුද කියලා. සමන් ප්‍රසාද්. ඕක තමා නම. හැබැයි පස්සෙ මම බුකියේ නම වෙනස් කරගත්තා බ්ලැක් පැන්තර් කියලා. හැබැයි ඉතින් අන්තිමට සමීර කරුණාරත්නයට පින්සිද්ධ වෙන්න මම අන්තිමට පූසා බවට පත්වුණා
ඉතින් මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරසි කණ්ඩායමට නිල වශයෙන් එකතු වෙන්නෙ 2013 සැප්තැම්බර් 15. ඒ මම පොඩි කාලේ හෙන ආසාවෙන් බලපු The Lion King සිනමාපට ත්‍රිත්වයේ දෙවැනි සිනමාපටය වෙන The Lion King 2: Simba’s Pride කියන සජීවීකරණ සිනමාපටයත් එක්ක. මගේ මුල්ම උපසිරැසිය ඒ විදිහට අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා දැක්කාම දැනිච්ච සතුට වචන වලින් කියන්න බෑ. ඒ වගේම බයිකෝප් ප්‍රේක්ෂකයින් ඒකට දාලා තිබ්බ කමෙන්ට් දැක්කාම ඒ සතුට දෙගුණ තෙගුණ වුණා. මම ළඟදී අන්තිම වතාවට ඒ පේජ් එක බලද්දි එකට කමෙන්ට් 51ක් වැටිලා තිබුණා.
මට අද වගේ මතකයි කට්ටිය ඒකට දාලා තිබුණ කමෙන්ට්. මම සමහර වෙලාවට අදත් ඒ පේජ් එකට ගිහිල්ලා ඒ දාලා තියෙන කමෙන්ට් ටික කියවනවා. දැනෙන සතුට කියාගන්න බෑ. ඉතින් ඔතනින් තමා මගේ සබ් ගමන ආරම්භ වුණේ.
ඉතින් අද ඒ ආපු ගමනේ මුල්ම කඩයිම පහු කරනවා ඔන්න එහෙනම්. හැබැයි ඔව්, මම පිළිගන්නවා මේ කඩයිමට එන්න මම ගත්ත කාලය වැඩියි කියලා. පොඩි පොඩි හැලහැප්පීම මැද තමා මේ දුර එන්න වුණේ. ඒක තමා ඉතින් මෙහෙම පරක්කු වෙන්න හේතුව. මේ ගමන ඇතුලත දැනට කරගෙන යන ගෝතම් සීසන් 2 කතා මාලාවද ඇතුලත්ව රූපවාහිනී කතා මාලා එපිසෝඩ් ද, හින්දි සිනමාපට තුනකටද, අද මම ගේන මේ සිනමාපටය ඇතුළුව ඉංග්‍රීසි සිනමාපට 23 කටද උපසිරසි සපයන්න මට පුළුවන් වුණා. බයිස්කෝප් ප්‍රේක්ෂකයින් වෙනුවෙන්. ඉතින් ඒ ගමනෙදි මට සහය වෙච්ච අද ස්තූති කරන්න වගේම මතක් කරන්න ඕනා කරන හුඟ දෙනෙක් ඉන්නවා. ඒ හැමෝවම මතක් කරන්නයි යන්නේ දැන් ඔන්න. ඉතින් සබ් කරද්දී “තෝ ඔවම කරන්නෙ වෙන වැඩක් නැද්ද? කොයි වෙලේ බැලුවත් ඔය මගුල දිහා බලාගෙන ටයිප් කරන එකමයි වැඩේ. පොතක් පතක් බලාගනින් යකෝ” කිය කිය බැන බැන වුනත් සබ් කරද්දි තේ එක හදලා ළඟටම ගෙනත් දෙන මගෙ ආදරණීය අම්මව මුලින්ම මතක් කරන්න ඕනා. ඊට පස්සෙ මගෙ තාත්තව. මොන ප්‍රශ්ණ තිබ්බත් මෙහෙම සබ් කරන්න ඕන කරන සල්ලි ලෝබ කමක් නැතුව දෙන්නෙ තාත්තා තමා ඉතිං. පඩි දවසට ගානක් අතටම ගෙනත් දෙනවා ” ඔන්න මේ මාසෙ කාඩ් දාගනින්” කියලා.
අම්ම නම් ඉතින් රවන්නේ නැතුවත් නෙවේ මට කාඩ් දාගන්න සල්ලි දෙනවා වැඩියි කියලා.
අනික සමහර විට මම මේ සයිට් එකට කවදාවත් නොඑන්න තිබුණා මගේ හොඳම යාළුවෙක් වෙන ලහිරු අයේෂ්මන්ත නැත්නම්. මොකද මම කඩෙන් DVD ගෙනල්ලා ෆිල්ම් බලද්දි ඉංග්‍රීසි සබ් එක්ක තමා බලන්න පුරුදු වෙලා හිටියේ. ඉතින් පස්සෙ අයේෂය තමා මට මේ සිංහල සබ් ගැන කිවුවේ. “මෙන්න මේ සයිට් එකෙන් තමා බං මං සබ් ගන්නෙ” කියලා මට පස්සෙ බයිස්කෝප් සයිට් එකේ ඇඩ්‍රස් එක දුන්නා. ඉතින් මම පොඩ්ඩක් සබ් කිරිල්ල ගැන හොයලා බලලා ඉතින් මුල්ම සබ් එක විදිහට The Lion King 2 සබ් එක එව්වා.
ඉතින් බයිස්කෝප් සයිට් එකට සබ් කරන්න ප්‍රවේශ වෙන්න උදව් වුනේ ඔය තුන්දෙනා තමා. ඉතින් සයිට් එකට ආවට පස්සෙ තවත් වෙනමම සෙට් එකක් හම්බුණා. හෙහ්. පිස්සු කොරයි ඉතිං
මුලින්ම මට හම්බුණේ විකියා. හම්මෝ… හම්බුණ දවස් වල “සහෝ, අරක කරමුද? මේක කරමුද? මෙන්න මේක මරු. හම්මෝ… බේරිලි බොරු. හැබැයි විකියා කියපු ෆිල්ම් වලින් මම හා කිවුවේ එක ෆිල්ම් එක්කටද කොහෙද :v :v හැබැයි දැන් නම් මගෙන් මුකුත් අහන්නෙ නෑ ඔන්න…
ඉතින් ඊට පස්සෙ බයිස්කෝප් එකෙන් සෙට් වුණ ඩයල් එක තමා අපේ උන්නැහේ, එහෙමත් නැත්නම් රෝමියෝ, එහෙමත් නැත්නම් හැමෝම දන්න ශාන් විමුක්ති හෙවත් විමා. හරිම හිත හොඳ ඩයල් එක. වලි කප්පිත්තා. වතුර යටින් ගිහිල්ලා තමා බෝම්බ සෙට් කරලා එන්නෙ.
නිකොලස් ස්පාක්ස්ට වඩා නිකොලස් ස්පාක්ස් ලියපු පොත් ගැන මූ දන්නවා.
බෑ කියන්න බැරි නිසා ඉතින් මූ එක්ක එකතු වෙලා Stuck in Love සබ් එක කොලා ඉතින්. හම්බෙලා උපරිම අවුරුද්දක් විතර වගේ වුනාට පොඩි කාලේ ඉඳන් අඳුරන යාළුවො වගේ තමා ඉන්නෙ. මෙහෙම හිටියට හැබැයි මූ හරිම භයානක වැඩ කරපු පට්ට ඩයල් එකක්. අම්මෝ… කරපු වැඩ ගැන ඇහුවාම නම්… හම්මේ… :3 ඊට පස්සෙ බයිස්කෝප් එකෙන් සෙට් වුණ කෙනා තමා නිර්මාණි අක්කා හෙවත් කාටූන් අක්කා. බයිස්කෝප් එකෙන් සෙට් වුණ ප්‍රථම කාන්තා පාර්ශවය. කියලා වැඩක් නෑ. හරිම හිත හොඳයි. හරියට මට සලකන්නෙ මගෙම අක්ක කෙනෙක් වගේ තමා. බයිස්කෝප් එකේ ඕනම කෙනෙක් ඕනම උදව්වක් ඉල්ලුවොත් බෑ නොකියා කරලා දෙනවා. හැබැයි ඒ වගේම තමා අපෙන් උදව්වක් ඉල්ලලා බෑ කිවුවාමයි, උපදෙසක් අරගෙන උපදෙස අනුව වැඩ නොකලාමයි හොඳට කන් අඩි පුපුරන්න බැනුම් අහගන්නත් පුළුවන්. හම්මෝ. මතක් කරනකොටත් බයේ බෑ. අනන්තවත් බැනුම් අහලා ඇති…
:3 ඔය විමයි නිර්මාණි අක්කයි තමා ඉතින් මම සබ් කරන එක නවත්තන්න හදන වාරයක් වාරයක් පාසා නවත්තන්න දෙන්නෙ නැතුව බයිස්කෝප් එකේ තියාගන්නේ.
. ඉතින් ඊට පස්සෙ සෙට් වුණා ජෝනා හෙවත් ගයානයා. ඉතින් හරි හොඳ ඩයල් එක. කවුරු හරි මූට කරන්න පවරන වැඩ වෙන උන්ගේ කරේ ගහන හරි හොඳ ඩයල් එකක්. ඊට පස්සෙ එනවා ලංකාවේ හයිඩ්‍රා නියෝජිත තිසර නියෝ හෙවත් තිසර බුද්ධික. අනේ කතා බහක් නැති හරිම හොඳ ඩෑල් එක. කනට ඇහෙන්නේවත් නැති වෙන්න තමා කතා කරන්නෙ. ඒ වුනාට මොකෑ හයිඩ්‍රා නියෝජිතයෙක්.
අනිත් කෙනා හසා අයියා හෙවත් චොකොලට් මාමි. මාමි කිවුවට ඇත්තටම සීයා. :3 . නිදහසේ හිටපු මාව ගෝතම් වලට යට කරලා නිදහසක් නැති කරපු එක ගැන මම මාමිට පින් දෙනවා. හැබැයි එදා මාමා එහෙම මට ගෝතම් එක පැවරුවේ නැත්නම් මගේ තියෙන කම්මැලි කමත් එක්ක අදත් 50 ගහන්න හම්බෙන්නෙ නෑ. ඒ නිසා අද 50 ගහන්න මාමා කරපු ඒ දේ හුඟක් උදව් වුණා.
සබ් වල තිබුණ අඩුපාඩු හුඟක් මට පෙන්නලා දුන්නා සබ් වල තිබ්බ අඩුපාඩු හොඳට පෙන්නලා දුන්නා. විශේෂයෙන්ම ගෝතම් වල. ඉතින් මම හිතනවා මම ඒ අඩුපාඩු ටික හදා ගන්න ඇති කියලා. ඉස්සරහටත් වැරදි තිබ්බොත් පෙන්නලා දෙයි කියලා හිතනවා මාමේ…
තව ඉන්නවා ඉතින් අපේ රවිඳු මලයා, චූටි මලයා, අනේ මල්ලි පුළුවන් නම් මට මෙන්න මේ සීරියස් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහක් හොයලා දෙන්නකෝ කියා කියා මං ඉපදිලාවත් නැති කාලේ විකාශය වෙච්ච ටීවී සීරියස්, ෆිල්ම් ගැන අහන හෙට අනිද්දාම බඳින්න ඉන්න සුරේණි අක්කා ( අපිට වෙඩින් එක නොකියා හොරාට මගුල් කන්න නම් ලැස්ති වෙන්න එපා අක්කෙ… එහෙම උනොත් අක්කට අපෙන් කන්න වෙන මඩ ගැන හිතාගන්න බැරි වෙයි.
) ෂෙරීන් අක්කා, නලින් අයියා ( එදා ස්ටේෂන් එකේදී හම්බෙලා පිටට ගහපු පාර තාම මතකයි අයියේ. මතක් වෙද්දී තාමත් පිට කිස් කනවා.
), රොයිලි අයියා, සමීර චතුරංග අයියා, තාම ජීවතුන් අතර සිටිනවා යැයි ලැබෙන සාක්ෂි අනුව සලකා බැලෙන සමීර කරුණාරත්නයා, වැඩිය කතා බහ නොකලත් 93 කල්ලියේ සාමාජිකයෙක් වෙන පුබුදු සුපුනයා, දිනිඳු අයියා, දැන් අඩවියේ නැති වුණත් ප්‍රබල සාමාජිකයෙක් වෙන දිදුල අයියා, යශෝධයා, කින් සෑර් හෙවත් චලිඳු දේශානයා, හොල්මනක් වගේ ඉන්න තවම හරියට මූණක්වත් දැකලා නැති, අමාරුවේ වැටුන වෙලාවට සබ් කරන්න උදව් වෙන ප්‍රණීතයා, වරුණ අයියා, කැළුම් අයියා, අපේ හින්දි ගුරු හෙවත් ආසිරි අයියා ( මගේ යාළුවොත් වැඩියෙන්ම දන්නේ ආසිරි අයියව තමා. මොකෝ උන් වැඩියම බලන්නෙ හින්දි නිසා
), සිරාජ් කොලුවා, ඩිල්ශාන් කාලිංග හෙවත් ඩිලා, නැතහොත් කොටා :3 (මොකක් හරි කොරෝමෙකින් තව ටිකක් උස පලයන් බං. නැත්නම් උඹව රිපෝට් කරනවා…
) ඕන වෙලාවක ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරලා ඉල්ලුවාම බෑ නොකියා ඩිරෙක්ට් කරලා දෙන අපේ අනිත් වලිකාර සදුන් අයියා, දසන් කොලුවා, යශ්මිකයා, ඇරෝ මලයා හෙවත් කවිඳුවා, මාව එවරස්ට් කන්දෙන් බේරගත්ත අචින්ත මදුමාල් කොළුවා, දිමුතු අයියා, ඒ වගේම අපිට මෙහෙම වටිනා සයිට් එකක් ලංකාවේ සිනමා රසිකයින්ට ලබලා දුන්න ඉසිර ගුණතිලක අයියාවත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනා. ඉතින් මෙතන නම නොකියවෙච්ච කෙනෙක් ඉන්නවා නම් සමාවෙයි කියලා හිතනවා.
ඉතින් මම මෙතන කිවුව නොකිවුව කට්ටිය හුඟ දෙනෙක් පෞද්ගලිකවම හම්බුණා එදා අපේ පළමු සුහද හමුව වෙලාවේදී. ඉතින් එදා එකම මානසිකත්වයක් තියෙන (කොටින්ම කිවුවොත් එකම පිස්සුවක් තියෙන පිස්සෝ සෙට් එකක්) සෙට් එකක් එක්ක ලබාගත්ත විනෝදය නම් කියලා වැඩක් නෑ.
ඉතින් අද මෙච්චර ලොකුවට මේ කට්ටිය ගැන කියෙව්වේ වෙන කියන්න දවසක් නැති නිසා මේ වගේ දිනයක් ඇරෙන්න.
ඉතින් ඒ නිසා අද වගේ විශේෂ දවසක ජීවිත ගමනේ හම්බෙච්ච මේ පිස්සෝ සෙට් එක ගැන කතා කරන එක වටිනවා කියලා හිතුනා. ඒකයි මෙච්චර දිගට විස්තරයක් ලිවුවේ.
මේ වගේ එකම පිස්සෝ සෙට් එකක් හම්බෙන්නෙ බොහොම කලාතුරකින්නේ… හෙහ් හේ…
අර නිර්මාණි අක්කා කියන්නා වගේ ” බයිස්කෝප් එක නිසා මේ වුනේ හිතාගන්නවත් බැරි දෙයක්. ලංකාවේ කොහෙ කොහේ හිටපු කට්ටියක්ද මේ සෙට් වුනේ. ජීවිතේටවත් වෙන දෙයක්ද මේ වුණේ” කියලා තමා මටත් කියන්න තියෙන්නෙ.
ඉතින් ඒ වගේම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනා අපේ ප්‍රේක්ෂකයින්ව. මොකද අපි සබ් කලත් වැඩක් නෑ කවුරුවත් ඒ සබ් බලන්නෙ නැත්නම්. ඉතින් අපි දාන සබ් අදහස් දැක්වීමක් දාලා හෝ නොදාගෙන ඩවුන්ලෝඩ් කරගෙන යන ප්‍රේක්ෂක ඔයාලවත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනා මේ වෙලාවේ. අර විමා කියන්නා වගේ මටත් අද කියන්න තියෙන්නෙ “සිනමා රසික ඔබ තමා අපගේ කොදු නාරටිය, අප ඔබ වෙනුවෙනුයි උපසිරසි නිර්මාණය කරනුයේ.” එහෙනම් අද මගේ 50 වෙනි උපසිරැසිය විදිහට ගෙනාපු සිනමාපටය ගැන බලමුකෝ… ![:)]()
![Saman-50-Wish]()
අපි පොඩි කාලෙ ඉඳන් දන්න දෙයක්නෙ මායාකාරියෝ කියන්නෙ. එහෙමත් නැත්නම් සමහරු කියන විදිහට බටකොළ ආච්චිලා.
අපි මේ මායාකාරියෝ ගැන හැදිච්ච සිනමාපට හුඟක් දැකලා තියෙනවා. Hansel and Gretal:Witch hunters, Oz, Narnia ඒ වගේම අපි හැමෝම ආසාවෙන බලපු Harry Potter කියන්නෙ ඒ වගේ සිනමාපට වලට උදාහරණ කීපයක්. මේ සිනමාපට වල හොඳ මායාකාරියොත් ඉන්නවා හරියට හමයිනි වගේ. ඒ වගේම නරක මායාකාරියොත් ඉන්නවා හරියට අද මම ගෙනාපු සිනමාපටයේ වගේ. The Last Witch Hunter. හුඟ දෙනෙක් බලාගෙන හිටපු සිනමාපටයක් කියලා කියන්න පුළුවන් මේක. මොකද ප්‍රධාන චරිතය වෙන කෝල්ඩර් විදිහට ඉන්නෙ අපේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ඩොමිනික් අයියානේ. ඒ කිවුවේ වින් ඩීසල් අයියා. අනෙක් චරිත වෙන ක්ලෝයි විදිහට රෝස් ලෙස්ලිද, 37 වෙනි ඩෝලන් විදිහට ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් සිනමාපට ත්‍රිත්වයේ ෆ්‍රෝඩෝ බැගින්ස් විදිහට අපි හමුවට ආව එලයිජා වුඩ් ද, 36 වෙනි ඩෝලන් විදිහට මයිකල් කේන් ද, මායාකාර රැජිණ විදිහට ජූලි එංගල්බ්‍රෙක්ට් ද රංගනයෙන් දායක වෙනවා. IMDb අගය 6.1ක්. කතාව මෙහෙමයි.
කෝල්ඩර් කියන්නෙ මීට වසර 800කට කළින් ලෝකයේ ජීවත් වෙච්ච භයානක මායාකාරියකගෙන් අමරණීය වෙන්න කියලා ශාපයක් ලබපු පුද්ගලයෙක්. කෝල්ඩර්ට මේ ශාපය ලැබෙන්න එයා මේ මායාකාරියව මරණ වෙලාවේ. කෝල්ඩර් හිතන්නෙ මේක එයාට මායාකාරිය විසින් දුන්න දඬුවමක් කියලා මායාකාරියව මරපු නිසා. ඉතින් මෙහෙම අවුරුදු 800ක් ගෙවෙනවා. අවුරුදු 800කට පස්සෙ ඒ කියන්නෙ වර්තමාන දවසේ කෝල්ඩර් Axe and Cross කියන සංවිධානයේ මායාකාරියන් දඩයම් කරන්නෙක් විදිහට වැඩ කරද්දී එයාගේ සහයට ඉන්න ඩෝලන් යයි හඳුන්වන තනතුර දරන 36 වෙනි පූජකයා විශ්‍රාම යනවා. හැබැයි එදා රෑම ඒ 36 වෙනි ඩෝලන්ට හඳුනා නොගත්ත මායාකාරයෙක් ශාපයක් කරනවා. ඉතින් දැන් මොකද වෙන්නෙ??? ඉතින් දැන් මොකද වෙන්නෙ කියලා විනාඩි 106ක් පුරාවට දිවෙන මේ සිනමාපටය ඔයාලම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ඉල්ලනවා. එහෙනම් ඊළඟ සිනමාපටයෙන් හම්බවෙනකම් බයිස්කෝප් වෙත එන සියළුම දෙනාට බුදු සරණයි…!!! ජය වේවා…!!!
වෙබ් පිටපත සදහා යාවත්කාලීන කර ඇත.
![]()
![Superman: Doomsday (2007) on IMDb]()
![]()
800 MB (720p.HDRip.x264) කොපිය මෙතනින් ගන්න
E4E1F58E3C6F8C9A430E086274CB63C8B5B28B49
899 MB (720p.WEB-DL) කොපිය මෙතනින් ගන්න
ECE66D875A86F13B3A8A652A5D553600AE292B4F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.