Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Trust (2016) with Sinhala Subtitles |විශ්වාසය! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Trust (2016)

ටික දවසකට පස්සේ ආපහු ආවා තවත් චිත්‍රපටියක් අරගෙන.මේ චිත්‍රපටිය නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන්නේ මැයි 13වෙනිදා.හැබැයි හොද කොපියක් කලින්ම ආවා. ඒ වුනාට මේ වෙනකම් නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනේ නෑ.හොද තත්වයේ උපසිරැසියක් ආව ගමන් ඔන්න මේක අරන් ආවා. විනාඩි 92ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට imdb5.4ක අගයක් හිමිවෙලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Nicolas Cage(ජිම්)සහ Elijah wood(ඩේවිඩ්).

කතාව ගැන පොඩි සදහනක් කරන්නම්. ජිම් සහ ඩේවිඩ් කියන්නේ පොලිස් පරීක්ෂකවරුන් දෙන්නෙක්. ඉතින් ඔවුන් මෙහෙම වැඩකරගෙන යද්දී මත්‍ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගේ සිද්ධියක් ගැන දැනගන්න ලැබෙනවා. එතනදී ජිම් දකිනවා ලොකු ඇප මුදලක් ගෙවලා ඔහුව නිදහස් කරගෙන තියනවා කියලා. ඉතින් ජිම්ට ඕන වෙනවා මෙච්චර මුදල් ප්‍රමාණයක් කොහෙන්ද ලැබිලා තියෙන්නේ කියලා දැනගන්න. ඉතින් ජිම් මේකට ඩේවිඩ්වත් හවුල් කරගන්නවා. ජිම් සහ ඩේවිඩ් දෙන්නම මේක ගැන හොයලා බලද්දී අවසානයේදී ඔවුන්ට සැක කටයුතු තැනක් ගැන දැනගන්න ලැබෙනවා. එතනට ප්‍රවාහන කටයුතු සියල්ලම රහසින් තමා සිදුකරන්නේ. ඒ වගේම ඒ තුල ඉතා සුරක්ෂිතව අගුළු දාපු ලොකර් එකක් තියන නිසා ජිම් හිතනවා මෙතන වටින කියන දෙයක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ජිම් සහ ඩේවිඩ් එතන තියෙන්නේ මොනාවුනත් ඒවා මංකොල්ල කන්න හොද සැලසුමකුත් හදාගන්නවා. ඉතින් මේ දෙන්නගේ වැඩේට මොනා වෙයිද? ඇත්තටම එතන තියෙන්නේ මොනවද? ඒ විතරක් නෙමේ ජිමී කියන්නේ සම්පූර්ණයෙන්ම අවංක කෙනෙක් නෙමේ. ජිමීට එක එක විදියේ රහස් තියෙනවා. ඒ මොනවාද? කියන ඒවා දැනගන්න නම් ඉතින් කතාව බලන්න වෙනවා. ටිකක් වෙනස් විදියේ කතාවක්. හිතන්නේ නැති අවසානයක් තමා තියෙන්නේ. එහෙනම් බාගෙනම බලන්නකෝ! තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

 

Kill Your Friends (2015) on IMDb

 

 

720 MB (720p.BrRip) කොපිය මෙතනින් බාගන්න

B61BCAB7B323F53F940FBA1B49A85CE03E54FE03
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>