බොහෝම ප්‍රමාදයි තමයි නමුත් කරන්න දෙයක් නෑ, දැන් වැඩ වැඩියි. සමාධි අක්කට කරන්න බැරිව බාරගත්තු එක මටත් කරන්න බැරිවේගෙනයි එන්නේ. කොහොම වුනත් තවත් එක කතාවයි දෙන්න තියෙන්නේ. ඒකත් නිකුත් වුනා. ඒකත් පුළුවන් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා.
පසුගිය කතාවේදී නම් ස්කෝපියන් කණ්ඩායම එකතු වෙලා ලෝකයේ ආරක්ශිතම සුරක්ශිතාගාරයට කඩා වැදුනා. ඒ වගේම ඒක ඇතුලේ ලොකු කලබගෑනියක් කරලා මෙයාලාව ඒ කරදරේට පටලවපු මනුස්සයව ඒ අවුලටම පටලවලා හැමෝම පරිස්සමට පැනලා ආවා. ඉතිං මේ සිදුවීම් අස්සේ ඔයාලා දන්නවා ටිම් ආම්ස්ට්‍රෝන්ග් කියලා කෙනෙකුත් අලුතෙන් කණ්ඩායමට එකතු වුනා කියලා. කලින් රේ එකතුවෙලා එයා කණ්ඩායමෙන් ගියා. ඒත් ටිම්ව එක්කගෙන ආවේ කේබ්. හෝම්ලෑන්ඩ් එකේ පුහුණුවෙන කෙනෙක් විදියට. ඉතිං ආපු වැඩේ කරගෙන ඉන්නේ නැතුව පේජ්ට ලයින් දාලා කොහොමහරි පේජ් එක්ක යාලු වෙලා ඉන්නේ. දෙන්නා රෑ කෑමට යනවා උකුලු මුකුලු කරනවා. මේක ඉතින් වෝල්ටර්ට දරාගෙන ඉන්න අමාරු වුනත්, ඒවා එලියට පෙන්නන්නේ නැතුව එයාට කිසිම ඉරිසියාවක් නොදැනෙන ගානට ඉන්නවා. හැමෝම කොහොමහරි වෝල්ටර්ට බල කරන්නේ හිතේ තියෙන දේ කොහොමහරි පේජ්ට කියලා දාන්න කියලා. ඒත් වෝල්ටර් ඒවට වැඩි ඇහුම්කන් දීමක් ඇත්තේ නෑ.
මේ පලහිලව් අස්සේ අදත් මෙයාලට විසඳන්න ප්‍රශ්ණයක් ලැබෙනවා. කලින් වගේම අවධානම් සිද්ධියක්, ඒත් හොර රහසේ කරන්න හෝ, මෙයාලට විරුද්ධ වෙන්න කවුරුවත් මෙදා පාර නෑ. අද මෙයාලට ලැබෙන්නේ වසර 30කට පමණ කලින් කාන්දුවීමකට ලක්වෙලා පිපිරීමේ අවධානමකට ලක්වුනු යුක්රේනයේ චෙර්නෝබ්ල් බලාගාරයේ වැඩක්. මේක බොහෝම ලෝක ප්‍රසිද්ධ ස්ථානයක්. දැනට ලෝකයේ මනුශ්‍ය වාසයෙන් තොර නගර සහ දූපත් තිබෙනවා. ඒකට හේතුව ඒවයේ මනුශ්‍ය වාසයට නුසුදුසු වීම. ඉතිං මේ චෙරිනෝබ්ල් බලාගාරයත් එහෙම මනුශ්‍ය වාසයෙන් තොර නගරයකට වග කියන්න වෙන තැනක්. 1986 අප්‍රේල් 26දී තමයි න්‍යශ්ඨික බලාගාරය නිසා විශාල ව්‍යසනයක් සිදුවෙන්නේ. මේක තමයි දැනට ඉතිහාසයේ සිදුවෙලා තියෙන විශාලතම න්‍යශ්ඨික බලාගාර ව්‍යසනය. මේ බලාගාරයේ පිපිරීම නිසා ඇතිවුනු විකිරණ තත්වයන් මුලු රුසියාවටම බලපෑවා. ඒවා බොහෝම තාවකාලික වුනත්, මේ බලාගාරය නිසාවෙන් Pripyat නම් නගරයේ සිටි 49,360 වූ ජනතාව මුලුමනින්ම ඉවත් කරන්න සිදුවුනා. මේ නගරය ලෝකයේ තියන පාලු නගර වලින් අති ප්‍රසිද්ධ නගරයක්. ඉතිං එයාලට මෙතනට යන්න වෙනවා අවුරුදු 30ක් තිස්සේ පාලනය කරලා තිබුණූ විකිරණ කාන්දුවීම නතර කිරීමට ආවරණයක් පිහිටුවන්න සුදුසු භූමි තත්වය නීර්ණය කරන්න. මේ වැඩේට ගියාට පස්සේ හැමදාම වගේ වැඩේ වන වෙලා උත්සන්න වෙලා, කොහොමහරි යාන්තං බේරෙනවා.
ඉතිං බලමු නේද කට්ටියම මේ බලාගාරේ වැඩේ ගොඩදාන්නේ කොහොමද කියලා. එහෙනං මීලඟ කතාවෙන් බොහෝම ඉක්මනට හමුවෙමු. අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
1186 downloads
<< Previous Episode All Episodes Next Episode >>