අහසේ දෙයියෝ නෑ කිය කිය හිටියා මිසක් මෙච්චර කාලයක් සුපර්නැචුරල් බලපු දෙයියව දැක්කේ නැහැනේ. අද කොටසට දෙවියෝ අදාළ වෙනවා. නමුත් ඉතිං සැබෑ ස්වරුපයෙන් නම් නෙවෙයි. ඔයාලට මතකද දන්නේ නෑ අපේ මේ සෑම් හා ඩීන් දෙන්නගේ චරිත දාලා ඇත්තටම කතාවේ සුපර්නැචුරල් පොත ලියපු කාවර් එඩ්ලන්ඩ්. අන්න එයාගේ ඇගට ආවේශ වීමක් වගේ තමයි ඇත්තටම මේ දෙවියෝ කරලා තියෙන්නේ. මෙයාව මුලින්ම හමුවෙන්නේ නම් කුණු ගොඩක කෑම හොය හොය හිටිය මෙටට්‍රෝන්ට ඇත්තටම කියනවනම් එයාව හොයාගන්නේ දෙවියෝ. මේ අතරේ සෑම් හා ඩීන් දෙන්නට ආයෙමත් සැරයක් අර මීදුම හමුවෙනවා. සෑම්ගේ ඇග පුරාම තද කළු පාටින් නහරවල් ඉලිප්පිලා මැරෙන්න ගියේ. අන්න ඒකට හේතුව තමයි මේ මීදුම. කොහොමහරි ඒක ආයෙමත් වතාවක් එනවා. මිනිස්සු ගොඩක් මැරෙනවා. පාලනයෙන් තොර වෙනවා. ප්‍රශ්නේ ගොඩක් දුර දිග යනවා. දන්නවනේ ඉතිං මේක පිටිපස්සේ ඉදන් මේ දේවල් කරන්නේ කවුද කියලා. වෙන කවුද ඉතිං සැමදා අන්ධකාරය “අමාරා.” කැස්ටියල්ට මොනා උනාද කියලා දන්නෙත් නෑ. අද කොටසේ එහෙනම් දෙයියා කියන වැදගත් කතා ටික අහගන්නකෝ. මීළග උපසිරැසියෙන් හමුවෙමු. ජය.!
1167 downloads
<<Previous Episode All Episodes Next Eepisode >>