ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් මමත් මගේ පළමු උපසිරැසිය අරගෙන ආවා , මේක බාර ගත්තේනම් ජනවාරි මාසේ . කරුමේ කියන්නේ බාරත්තේ ජනවාරි 23 . බයික් ඒක පෙරලා ගත්තා 24 වෙනිදා. දකුණු අත කඩාගෙන මොන ටයිපින්ද . ආපහු කොම්පියුටරේ කොටන්න ගත්තේ මැයි මාසේ . ඉස්සෙලම කරේ දුන්න පොරොන්දුව ඉෂ්ට කරපුඑක. ඉතින් සමාවෙන්න පරක්කු උනානම්, එත් මම අමතක කලේ නැ ඔන්න. මම බයස්කෝප් එකෙන් නිතරම සබ් ගන්නවා . ඉතින් කැමැති චිත්‍ර පටියක් හොයා ගත්තගමන් බලනවා තියද කියල. මම දැක්ක මේ Tremors කියන චිත්‍රපටි පෙලේ එකක් වත් බයිස්කෝප් එකේ නැ කියල. හේතුව නම් දන්නේ නැ. එත් කියන්න ඕන නියම චිත්‍රපටි පෙළක් කියල . ඉසේල්ලම ඒක ආවේ 1990 . අන්තිම ඒක ආවේ 2015 ඔක්තෝම්බර් වල . සත්තු ගැන තියන කතාවක් , කම්මැලි නැතුව බලන්න පුළුවන්.
මම මේකට දාපු නම “ බින්කුන්ඩෝ “ කියල . මොකද කියල බැලුවම තේරේවි . මේ තියෙන්නේ පලමු කොටස ඒ කියන්නේ Tremors (1990) චිත්‍රපටියේ උපසිරැසිය. කතාව ගැන ටිකක් කියනවනම් , මේක සිද්ද වෙන්නේ ඇමරිකාවේ දුෂ්කර ටවුමක. ජිවත් වෙන මිනිස්සු ටිකක් වටා .හරිම ඒකාකාරී ජිවිතයක ගෙවන මිනිස්සුන් ට එකපාරටම විනාසයක් කඩා පාත්වෙනවා. කඩා පාත්වෙනවා කිවුවට පොලව යටින් එන්නේ . මේ ගමට එනවා කවදාවත් හොයා ගත්තේ නැති සත්තු ජාතියක් . පට්ට ලොකු ඒවගේම හොදට මොලේ තියන එවුන් වගයක්. ඉතින් ගමේ මිනිස්සු උන්ව පරද්දල ජිවිතේ බෙර ගන්න විදිය තමා චිත්‍රපටිය පුරාම තියෙන්නේ . මටනම් කම්මැලි නැතුව බලන්න පුළුවන්., මම හිතනවා ඔයාලටත් පුළුවන් වේවි කියල. IMDB රේටින් 7 ට වඩා අරන් තියනවා . ඒ කෙන්ම හිතා ගන්නකො.
ඔයාලට මේ ෆිල්ම් ඒක හිතට ඇල්ලුවොත් මම මේකේ දෙවෙනි කොටස වන Tremors 2: Aftershocks (1996) දෙන්නම්. බයිස්කෝප් එකේ ඇඩ්මින්ලාගෙන් සමාව ඉල්ලනවා පරක්කු උනාට. හොදයි, බුදු සරණයි ඔක්කොටම.
160 downloads