දැන් නම් කතාව පට්ට වෙනවා.මම කිව්වෙ මේ කොටසේ ඉදන්.මේ කොටසේ ආලෝකය කියන්නෙ කවුද කියලා එලිවෙනවා.ආලෝකය කියන්නෙ හෙන ලොකු කල්ලියක්.නායකයා වෙන්ඩල් සැවේජ්.හරියටම කිව්වොත් legends of tommorow එක හතුරා තමයි.මේ ඉතින් 14වන කොටසනෙ.
මම වැඩියෙන් ආස කරන්නෙ ඩීසී ලට. ඩිස්නි වලටත් ආසයි. ඒත් ඊට වැඩිය ඩීසීලට ආසයි. කොල්ලො ගොඩක් එහෙම තමයිනෙ ඉතින්. මට මේ කතාවට සබ් එක දෙන්න කියලා මට පෞද්ගලිකව මගේම පාසලේ යාලුවෙක් කිව්වා. ඒ දුලින. එයා තමයි මගේ හොදම යාළුවා. ඒ වගේම මම එයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මාව මේකට පෙලඹුවට. එයා විතරක්ම නෙවෙයි මම ජස්ටිස් ලීග් ෆිල්ම් වලට සබ් එක දුන්නහම සමහර අය මට comment කරලා තිබ්බා අනේ මල්ලියෝ යන්ග් ජස්ටිස් එකටත් සබ් එක දෙන්නකෝ කියලා. ඉතින් මම ඕගොල්ලොන්ගෙ පැතුම ඉටු කරා,හොදේ. සමහර අය කැමති නෑනෙ ඔය සටන් තියන කතා බලන්න . ඒ යටත් මම ආදරයෙන් ආරාධනා කරනවා මේක බලන්න කියලා. ඉතින් අපි වැඩි කතා ණැතුව කතාව පැත්තට යමු.
ගස් වර්ගයක් මුළු ලෝකයේ තියෙන නොයෙකුත් නගර වලට පහර දෙනවා. ලීගය ගෝලයන්ට කියනවා ඒ ගස් පාලනය කරන ප්‍රධාන තැන හොයලා ඒක විනාශ කරන්න කියලා. ඊට පස්සෙ ඒගොල්ලො දැනගන්නවා මේ ගස් එවන්නෙත් වෙන සංගමයකින් කියලා. ඉතින් රෙඩ් ටොර්නෑඩෝට ඇත්තටම මොකක්ද වුණේ කියලා දැනගන්න ඕගොල්ලොන්ට 15 බලන්නම වෙනවා. ඒකත් මම අරන් එන්නම්.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
69 downloads