Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

We Are Family (2010) with Sinhala subtitles|පවුලක් මෙලෙසද නිර්වචනය කල හැක.. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

We Are Family (2010)

“කළින් පළ වූ ලිපිය”

ෆිල්ම් එකේ හොඳ කොපියක් එනකම් මග බලාගෙන හිටියේ. ෆිල්ම් එක බලපු ගමන් තමයි මේක ලියන්නේ. මම ඔයාලගෙන් ඉල්ලන්නේ දෙපාරක් හිතන්නේ නැතුව බාගෙන බලන්න. හරිම හිතට වදින ෆිල්ම් එකක්. හරිම ලස්සනයි. මට කියන්න වචන නැහැ. යම් යම් දේවල් ගැන අපිට නොපෙනෙන අපි නොහිතන පැති කොයි තරම් තියෙනවද කියලා මේක බැලුවම මට හිතුනා. එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැන ගමු නේද?

මගේ කැමතිම ෆිල්ම් ඩිරෙක්ටර් තමයි කරන් ජොහාර්. එයා කරපු හැම ෆිල්ම් එකක්ම ගොඩක් ආසාවෙන් බැලුවා. එයා නිෂ්පාදනය කරපු ෆිල්මුත් ගොඩක් ලස්සනයි. මේකත් එයාගේ නිෂ්පාදනයක්. මේකෙ ඩිරෙක්ටර් සිද්ධාර්ත් මල්හෝත්රා. මේකෙ හරිම ලස්සන සංගීතයක් තියෙනවා, ඒක කරල තියෙන්නෙ ශංකර් – ඒශාන් – ලෝයි. සංස්කරන කටයුතු කරලා තියෙන්නෙ දීපා භාතියා.

මේ ෆිල්ම් එක 2010 සැප්තැම්බර් මාසේ තමයි නිකුත් උනේ. ගොඩක් අලුත් ෆිල්ම් එකක්. මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ කාජල්, අර්ජුන් රාම්පාල් සහ කරීනා කපූර්. මේ ෆිල්ම් එකේ මේ තුන්දෙනාම එකිනෙකාට නොදෙවනි අයුරින් අති විශිෂ්ට රංගනයක නියැලෙනවා. මෙයට අමතරව තවත් ලමා චරිත කිහිපයකුත් මේ ෆිල්ම් එකට ඇතුලත්. මේ ෆිල්ම් එකේ සම්පූර්න රූගත කිරීම් සිදු කරලා තියෙන්නෙ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරයි.

මම මෙහි කතාව ගැන ඉතාමත් කෙටියෙන් විස්තරයක් කියන්නම් ඔයාලගෙ රසවින්ඳනයට හානියක් නොවන විදියට. දරුවන් තුන් දෙනෙක්ගෙන් සමන්විත පවුලේ මව්පියන් අතර ඇතිවන පවුල් ජීවිතය සම්බන්ධ ගැටලු දරුවන්ගේ ජීවිත වලට බලපාන ආකාරයත්, එහිදී ගන්නා යම් යම් තීරන අනාගතයේදී ඔවුනොවුන්ට බලපාන ආකාරයත්, සාම්ප්‍රදායික තුන්වැන්නෙකුගේ චරිතයට නව අර්ථකථනයක් දී ඇති ආකාරයත් මෙහිදී මැනවින් නිරූපනය කරනවා. බයනැතුව බාගෙන බලන්න. බලලා හොඳ නරක කියලා යන්න. ඔයාලට ජය වේවා.

“මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “අකලංක යාපා” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම්සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය”

“නව ලිපිය”

ඔන්න මගේ දහවෙනි උපසිරැසියත් අරන් ආවා පොඩ්ඩක් මේ පැත්තට. සුපුරුදු පරිදි චිත්‍රපටය හින්දි එකක්, නම We Are Family, 2010දී තමා තිරගත වෙලා තියෙන්නේ. ගොඩක් දෙනා නරඹලා ඇති, ඒත් ඒ බලපු අයට ආයෙත් බලන්නයි, නොබලපු යට බලන්නයි තමා ගෙනාවේ.

මේ චිත්‍රපටය 1998දී තිරගත වුණු Stepmom නැමති හොලිවුඩ් චිත්‍රපටයේ ඔෆීෂියල් රීමේක් එකක්. අධ්‍යක්ෂණය කරන්නේ Siddharth Malhotra, ඔහුගේ මින් පෙර හෝ මින් පසු හෝ සිනමා නිර්මාණයක් මා දන්නා තරමින් නොමැත. නිෂ්පාදනයෙන් Karan Johar දායක වන අතර රංගන දායකත්වය සපයන්නේ කාජල්, අර්ජුන් රාම්පාල් සමඟ කරීනා කපූර්. එවර හොඳම සහය නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය මේ චිත්‍රපටිය වෙනුවෙන් ලබාගන්න කරීනා කපූර් සමත් වෙනවා.

චිත්‍රපටයේ කතාව කිව්වොත්… මායා සහ අමන්(කාජල් සහ අර්ජුන්) කියන්නේ දරුවන් තුන්දෙනෙකුට හිමිකම් කියන දික්කසාද වී වෙන වෙනම ජීවත් වෙන යුවලක්. දරුවන් තිදෙනා හැදී වැඩෙන්නේ මායා භාරයේ.. අමන්ගේ වත්මන් පෙම්වතිය තමා ශ්‍රේයා(කරීනා) කියන්නේ.. අමන් හදන්නේ තමන්ගේ දරුවන් සමඟ ශ්‍රේයාව යාළු කරවන්න, නමුත් ඒ හැම ප්‍රයත්නයක්ම වරදිනවා, මේ අතර මයාට පිළිකාවක් වැළඳෙනවා……. ඉතුරු ටික චිත්‍රපටිය බලලම දැනගමු… චිත්‍රපටිය අවසාන වෙද්දී ඇසට කඳුළක් එන එක නතර කරන්න නම් බැහැ… තමා නැරඹු සංවේදී චිත්‍රපටියක් බවට ගොඩ දෙනෙක් මේ චිත්‍රපටිය නම් කරාවී.

චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ ශංකර්-ඒෂාන්-ලෝයි නමැති තුන්කට්ටුව.. සංවේදී ගීත කිහිපයක් වගේම එල්විස් ප්‍රෙස්ලිගේ ජෙල්හවුස් රොක් නමැති ගීතයේ තනුවට ගැයුණු හින්දි ගීතයක් මෙහි තියෙනවා, රහත් ෆටේ අලි ඛාන්, ශ්‍රේයා ගෝශාල්, සෝනු නිගම්, ශංකර් මහාදේවන්, විශාල් වගේ ගායක, ගායිකාවන්ගේ හඬින් තමා මේ ගීත ඔපවත් වෙලා තියෙන්නේ. හැම සිංදුවකටම උපසිරැසිත් යොදලා තියෙනවා. ඉතිං තව උපසිරැසියක් අරගෙන මේ පැත්තට එන්නම්, බාගෙන යන ගමන් අදහසකුත් පළ කරගෙන යන්න. එහෙනම්,

ම්හේ රහී ප්‍යාර් කේ, ෆිර් මිලේන්ගේ, චල්තේ චල්තේ..

We Are Family (2010) on IMDb

 

708 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

9BC2B22739DE99923589E87BEC7ACE31848A9FC0

900 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

3658662AF2170B4BF0F96264AEBC329D3CB37ED9

1.47 GB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

F565CA5898194E0E5EF9FF20AD865DEB81B233B0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>