ටෙලි කතාවක් වෙන්න පුළුවන් චිත්‍රපටයක් වෙන්න පුළුවන් වරක් අසාර්ථක වුණායින් පස්සේ නැවත අවස්තාවක් වැඩි කලක් යන්න කලින් ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම එකේ යම් ගත යුත්තක් තියෙන්න ඕනේ නෙව, ඉතින් එහෙම අවස්ථාවක් තමයි The Mortal Instruments වෙත මේ උදා වෙන්නේ. 2013 වසරේ බයිස්කෝප් මාමා ඔබ වෙත අරගෙන ආව The Mortal Instruments: City of Bones (2013) බොහොම දෙනෙක් බලන්න ඇති කියලා හිතනවා, නමුත් ඒක ඒ හැටි ජනප්‍රිය වුනේ නැහැ නෙව. ඉතින් දැන් ඔන්න Cassandra Clare විසින් රචිත ලොව පුරා තරුණ පරපුරේ අතිශය ජනාදරයට පත් මේ පොත් පෙල ABC Family නාලිකාව එකක් සති පතා ඔබ අප හට දැකගන්න ලැබේවි අපිට.
The Mortal Instruments පොත් පෙළ ගැන කතා කලොත් 2007 තමයි මුල්ම ග්‍රන්ථය දොරට වඩින්නේ. අධික ඉල්ලුම නිසාම City of Bones පසු පස එනවා City of Ashes, City of Glass, City of Fallen Angels, City of Lost Souls හා 2014 පැමිණි City of Heavenly Fire. කතාන්දරය ගලා යන්නේ මිනිස් අපිව අපිට නොපෙනන අන්ධකාරයේ සැගවුන අඳුරු සෙවනැලිවලින් බේරා ගන්න, ඒවා අපේ ඇස් මානයෙන් පලවා හරින්න වෙර දරන සෙවනැලි දඩයක්කරුවන් නමින් හදුන්වනා පිරිසක් ගැනයි. මොවුන් පමණක් නෙමෙයි අපිට නොපෙනන මේ අදුරු ලොව ගැවසෙන්නේ, මයා කරුවන්, විවිධ භයානක ජීවින්, ලේ උරා බොන්නන්…, එකී නොකී අපි අසා ඇති සියලුම කතා ඇත්ත බව පසක් වේවි මේ ඉන්න චරිත දැක්කහම.
මේ වතාවේ තිරය ඉදිරියේ අපි දකින චරිත වෙන්නේ Katherine McNamara, Dominic Sherwood, Alberto Rosende, Emeraude Toubia, Matthew Daddario, Harry Shum Jr., Isaiah Mustafa, Alan Van Sprang වගේ පිරිසක්, මේ අතර අපි දන්නා හඳුනන අය වගේම අලුත් පිරිස තමයි වැඩි. Action, Drama, Fantasy කාණ්ඩ නියෝජනය කරන මේ කතා මාලාව මේ වෙනකොට IMDB 6.8 ක අගයක් ලබාගෙන තියනවා. මුල් කතා සමයේ කතා 13 තිරගත වෙන්න තමයි නියමිත වෙලා තියෙන්නේ.
හැරෙමු නේද එහෙනම් කතාව පැත්තට….
ක්ලැරි ෆ්‍රේ තමුන්ගේ 18 වැනි උපන්දිනය දවසේ බොහොම සතුටෙන් ඉන්නේ, මොකද ඇයගේ ජිවිත කාලයේම සිහිනය වුන චිත්‍ර කලාවෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වන ඇය අද ලොකු පිම්මක් පනින්න තමයි සුදානම. නමුත් එතන තෝරාගැනීමේ මණ්ඩලයේ ඇස යොමු වෙන්නේ ඇයගේ කුරුටු බලි වෙත. ඒවා කෙසේ වෙනත් නමුත් එහි යමක් තියනවා දකින්න. ඒ ඇය තවමත් නොදකින යමක්.ඇයගේ මව කෙසේ හෝ තමුන්ගේ දුවණියට යමක් කියන්නයි සුදානම් වෙන්නේ. නමුත් දෛවය ඇයට හරස් වෙන්නේ නොසිතූ ලෙසකින්. මේ සියල්ල එක්කම් ක්ලැරි තමුන්ගේ උපන් දිනය සමරන්නට ගොස් සිටින වෙලේ ඇය දකිනවා ඝාතනයන්. නමුත් මෙය එසේ මෙසේ දෙයක් නෙමෙයි, මොකද වට පිටිටාවේ කිසිවෙන් ඇය දකිනා දේ දකින්නේ නැහැ. මොකද මෙහෙම වෙන්නේ? මේ සියල්ලට මැදි වෙන අගේ ඇති තරුණයෙක් වෙතත් ඇයගේ ඇස යොමු වෙන්නේ නොදැනීම. ඔහු කවුද? ඇයගේ මවගේ රහස කුමක් ද? ඇයගේ රහස කුමක් ද? මොකද්ද මේ සෙවනැලි ලෝකය ?
ඔය හැමදෙයක්ම දැක බලාගන්න, පැටලුම් ලිහාගන්න, එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. කොටස් 13 ක් පුරාවට ෆැන්ටසියෙන් සහ ක්‍රියාදාමයෙන් පිරුණු මේ ගමනට අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ලබන සතියේ කොටස එක්ක නැවත හමු වෙමු.
ලිපිය සහ අදහස :- සමීර කරුණාරත්න.
ආයු -බෝ -වේවා !!!
1425 downloads