ඔන්න එහෙනම් 12 වෙනි එපිය අරං ආව. ඒ කියන්නෙ අවසාන එපියට කලින් එපිය. මේකට IMDB අගය මේ වෙද්දී 8.0ක අගයක් ලැබිල තියනව. කලින් වගේම ඉතිං වැඩ ගොඩක් අස්සෙ එපිය අරං ආවෙ. ඉතිං වැඩි විස්තරයක් නැතුව කථාව ගැන පොඩ්ඩක් කියන්නම්.
එදා බෙනට් අතුරුදන් වුණාට පස්සෙ තවමත් ආරංචියක් නැහැ. මේ එපියේත් ඒ අතුරුදන් වීම තවමත් එලෙසම තියනව. මලීන ටොමීව හොයනව ටොමී මලීනව හොයනව. දෙන්නට දෙන්නව මුණගැහෙයිද? ටොමී එරිකාට උදවු කරගෙන යයිද? නැත්තම් හිත වෙනස් කරගනිද? ඒවගේම එරිකාගේ අතීතය ගැන දර්ශන කිහිපයක් බලාගන්නත් පුළුවන් මේ කොටසේදී. එරිකා මෙච්චර ඊවෝලට වෛර කරන්න හේතුවත් එයාගෙ අතීතය වෙන්න පුළුවන්. ගිය සතියෙ ටේලර්ව අල්ලගත්ත මැට්. ඉතිං ටේලර්ට මොනවා වෙයිද? මැට්ට තමන් බලාපොරොත්තු වෙන ඔරලෝසු තුන ලැබෙයිද? නොහිතපු දේවල් ගොඩක් වෙනව අද කොටසේ. එහෙනම් කට්ටියම කථාව බලන්න. ඊළඟ එපිය හෙවත් කතා මාලාවෙ අවසාන එපියෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා!
628 downloads
<< Previous Episode All Episodes Next Episode >>