Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Gods of Egypt (2016) with Sinhala Subtitles |ඊජිප්තුවේ දේවතා සටන [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Gods Of Egypt (2016)-2

ටික දවසකට පස්සෙ ඔන්න තවත් සිනමාපටයක් අරගෙන ආවා. දැන් ඉතින් වැඩියෙන්ම මගෙ අතිනුත් කෙරෙන්නෙ ටීවී සීරියස් නොවැ. ඒ අස්සෙ තමා මේ ෆිලුම අරගෙන ආවේ.  IMDb මීටරේ 5.7ක්.  මීටරේ නම් අඩුයි තමා. හැබැයි දේව කතා ප්‍රියකරන කට්ටියට බලන්න වටිනා ෆිල්ම් එකක් කියලා මම කියනවා. සජීවීකරණ තාක්‍ෂණය උපරිම විදිහට භාවිතා කරපු සිනමාපටයක් කියලා කියන්න පුළුවන්. අධ්‍යක්ෂණය වෙන්නෙ The Crow,I Robot, Knowing වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ Alex Proyas අධ්‍යක්ෂකවරයා අතින්. ඉතින් මේ කතාව බලාගෙන යද්දි අපිට දෙවිවරු විශාල ප්‍රමාණයක් හම්බවෙනවා.  මුළින්ම බලමු අපි එහෙනම් සිනමාපටය තුල අපිට හමුවෙන දෙවිවරු ලැයිස්තුව.( දේව ලැයිස්තුව 😛 )
*Osiris (ඔසයිරිස්)
*Hathor (හතෝර්)
*Nephthys (නෙෆ්තිස්)
*Thoth (තොත්)
*Horus (හෝරස්)
*Isis (අයිසිස්)
*Seth (සෙත්)
*Anubis (ඇනියුබිස්)
*Astarte (ඇස්ටාටේ)
*Anat (ඇනට්)
*Ra (රා)

මම මෙහෙම ලැයිස්තුවක් හදලා එක එක දෙවියන් ගැන විස්තර කරන්නයි හැදුවෙ. නමුත් ලිපිය ලියලා ඉවර කරන්න කළින් සබ් එක ආවා. ඒ නිසා මං මේ චරිත වලට රඟපාන චරිත ටික විතරක් කියලා ඉක්මණට මේක ඉවරයක් කරන්නම්. 😀 . හතෝර් විදිහට Élodie Yung ද, ඔසයිරිස් විදිහට Bryan Brown ද, නෙෆ්තිස් විදිහට Emma Booth ද, තොත් විදිහට Chadwick Boseman (දැන් හැමෝම දන්න විදිහට බ්ලැක් පැන්තර්), හෝරස් විදිහට Nikolaj Coster-Waldau ද, සායා විදිහට Courtney Eaton ද, අර්ශු විදිහට Rufus Sewell ද, සෙත් විදිහට Gerard Butler ද, බෙක් විදිහට Brenton Thwaites ද, රා විදිහට Geoffrey Rushද මේ සිනමාපටයේ රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව බලමු.

ඊජිප්තුවේ දැනට ඉන්න රජතුමා තමා ඔසයිරස් කියන දෙවියා. ඉතින් එතුමා දැන් වයස නිසා එයාගෙ පාලනය එයාගෙ පුතා වෙන හෝරස් කියන දෙවියන්ට දෙන්න තීරණය කරනවා. ඉතින් ඔන්න මේ හෝරස්ව ඔටුනු පළඳන දිනය උදා වෙනවා. නමුත් මෙයාට රජකම බාරගන්න ලැබෙන්නෙ නෑ. ඔසයිරස්ගෙ මල්ලි, ඒ කියන්නෙ හෝරස්ගෙ මාමා මෙතනට එනවා. එයාටත් ඕනා මේ රජකම ගන්නයි. ඒ නිසා මෙයා මෙයාගෙ අයියව, ඒ කියන්නෙ ඔසයිරස්ව මරණවා. එතනින් එහාට තමා සෙත් සහ හෝරස් අතර වෛරය පටන් ගන්නෙ. එහෙනම් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා බලන්න ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් තව සබ් එකකින් හම්බවෙනකම් බයිස්කෝප් එක හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!

ප.ලි. : ඊයේ රෑ නිදි මරාගෙන Web එක Br ඒකට සින්ක් කරලා දුන්න හසා අයියට ගොඩක් පින් කියලත් කියන්න ඕනා. 😀

 

Norm of the North (2016) on IMDb

 

 

952 MB (720p Br) කොපිය මෙතනින් ගන්න

6A6C7E11FF55080B3E2280A425049248B6BF072A

1 GB (720 Br) කොපිය මෙතනින් ගන්න

D83452F1DB2947B59B4B7DB9268701064F90CE24
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>