සුභ නව වසරක් වේවා කියල ප්‍රර්ථනා කරනවා, හා හා පුරා කියල වැඩ ඇල්ලුවා දෙදහස් දහසයට, පහුගිය කොටස් ටික ප්‍රණීත් සහෝදරයා ඔයාලට ලබාදුන්නා, බොහොම ස්තුතියි ප්‍රණීත්. දැන් මාසයක් විතර ගතවෙලා මං හිතන්නේ, හොඳටම පරක්කුයි කියල දන්නවා, කට්ටිය බැනලත් කමෙන්ට් දාල තිබ්බ, සමහර අයට කමෙන්ට් බොක්ස් එක්ක තියන බව මතක් වෙන්නෙත් මෙහෙම දෙයක් උනාමයි. කිසිම ගැටළුවක් නෑ ඒ ගැනනම් හැබැයි, වැරදි-හොඳ, ගුණදොස් සියල්ලම ඉදිරිපත් කරන්නයි කමෙන්ට් බොක්ස් එකක් දීල තියෙන්නේ ඒක පාවිච්චි කරන්න පොඩ්ඩක්, එතකොට උනන්දුවක් ඇතිවෙනවා වැඩ රාජකාරි අස්සේ උනත් කොහොමහරි නිදිමරාගෙන හරි උපසිරැසිය නිම කරන්න, කොහොම උනත් මේ සුමාන දෙක තුන ඇතුලත සියල්ලටම උපසිරසි ලබාදෙන්න කටයුතු කරන්නම්.
හරි එහෙමනම් කතාව ටිකක් මතක් කරගෙන ඉමු, මේ වෙනකොට ජෙසිකා කිල්ග්‍රේව්ගේ නැවත ආගමනය ගැන වැටහීමෙන් ඉන්නේ, ඒ වගේම ලූක් කේජ් එක්ක වෙච්ච ජිංගිබිරිස් ටිකත් දකින්න ඇතිනේ පහුගිය කොටස් වලදී සිදුවෙන අපරාධයකින් පස්සේ ට්‍රිෂ් තම ගුවන්විදුලි වැඩසටහන තුලින් කිල්ග්‍රේව්ට ප්‍රසිද්දියේ දෝෂාරෝපණ එල්ලකරනව, එකෙන් වෙච්ච දේත් දකින්න ඇති ඔයාල, ඒ වගේම සිරගතවෙලා ඉන්න ගැහැණු ළමයා, ජෙසිකා මේ වෙනකොට එයාව මුදවාගන්න පුළුවන් හැම දේම කරනවා, ඒ වගේම ජෙසික එදිනෙදා වැඩරාජකාරී වල නිරතවෙන විට ලබාගත්තු චායාරුප කිල්ග්‍රේව් ගව තිබිල ජෙසිකට හම්බවෙනවා, ඒවා අරන් තියෙන්නෙත් කවුද කියලත් එළිදරව් වෙනවා අන්තිමේදී, ඒ වගේම පෙර මතකයන්ගෙන් ලුක් කේජ්ගේ බිරිද මියගිය හැටිත් අපිට දකින්න ලැබුනා, ඛෝමින්හරි ඔනොන අද තුන්දෙනා එකතුවෙලා දැවැන්ත මෙහෙයුමක් සිද්දකරනව, තුන්දෙනා වෙන්නේ කවුද එතකොට? ට්‍රිෂ්, ජෙසිකා එතකොට අනිත් කෙනා ? මොකක්ද මේ මෙහෙයුම.. ඉක්මනට නැවත මුණගැහෙමු, ජය.
- ප.ලි: ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
- HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.
502 downloads