Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Scorpion [S02 : E13] with Sinhala Subtitles |රුදුරු හිම කතර [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Scorpion SE2

පසුගිය කතාවෙන් පස්සේ සමාධි අක්කට තමා කතාව බාරවුනේ. ඒත් එයාට කාර්යබහුල නිසා මේ කතාවත් මට කරන්න ලැබුනා. කමෙන්ට් එකක් කියවද්දී තමා මට මීටර් වුනේ ස්කෝපියන් එන්න තියෙනවා නේද කියලා. කතාව මම නොකරන නිසා තමයි ගානක් නැතුව හිටියේ. කතාව ප්‍රමාද වුනේත් ඒ නිසා. ඒත් සමාධි අක්කට වැඩේ ලේසියෙන් කරගන්න තල්ලුවක් දෙන්නත් එක්කලා තමයි මම බාරගත්තේ. ඒත් ලබන සතියේ ඉඳන් සති අන්තයේ සමාධි අක්කා සුපුරුදු පරිදි කතාවට උපසිරැසි ලබා දේවි. :)

 
පසුගිය සතියේදී නත්තල් දවස්වල කුණාටුවක් නිසා වේල්ලක් බිඳිලා ගමක් විනාස වෙන්න යන එක, මොලකාරයෝ කණ්ඩායම එකතුවෙලා විසඳුවා කියලා මතක ඇති. ඒ වගේම තමයි මේ වැඩේදී හැපීට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්නත් සිදුවුනා කියලා ඔයාලට මතක ඇති. අද කතාවේදී නම් මාතෘකාවේ දීලා තියෙන විදියටම හිමේ යන සිදුවීමක් තමයි තියෙන්නේ. මෙයාලා යන්නේ දක්ශිණ ධ්‍රැවයට. ඒකට හේතුව තමයි ඇමරිකානු විශේෂ බලකා භට පිරිසක් මෙහෙයුමකට ගිහිල්ලා සතුරු හමුදා කණ්ඩායමක් නිසා එක තැනකින් එලියට පැනගන්න බැරි විදියට හිරවෙනවා. මේ නිසා මෙයාලවට එලියට ගන්න නම් සැලසුමට අනුව ඩ්‍රෝන යානාවක් අවශ්‍ය වෙනවා. නමුත් ඩ්‍රෝන යානාවන් පාලනය කරන්න උපකාර වෙන සැටලයිට් එකේ දෝශයක් නිසා ඩ්‍රෝන යානා යවලා හමුදා භටයින් බේරගන්න හැකියාවක් ඇත්තේ නෑ. මේ ගැටලුව නිරාකරණය කරගෙන විසඳන්න තමයි ස්කෝපියන් කණ්ඩායම දක්ශිණ ධ්‍රැවයට යන්නේ. හැමදාම වගේ මෙයාලට මේ ප්‍රශ්ණය විසඳන්න ගියාට පස්සේ තවත් ලොකු ලොකු ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
 
අපි බලමු නේද කතාවෙන් මොනවායින් මොනවා වේවිද කියලා.  එහෙනං මීලඟ කතාවෙන් සති අන්තයේදී හමුවෙන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා.
 

ආයු -බෝ -වේවා !!!

Scorpion (2014) on IMDb

 

 

210 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

633DC3CA7554A48CC77AB76D8AA40D13B56789A2

304 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

65ACBA1FE2CD89F72855CC7DEF7FA33B5214F7B0
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>