මේක තමයි මගේ පළවෙනි උපසිරස ගැන්වීම.ඒක හින්දා ගොඩක් වැරදි ඇති. මමත් ගොඩක් කට්ටිය වගේම සිංහල උපසිරස බාගත්තේ බයිස්කෝප් එකෙන්. ඉතින් මමත් හිතුවා උපසිරසක් කරන්න ඕනි කියලා. ඒකට මම මුලින්ම තෝරගත්තේ 2016යේ නිකුත් වෙච්ච Lego scooby doo haunted hollywood කියන චිත්‍රපටිය. එහෙනම් කතාව පැත්තට හැරෙමු.
ගොඩක් කට්ටිය කැමතියිනේ ස්කූබී ඩූ චිත්‍රපටිවලට. ඒවගේම ලෙගෝ චිත්‍රපටිවලටත්. ඉතින් මේ කතාව පටන් ගන්නේ මුහුදු රාක්ෂයෙක්ව අල්ලන්න යන තැනකින්. ඉතින් එතනදී හැමදාම වගේ ඇමවල් වෙන්නේ ෂැගීයි ස්කූබියි. මේගොල්ලෝ ඉතින් හැමදාම ඇමවල් වෙන්නේ ස්කූබි විස්කෝතු හින්දානේ. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ ස්කූබී විස්කෝතු කෑම අතහරිනවා. ඒත් ඉතින් මේගොල්ලෝන්ට කෑම නොකා ඉන්න බෑනේ. ඉතින් මේගොල්ලෝ කඩේකට ගිහින් බනිස් කාලා හොලිවුඩ් වලට සංචාරයක් දිනාගන්නවා. මුලින්ම යන්නේ බ්‍රික්ටන් ස්ටුඩියෝ එකට. ඉතින් එහෙට යද්දී එහේ ඔලුව නැති අශ්වාරෝහකයෙකුයි, මමීයකුයි, පිල්
1595 downloads