Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Return to Sender (2015) with Sinhala Subtitles |ප්‍රේමයට මුවාවී පැමිනි බාඳුරාවක පලිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Return to Sender (2015)

ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි,

කාලක ඉඳන් බයිස්කෝප් වෙබ් අඩවියේ චිත්‍රපට බලපු මට හිතුනා සබ්ටයිට්ල් එකක් කරන්න. ඔන්න ඒ උත්සහාය මල් ඵල ගන්වමින් මගේ පලමු සබ්ටයිට්ල් නිර්මාණය තමයි මේ. මුලින්ම වින්දනාත්මක සිනමා පට වගේම රූපවාහිනී මාලා නාටක අප වෙත දෙන බයිස්කෝප් වෙබ් අඩවිය ආරම්බ කරන්න යෙදුනු සහ පවත්වාගෙන යන සියලුම සහෝදර සහෝදරියන්ට හදපිරි ස්තූතිය පුදකර සිටිනවා. ආසාවට පටන්ගත්තට මොකද වැඩේ හිතපු තරම් ලේසි වුනේ නෑ.කොහොමහරි ඔන්න ලස්සනට වැඩේ අවසන් කරල තියෙනවා. 2015 දී  නිකුත්  වුන මේ සිනමා පටය Thriller ගනයට අයත් වන එකක්. යාලුවො බලල තියෙනව නේද 2014 දී නිකුත් වුනු Gone girl චිත්‍රපටය. ඒකෙ ප්‍රධාන චරිතයට පන පොවන නිලිය Rosamund Pike  තමයි මේකෙත් ඉන්නෙ.

කතාව ගැන කිව්වොත්, මිරැන්ඩා වේල්ස් කියන්නෙ කුඩා නගරයක රෝහලක නර්ස් කෙනෙක්.මෙයා ගතකරන තනිකඩ ජීවිතේට පිලියමක් විදිහට සහකරුවෙක් හොයනවා. ඉතින් දවසක් යාලුවෙක්ගෙ මාර්ගයෙන් අඳුන ගත්ත කෙනෙක් මෙයාව බලන්න එනවා.ඒ එන කෙනාව මිරැන්ඩා මීට  කලින් දැකලා නෑ. ඉතින්… මිරැන්ඩට එයාව හම්බවුනාද?…  එදා සිදු වන අනපේක්ෂිත සිදුවීමකට පස්සෙ මිරැන්ඩගේ ජීවිතේ සම්පූර්නයෙන්ම වෙනස් වෙනවා. එයාගෙ ජීවිතේ අමාරු වෙනවා. පස්සෙ එයා කෙනෙක් එක්ක  එක්ක සම්බන්දයක් හදා ගන්නවා… ඒ කෙනා ඒ කියන්නෙ විලියම්, එයා ඒ වෙනකොට ඉන්නෙ හිරේ, මිරැන්ඩා විලියම්ව බලන්න හිරේට යනවා. විලියම් නිදහස් වුනාම මොකද වෙන්නෙ?  දෙන්න එකතු වෙයිද නැත්නම්…. මේක මොන විදිහෙ සම්බන්දයක්ද? මේ සම්බන්දයට මිරැන්ඩගේ තාත්තා කැමති වෙයිද? අවසානයේ මොකද වෙන්නෙ? මේව දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. කතාවෙ අන්තිම ටික ටිකක් සැලකිල්ලෙන් බලන්න ඕනා. ටිකක් වෙනස් විදිහෙ අවසානයක් තියෙන්නෙ.

අප සමග ගැටෙන ස්පර්ෂ වන අප සමග කටයුතු කරන චරිත වල සැබෑ ස්වරූපය අපි හිතන් ඉන්නවට වඩා කොතරම් වෙනස් වෙන්න පුලුවන්ද… සුන්දරත්වය පිටුපස කොතරම් අද්භූත බවක් තියන්න පුලුවන්ද.. සුදු මූනයි හුරතලයයි හරි අවදානම් කියනවනේ… හැමෝටම බලන්න ආරාධනා කරමින්… තවත් උපසිරැසියකින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් මම නවතිනවා…

ඔයාලට ජය!!

 

 

 

The Wrestler (2008) on IMDb

 

 

750 MB (BluRay 720p) කොපිය මෙතනින් බාගන්න

1F66ACEB81104B0BD1C2D885947ED436F2DEF69C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>