අද ඔන්න අරගෙන ආවා ගෝතම් දෙවන කතා සමයේ අන්තිම කතාව. මං ඊයෙම දෙන්න හිටියෙ එපිය, මොකද ඊයේ මට විශේෂ දවසක් නිසා. කොහොම වුණත් ඊයෙම දෙන්න බැරි වුණා. :/ අද කතාවෙත් හුඟක් දේවල් වෙනවා. ගිය සතියෙ මතකනෙ මොකද වුණේ කියලා. ෆිෂ් මූනිට පණ එනවා, ස්ට්‍රේන්ජ් බෲස්වයි ලුසියස්වයි ගෝඩ්න්වයි අල්ලගන්නවා, අන්තිමට ගෝඩ්න් වගේ තව කෙනෙක්ව හදනවා, හුඟක් දේවල් වුණා. දැන් ඉතින් අද කතාව පටන් ගන්නෙ එතන ඉඳන්. ගෝඩ්න් ආපු නැති නිසා බුලොක් ප්‍රහාරක බලඇණිය යවනවා ආකම් එකට. හැබැයි මෙයාලා ආකම් ඒකට ඇතුල් වෙන්න හදනකොටම ගෝඩ්න් එනවා එළියට, නිකම්ම නෙවෙයි. කිසිම අවුලක් නෑ, කට්ටිය ආපහු යමු කියාගෙන. ඒත් ඉතින් මේ ඉන්නෙ ඇත්ත ගෝඩ්න් නෙවෙයි කියලා පොලීසියෙ කිසිම කෙනෙක් දන්නෙ නෑ. හැබැයි මොනා වුණත් මේ අළුත් ගෝඩ්න් මාර ෆන් පොර. පරණ ගෝඩ්න්ගෙ මුරණ්ඩු ගති කිසි දෙයක් නෑ. මේ ගෝඩ්න් දිගටම හිටියා නම් ගෝතම් ප්‍රේක්ෂකයින්ට හොඳට හිනා වෙන්න තිබුණා. ඒ අතරෙ දැන් ස්ට්‍රේන්ජ්ට අණ ලැබිලා තියෙන්නෙ ඉන්දියන් හිල් එක පුපුරවන්න කියලා. දැන් සති දෙකක් වුණත් මට මේ වෙස් මූණු කණ්ඩායම කවුද කියලා කියන්න බැරි වුණානේ. මේ වෙස් මූණු කණ්ඩායම පෙන්නන්න අරගෙන දැන් සති තුනක් වුණත් තාම ඒ රහස් කවුන්සිලයේ නම එපියෙ කොතනකවත් කිවුවෙ නෑ. හැබැයි ඉතින් හොඳටම පැහැදිළියි මේ ඉන්නෙ කෝට් ඔෆ් අවුල්ස් (Court of Owls) කියලා. සිංහලෙන් කියනවා නම් බකමූණු අධිකරණය. අපි දැන් හොඳටම දන්නවනෙ මොකද මේ කෝට් ඔෆ් අවුල්ස් එකට ස්ට්‍රේන්ජ් මේ මිනිස්සුන්ට පණ දෙන වැඩේ හුඟාක් වටින්නෙ කියලා. ඔව් කෝට් ඔෆ් අවුල්ස් ඒකෙ ඉන්න සොල්දාදුවන් හුඟක් ඒ විදිහට පණ දීපු අයනෙ. ඒ සොල්දාදුවන්ට කියන්නෙ ටැලොන්ස් (Talons) කියලා. මං හිතන්නෙ මේ කෝට් ඔෆ් අවුල් එක ඒ වැඩේට තමා මේ පණ දෙන පරීක්ෂණය ස්ට්‍රේන්ජ් ලව්වා කරවන්නෙ. බොහෝ දුරට තුන්වෙනි සීසන් ඒකෙ ඒ සම්බන්ධ දෙයක් තියෙයි. තුන් වෙනි සීසන් එකේ හොඳ සටන් ටිකක් බලාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. තව අන්තිම ප්‍රශ්නෙ තමා කවුද අන්තිමට ඉන්න අර බෲස් වගේ අනිත් කෙනා.??? හැමෝටම අන්තිමට ඉතුරු වෙන ලොකුම ප්‍රශ්නෙ ඒක. ගති ගුණ අතින් වුණත් බෲස්ට කිසිම වෙනසක් නෑ කියලයි පේන්නෙ. මෙයා කවුද කියලා දැනගන්න වෙන්නෙ ඉතින් ලබන සැප්තැම්බර් මාසෙ දිහාවට තමා.
ගිය සතියෙ තේරවිල්ලට උත්තරේ වෙන්නෙ 10. මෙන්න මෙහෙමයි උත්තරේ ගන්නෙ.
1+9+8=1
ONE + NINE + EIGHT = ONE
2+8+9 = ?
TWO + EIGHT + NINE = TEN
එහෙනම් උත්තරේ හම්බුනානේ. කීප දෙනෙක් උත්තරේ දීලා තිබුණා.
ගිය සැප්තැම්බර් මාසෙ ඉඳලා මේ සීසන් එක කරගෙන එනකොට උදව් වෙච්ච හැමෝටම අද ස්තූතියි කියලා කියනවා. හසා අයියා තමා මේකෙ මුල් සීසන් එක කළේ. ඉතින් වැඩ වැඩි නිසා මේ සීසන් ඒකෙ අන්තිමට මටත් හසා අයියා කියපු එක කියන්න වෙනවා. තුන්වෙනි සීසන් එකේදි බොහෝ දුරට මං එන එකක් නෑ. දැන් වැඩ නිසා ටීවී සීරියස් වෙනුවෙන් වෙලාව වෙන් කරන්න අමාරුයි. ඒ නිසා ඔයාලට ෆිල්ම් විතරක් අරගෙන එන්න තීරණය කළා මේ සමහර එපි වලදි හදිස්සියේ කලාම සබ් චෙක් කරලා නිර්මාණි අක්කා උදව් කළා. ඒ වගේම එපි කීපයකම ලයින් එහෙම පිටින්ම කරලා දීලා හසා අයියත් ලොකු උදව්වක් වුණා. හසා අයියට ගොඩක්ම ස්තූති වෙනවා මාව විශ්වාස කරලා මේ සීසන් එක මට බාර දුන්නට. ඉතින් ඒ විශ්වාසය මං රකින්න ඇති කියලා හිතනවා. සමහර එපි වල අනිවාර්යයෙන් අඩුපාඩු තියෙන්නෙ ඇති, මං පිළිගන්නවා. ඊළඟ සීසන් එක මට වඩා හොඳ උපසිරසි කරුවෙක් ඔයාලට අරගෙන එයි කියලා හිතනවා. දුකයි තමා අර ලස්සන, සුකුමාල, හුරු බුහුටි සෙලීනා කෙල්ලව <3 දාලා යන්න, ඒත් ඉතින් මොකක් කරන්නද…එහෙනම් ගෝතම් වලින් පූසා කැපුනා. බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ HEVC පිටපත් වලට ගැළපේ.
1760 downloads