කොහොමෙන් කොහොම හරි අපි දැන් Flash කතා මාලාවේ 2වැනි Season එකේ අවසානයටත් ආවා. ගොඩක් අය මේ කතාව බලන්න දැන් ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒ ආසාව නිසාම හැමදාමත් සයිට් එකෙන් දුන්න සබ් එක බාගත්ත, මාව දිරිමත් කරන්න වගේම මට බැනලත් කමෙන්ට් දාපු වගේම කමෙන්ට් නොදාපු හැමෝටම ගොඩක් ස්තුතියි මෙච්චර කාලයක් මාත් එක්ක වගේම සයිට් එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියාට. එහෙනම් අවසානය බලන්න කලින් අපි කලින් සතියේ මොකක්ද වුනේ කියලා මතක් කරගමු.
සූම්ගේ යටතේ ඉන්න මෙටා මිනිස්සු මේ වෙද්දි ස්ටාර් සිටි එක විනාශ කරන්න පටන්ගෙන. මිනිස්සු දැන් ගොඩක් බයේ ජීවත් වෙන්නේ. ඉතින් මේ හැම මෙටා මිනිසෙක්ම නවත්වන්න ෆ්ලෑෂ් ගොඩක් මහන්සි වෙනවා. ඔය අතරේ විශේෂ මෙටා කෙනෙක් ඇවිත් මර්කරි ලැබ් එකට පහර දීලා ඒක බිම දානවා. බෙරීට පින්සිද්ධ වෙන්න එතන හිටපු අය නම් නොමැරී බේරෙනවා. මෙයාලට මේ කවුද කියන එක ලොකු ප්රශ්නයක්. ඒ වගේම ඒකෙ හිටපු ඩොක්ටර් මැක්ගීත් මෙයාලට උදව් වෙන්න ස්ටාර් ලැබ් එකට එනවා.
ඔය අතරේ වොලි වීරයෙක් වෙන්න හදනවා. මොකද ෆ්ලෑෂ්ට හැම දෙයක්ම තනියම කරන්න බෑ කියලා. හැබැයි ඉතින් ජෝ නොහිටින්න තව ටිකෙන් වොලි මෙටා මිනිහෙක්ගෙන් මැරුම් කනවා. ඒ වගේම දැන් බෙරී දේවල් ගැන හිතන විදිය ගොඩක් වෙනස් වෙලා. එයා හැම දෙයක් ගැනම සුභවාදි විදියටයි හිතන්නේ. මේක ගැන නම් අනිත් අයට එච්චර හොද ආකල්පයක් නෙවෙයි තියෙන්නේ. මොකද ඒකෙන් බෙරීට ලොකු කරදරයක් වෙන්න පුලුවන් නිසා. ඔය අතරේ සූම්ව මුණගැහෙන්න බෙරී යනවා. එතකොට සූම් කියන්නේ අමුතු කතාවක්. එයා කියන විදියට බෙරියි එයයි මුල ඉදන්ම එක වගේලු. එයාලා දෙන්නම පොඩි කාලයේ ඉදන් එකම විදියට හැදිලලු මේ තැනට ආවේ. ඉතින් එයා බෙරීට කියනවා එයා කොහොමත් මේ තරගයෙන් දිණිනවා කියලා. මේ වෙලාවේ තමයි තවත් බිල්ඩිමක් කඩාගෙන වැටෙන්න යන්නේ. ඒ තැනට බෙරී ඉක්මනින් යනවා. ඒ වෙලාවේ එයා දැක්ක දේ හිතාගන්නත් බැරි වෙනවා. ඒ පහර දෙන කෙනා වෙන කවුරුත් නෙවෙයි ලෝරල්. ඇත්තටම එයා දෙවැනි ලෝකයේ ලෝරල් ලාන්ස් වගේ කෙනයි. එයාට තීව්ර තරංග නිකුත් කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා එයා එයාට කියාගන්නේ බ්ලැක් සයිරන් කියලයි. ඒ දෙන්නා අතර ඒ වෙලාවේ සටනක් යනවා. හැබැයි බ්ලැක් සයිරන්ගේ ශබ්දය නිසා බෙරී මැරෙන්න ඔන්න මෙන්න ඉන්නේ. ඒ තැනට වොලි ආව නිසා බෙරී නොමැරි ජිවත් වෙනවා.
ඒ වගේම කේට්ලන් සුම්ගෙන් බේරිලා ස්ටාර් ලැබ් එකට ඇවිත්. හැමෝටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වුනාට එයාට හැත තැනම සුම්ව පෙනිලා බය වෙලයි ඉන්නේ. කොහොම හරි මෙයාලා දෙවැනි ලෝකයෙන් ආපු හැම මෙටා කෙනෙක්ම විද්යුත් තරංගයක් යවලා සිහි නැතිකරවන්නයි හදන්නේ. හැබැයි ඒ වෙද්දි සයිරන් බිල්ඩිමක් විනාශ කරන්න යනවා. ඒ තැනට සිස්කොයි කේට්ලනුයි වයිබුයි කිලර් ෆ්රොස්ටුයි වගේ වෙස්වලාගෙන ගිහින් එයාව පරක්කු කරවනවා. ඔය අතරේ වෙල්ස් අර විද්යුත් තරංගය යවලා දෙවැනි ලෝකයේ හැම මෙටා කෙනෙක්ම සිහිය නැති කරනවා. ඒ වෙලාවේ වෙල්ස්ටත් ඒ තරංගය වැදිලා සිහිය නැති වෙනවා. ඒ වගේම සූම් මේ ලෝකයෙන් පැනලා යනවා. හැම අපරාධකාරයෙක්ම අල්ලාගන්න බෙරීට පුලුවන් වෙනවා.මේ සිද්ධියෙන් පස්සේ කට්ටියට වැඩිය වැඩ නැති නිසා මෙයාලා ජෝගෙ ගෙදර පාටියක් දානවා. දැන් සූම් අනිත් ලෝකයේන නිසා මෙයාලා ගොඩක් සතුටු වෙනවා පවුලක් විදියට. ඒ වෙලාවේ කවුරුවත් නොහිතපු විදියට සූම් එතනට එනවා. ඇවිත් මේ අයට තර්ජනය කරලා බෙරීගෙ තාත්තා පැහැරගෙන යනවා. බෙරිත් සූම් පස්සේ යනවා. අන්තිමේට ඒ දෙන්නා බෙරීගේ පරණ ගෙදරට ගිහිනුයි නවතින්නේ. ඒ වෙලාවේ බෙරීව තමන් විදියට දරුණු කෙනෙක් කරන්න කියලා සූම් බෙරීගේ තාත්තා මරලා දානවා.
ඉතින් සීසන් එකේ අන්තිම කොටස විදිය මේ කොටසේදි මොන වගේ දෙයක් වේවිද? බෙරීට සූම්ව පරද්දන්න පුලුවන් වෙයිද? නැත්නම් මොනවායින් මොනවා වෙයිද කියලා මේ කොටසින් බලාගමු.. . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
ප.ලි – Flash කතාවට තියෙන ප්රසිද්ධිය නිසාම The CW ආයතනය මේ කතාවේ ඊලග සීසන් එකත් කරන්න හිතාගෙන ඉන්නවාලු. හැබැයි ඉතින් හරියටම ඒක කියන්න තවම කල් වැඩියි. මොකද මේ සිසන් එක ඉවර වුනා විතරයිනේ. ඒ වුනාට පොඩි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න.. . . ^_^
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ HEVC පිටපත් වලට ගැළපේ
14280 downloads
<< Previous Episode All Episodes Next Season>>