කොහොමෙන් කොහොම හරි අපි දැන් Arrow කතා මාලාවේ 4වැනි Season එකේ අවසානයටත් ආවා. ගොඩක් අය මේ කතාව බලන්න දැන් ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒ ආසාව නිසාම හැමදාමත් සයිට් එකෙන් දුන්න සබ් එක බාගත්ත, මාව දිරිමත් කරන්න වගේම මට බැනලත් කමෙන්ට් දාපු වගේම කමෙන්ට් නොදාපු හැමෝටම ගොඩක් ස්තුතියි මෙච්චර කාලයක් මාත් එක්ක වගේම සයිට් එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියාට. එහෙනම් අවසානය බලන්න කලින් අපි කලින් සතියේ මොකක්ද වුනේ කියලා මතක් කරගමු.
රුබිකන් එක පාවිච්චි කරලා නිකුත් කරපු න්‍යෂ්ටික මිසයිල එකක් හැරෙන්න අනිත් එක්වා නවත්වන්න ඇරෝ ටිම් එකට පුලුවන් වුනා. හැබැයි ඒ පිපිරුණ න්‍යෂ්ටික මිසයිලය නිසා මැරුණ අයගේ ආත්මයන්වල උදව්වෙන් දැන් ඩේමියන් හිටියටත් වඩා ගොඩක් බලවත් වෙලා. ඒ වගේම රුබිකන් එක නවත්වන්න ෆෙලසිටියි එයාගේ තාත්තයි ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඩේමියන් සෙල්ඩන් කියන හැකර්ව උදව් ගන්නවා.
ඔය අතරේ ඔලිවර් තියාව හොයාගන්න හදනවා. ඒ වෙලාවේ තියා ෆෙලසිටි මැසේජ් එකක් එවනවා. ඒක මාර්ගයෙන් මෙයාලට තියා ඉන්න තැන හොයාගන්න පුලුවන් වෙනවා. හැබැයි ඔලිවර්ටයි ඩිගල්ටයි මේක විශ්වාස කරන්න බැරි දෙයක් වෙනවා. මොකද පොළව ඇතුලේ වෙනමම ලෝකයක් වගේ ඒක තියෙන්නේ. ඉතින් මෙයාලා එතන තියාව හොයනවා. ඒ වගේම එයාලට තියාව හම්බවෙනවා. හැබැයි තියා ඉන්නේ හොද සිහියෙන් නම් නෙවෙයි. එයාට අර කහපාට පෙත්තක් පොවලා වෙනස් කරලා ඉන්නේ. ඒ නිසා එයා ඇරෝටත් පහර දෙනවා. මේ සිද්ධිය නිසා ඔලිවර්වයි ඩිගල්වයි දැක්ක තැන අල්ලාගන්න කියලා පණිවිඩයකුත් එතන ඉන්න මිනිස්සුන්ට දෙනවා.
ඔය අතරේ ලොනී ආයෙමත් වැඩ පෙන්වන්න පටන්ගෙන. එයා රුවේ ඉන්න ප්‍රධාන මැදිරියට පහර දෙනවා. එයා කියන්නේ නම් මේ තැන සම්පුර්ණයෙන්ම විනාශ කරනවා කියලයි. ඉතින් අහින්සක මිනිස්සු මැරෙන්න දෙන්න බැරි නිසා ඔලිවර් එයාව නවත්වන්න යනවා. හැබැයි ඉතින් අන්තිමේට වෙන්නේ ඒ තැන සම්පුර්ණයෙන් පිපිරිලා විනාශ වෙන එකයි. ඒ වගේම රුවේ ඒ වෙලාවේ මැරෙනවා. මේ හැමදේම නිසා ඩේමියන්ගේ සැලසුම් ඔක්කොම විනාශ වෙනවා. හැබැයි අන්තිමේට එයා තිරණයක් අරගෙන වගේ. එයා ෆෙලසිටිව හොයාගෙන එනවා.. .
ඉතින් ඩේමියන් ෆෙලසිටි මුණගැනේන ඇවිත් මොකක්ද කරන්න හදන්නේ? ඔලිවර්ට ඩේමියන් නවත්වන්න පුලුවන් වෙයිද? නැත්නම් ඩේමියන්ගේ බලය තවත් වැඩි වෙයිද? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලන්න.. . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
ප.ලි – Arrow කතාවට තියෙන ප්‍රසිද්ධිය නිසාම The CW ආයතනය මේ කතාවේ ඊලග සීසන් එකත් කරන්න හිතාගෙන ඉන්නවාලු. හැබැයි ඉතින් හරියටම ඒක කියන්න තවම කල් වැඩියි. මොකද මේ සිසන් එක ඉවර වුනා විතරයිනේ. ඒ වුනාට පොඩි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න.. . . ^_^
1100 downloads
<< Previous Episodes All Episodes Next Episode >>