ඔන්න එහෙනම් වෙසක් නිවාඩුව අල්ලලා සබ් එකක් කරන්න හිතුනා.ඇත්තටම කියනවානම්.මේ ෆිල්ම් එක මට අහම්බෙන් හම්බුනේ.ටිකක් බලනකොට මේකට සබ් එක හදන්න හිතුවා.ඉතින් සටිට් එකට මේල් එකක් දැම්මට පස්සේ.වෙනදනම් හසන්ත අයියා.හරි රොයිලි අයියා හරි සමීර අයියා හරි තමයි රිප්ලයි කරන්නේ.ඒත් එදා දාපු මේල් එකට රිප්ලයි කරේ අපි කවුරැත් හෙදින් අදුරන….මේ දවස්වල “සිවිල් වර්” ෆිල්ම් එක බලලා කැප්ටන් ඇමරිකා වෙලා ඉන්න “ විමා”.පේන විදිහට විමාට උසස්වීමක් දීලා වගේ ඔන්න එහෙනම් විමාට සුබපතන්නත් මම මේක අවස්තාවක් කරගන්නවා.එහෙනම් වැඩි විස්තර ඔනි නැහැ.ෆිල්ම් එක පැත්තට යමු.
තොම්සන් පවුල කියන්නේ නගරේ ඉන්න දනවත් පවුලක්.ඉතින් මේ දෙන්න කොහේහරි යනවනම්.එයාලගේ ළමයි බලාගන්න නැනී කෙනෙක්ට දීලා තමයි යන්නෙ.සුපුරැදු පරිදි හැමදාම මෙයාලාගේ ලමයි බලාගන්නෙ මැගී කියලා කෙනෙක්. ඉතින් මිස්ට &මිසිස් තෝමස් එයාලගේ 13න් වෙනි විවාහ සංවත්සරය සමරන්න එලියට යන්න තීරනය කරනවා.ඉතින් සුපුරැදු පරිදි ළමයිව බලාගන්න මැගීට කියනවා…ඒත් මැගීට හදිසි වැඩක් නිසා එයා එයාගේ හොදම යාළුවා ඇනාව ළමයි බලාගන්න එවනවා.ඇනා ආට පස්සේ තොතම්සන්ලා ගෙදරින් යනවා.ඉතින් ටික වෙලාවක් සාමන්‍යය විදිහටම ගෙවෙනවා….ඒත් රෑවෙන්න රෑවෙන්න ඇනා වෙනස්වෙන්න ගන්නවා.මිසිස් තොම්සන් ළමයින්ට කරන්න දෙන්න එපා කියපු හැම දෙයක්ම වගේ එයා ළමයින්ට කරන්න දෙනවා…රෑවෙන්න රෑවෙන්න ඇනාගේ හැසිරීම ගොඩක් වෙනස් වෙනවා…එයා ළමයින්ට ඒක එක විදිහට හිරිහැර කරන්න ගන්නවා….
තොම්සන් පවුලේ ලොකුම ළමයා ජේකබ්ට ඇනා ගැන සැක හිතෙනවා.එයා ඇනාගේ බෑග් එක චෙක්කරලා බලනකොට ඒයාගේ නම ඇනා නෙමෙයි එමලී කියලා හොයාගන්නවා…ඔය අතර හොදම යාළුවා ඇනාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත්තේ ඇයි කියලා බලන්න.මෑගිත් ඒ ගෙදරට එනවා….එතනින් එහාට කතාව කිවුවොත් වැඩක් නැහැ. ඔයාලම බලන්නකෝ…
ඒ වගේම තව දෙයක් කියන්න ඔනි.අද සමාජයේ පවතින කාර්්‍යය බහුලත්වය නිසා.ගොඩක් දෙමවුපියෝ තමන්ගේ ළමයින්ව වෙනත් අයිට බලාගන්න දීලා යනවා…ඉතින් ඒ වගේ අයට මේ චිත්‍රපටිය ගොඩාක් ආදර්ෂමත් චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්…ඒ වගේ දේමවුපියේ මේක අනිවාර්යෙන්ම බලන්න ඔනි කියලා මම හිතනවා.එහෙනම්..මම යනවා
…….තවත් උපසිරසියකින් හම්බවෙමු…….
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා ගැළපේ.
87 downloads